ලියන්න හිතන් හිටපු මාසයේ වල් කතාව කලින් වතාවේ පස්සට කල් ගියා ඒත් අදනම් ආවේ ඒකත් ඔන්න ඔහේ ලියලා දාන්න කියලා.දැන් කාලේ හැම දේකටම වගේම වාණිජකරණයටත් මුල් වෙච්ච දෙයක් තමා සෙක්ස් කියන්නේ.ඒකනේ දයියා කිය කියා කැරකෙන්නත් කොට ගවුකමක් ඇඳන් ඉන්න අක්කා කෙනෙක්ව ගන්නකොට තෙල් ගහන එකෙක් හාමිනේගේ කොටුවටත් බෙහෙත් විදින්න හදන්නේ. එතකොට සිනමා කර්මාන්තයටත් සෙක්ස් කොහොමත් සම්බන්දයිනේ ඒකනේ කුවේණිට රෝස පාට ටයිට් ෂෝටක් අන්දවලා යටින් කැමරා කරේ ඒ මදිවට අපේ අයියලා අන්තිමට ටයිට් ෂෝට් එලියට එව්වේ තවත් එඩිට් කරලා(ලු) ඒත් සමහරු නම් සෙක්ස් වැඩියෙන් ඔබන්න ගිහින් අක්ෂරය වගේ සම්බාව්‍ය චිත්‍රපටි තහනම් කරගත්තා ඒත් එකේ ඇති සෙක්ස් කෑල්ලකුත් නැහැ.ඊටත් පස්සේ ලංකාවේ චිත්‍රපටියකට බරම ගානක් වියදම් කරලා සුපර් සෙක්ස් හැදුවා.එතකොට සංගීත පැත්තටත් සෙක්ස් නිකන්ම ඇතුල් වෙලා තියෙන්නේ ඒවා ජනප්‍රිය කරගන්න ඕන නිසා.ෆේස් බුක් එකේ වුනත් අර ලොගින් පේජ් එකේ
මිනිස්සු ටික යා කරාම සෙක්ස් කියන වචනේ හැදෙන හැටි ඔයාලා දැකලා ඇති.
මේ මොන මාර්ගයෙන් සෙක්ස් ආවත් අපේ අයියලා අක්කලා මල්ලිලා ඇන්ටිලා අංකල්ලා වගේ අය ඕවා පුදුම ආසාවකින් වැළද ගන්නේ ඒත් මමයි ලංකාවේ නංගිලයි ඕවාට වැඩිය නැහැනේ.යටින් කොමන්ට් කරද්දී මේ උඩ මම ලියපු ටික ගැනත් විශේෂයෙන්ම මතක් කරලා ඔබේ අදහස් කොමන්ට් කරන්න ඕන හරිද.
ටෙලිවිෂන් ඇඩ් වලටයි,සිනමාවටයි,මියුසික් විෂුවල් වලටයි,ෆේස් බුකියටයි ඇතුල් වුන සෙක්ස් ක්‍රිකට් වලට ඇතුල් වෙන්න බැරිද?.මොකද බැරි ඔය අයි.පි.එල් එකේදී අක්කලා කට්ටියක් අර කුවේණිගේ වගේ රෝස පාට මෙව්වා ඇදන් එකසිය ගානට උඩ පැන පැන දෙකට නැමීගෙන නටන්නේ කියලා කට්ටියකට හිතෙන්න පුළුවන්.ඒත් මම අද කියන්න යන්නේ ක්‍රිකට් පිටිය ඇතුලටත් සෙක්ස් ඇතුල් වෙලා තියෙන හැටි.
එක්තරා පත්තරයක කතෘ ඊළඟ සතියේ මුද්‍රණය කෙරෙන විශේෂාංගයකට ඇතුල් කරන්න ක්‍රිකට් ක්‍රීඩාව ගැන තරුණ තරුණියන්ගේ අදහස් ලියාගෙන එන්න කියලා එම පත්තරේ වැඩ කරන වාර්තා කාරයෙක්ට පැවරුවා ඉතින් මේ වාර්තාකරුත් පහුවෙනිදා උදෙන්ම ගියා ගල්කිස්සේ මුහුදු වෙරළට මොකද තරුණ තරුණියෝ වැඩි පිරිසක් ඔය හරියේ ගැවසෙන නිසා.
මෙයා දැක්කලු අම්බානක ලෙස කපල් කපල් කුඩ වලින් වහගෙන මොනවද කකා ඉන්නවා ඉතින් මෙයා මෙහෙම මොනවද කකා ඉන්න දෙන්නෙක් ගාවට ගිහින් කුඩේට තට්ටු කරා
වාර්තාකරු : (ටොක් ටොක්) එක්ස්කියුස්මි
ඇතුලේ හිටපු කපල් එක මොනවද කෑම නතර කරලා මෙයාගෙන් ඇහුවා ඇයි කියලා,
වාර්තාකරු: මම අනංගයා පත්තරෙන් මට දැනගන්න ඕන ක්‍රිකට් ගැන ඔයාලගේ තියෙන හැගීම් ගැන?
එතකොට අර කපල් එකේ කෙල්ල කිව්වලු
මම ක්‍රිකට් වලට කැමතිම නැහැ මෙයා මොකද එකේ දෙන්නෙක් දෙපැත්තේ ඉඳලා ගහනවනේ ඒකට මම කැමති නැහැ.
කෙල්ල එහෙම කියද්දී කපල් එකේ කොල්ලා කියනවලු
අනික දෙන්නෙක් දෙපැත්තෙන් ගහද්දි රටම ඕක බලාගෙන ඉන්නවනේ ඒක එච්චර ඒක එච්චර උචිත නැහැ නේද?
වාර්තාකරුට ටිකක් පුදුමයි ලැබුණ අදහස් ගැන ඉතින් එයා ඒක ලියාගත්ත
පෙම් කරන අය දෙන්නෙක් දෙපැත්තෙ ඉදගෙන ගහන ඒවාට අකැමති නිසා ක්‍රිකට් වලටත් කැමැත්තක් නැහැ කියලා.
ලියාගෙන ඉවර වෙලා කපල් එකට කිව්වා
ඒක ඇත්තටම සදාචාරාත්මයට පටහැනියි සම්මතයට පටහැනියි අසම්මතයි හරි බොහොම ස්තුතියි
කැරි ඔන් කැරි ඔන්
වාර්තාකරු ගියා ඊලග කපල් එක ගාවට
ඒ කුඩයටත් දැම්මා තට්ටුව (ටොක් ටොක් )
ඒ දෙන්නත් මොනවද කකා හිටපු එක නතරකරලා කුඩේ අයින් කරා
ඒත් ඒ කපල් එක දැක්ක ගමන් වාර්තාකරු අම්මට උඩු කියලා කියවුනා එක පාරට
ඒ මොකද දන්නවද ඒ කුඩේ යට හිටියේ ගේ අයියලා දෙන්නෙක් මුන් දෙන්නව දැකලා වාර්තා කරුට මැජික් වගේ.
වාර්තාකරු එහෙම කියද්දී ගෑනු වොයිස් එකකින් ඒ කපල් එකේ කෙල්ල වගේ හිටිය එකා
මේ මොන මඟුලක්ද මේ..?
වාර්තාකරු : අනේ සමාවෙන්න මම අනංගයා පත්තරෙන් මම ක්‍රිකට් ගැන තරුණ තරුණියන්ගේ අදහස් ගැන රිසර්ච් එකක් කරනවා මට දැනගන්න පුලුවන්ද ක්‍රිකට් ගැන ඔබේ අදහස?
කපල් එකේ කෙල්ල වගේ එකා: අනේ මේ මමනම් ඔය ක්‍රිකට් වලට කැමතිම නැහැ.
වාර්තාකරු: ඒ මොකද ඒ?
කපල් එකේ කෙල්ල වගේ එකා:ඒගොල්ලෝ බොලේ දාන්න කලින් කෙල ගානවනේ ඒක නිසා මම ක්‍රිකට් වලට ආස නැහැ
අනික ඉතින් ඒගොල්ලෝ බෝලේ දාන්න කලින් බෝලේ කෙලවර නියපොත්තෙන් හූරනවනේ මම ඒවටත් කැමති නැහැ මෙයා.
හරි මම ඒක ලියන්නම් බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට
එහෙම කියලා වාර්තා කරු ටිකක් ඈතට ගිහින් ලියාගත්තලු දාන්න කලින් කෙළ ගාන නිසා සමහර තරුණියෝ ක්‍රිකට් වලට කැමති නැහැ කියලා.
ඒකත් ලියාගෙන මෙයා ගියා කුඩයක් යට තනියම ඉදන් ඉන්න අක්කා කෙනෙක් ගාවට එයා තනියම හිටියේ සමහරවිට එයාගේ මොනවද කන්න හිටපු අයියා අයිස්ක්‍රීම් ගේන්න හරි සුළු දිය අඩස්සියක් හැදිලා ඒකට ගිහින් හරි නිසා වෙන්න පුළුවන්.
මෙයා ඒ අක්කගෙනුත් අර කලින් විදියටම ඇහුව.
අනේ මේ අක්කා නම් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කිව්වා ක්‍රිකට් වලට කැමතියි කියලා.
අනේ අපේ වාර්තකරුටත් දැන් ටිකක් හැපී මොකද එක කෙල්ලෙක් හරි ඉන්නවනේ ක්‍රිකට් වලට කැමති.
වාර්තාකරු: එහෙනම් නංගි ඔයා ආසම කරන ක්‍රිකටර් කව්ද?
තනි අක්කා: ගොඩා.....ක් ඉන්නවා අනේ (ලැජ්ජාවෙන්)
වාර්තාකරු: ඔයා බ්‍රයන් ලාරාට ආසද?
තනි අක්කා: එයා වැරෙන් පහර දෙනවා මම එයාට ආස නැහැ අනේ
වාර්තා කරු: එතකොට ඔයා මුත්තයියා මුරලිදරන්ට ආසයිද?
තනි අක්කා: ආසයි ඒත් එයා පන්දුව දඟ කවනවා වැඩියිනේ
වාර්තාකරු: මේ... නංගි
ඔයා මොනවද හිතන්නේ ඉන්දියාවේ ඉන්න ගංගුලි ගැන?
තනි අක්කා: අපෝ එයා අල්ල අල්ල ඉන්නවා විතරයි ගහන්නේ නැහැනේ.
වාර්තාකරු: එතකොට නංගි...
අක්තාර් ගැන මොනවද හිතන්නේ?
තනි අක්කා: අපෝ එයාත් දානවට වඩා දමලා ගහනවනේ අනික එයා දාන්නෙම ඇදේට එයාට නම් ඒක කවදාවත් හදාගන්න වෙන්නේ නැහැ.
වාර්තාකරු: එතකොට ඔයා මොකද හිතන්නේ ලෝකප්‍රසිද්ද සනත් ජයසූරිය ගැන?
තනි අක්කා: අනේ....(ඇද.....ලා) මං ආසම එයාට
මං එයාගේ වැඩියෙන්ම කැමති හුක් ෂොට් එකට
බැක් ෂොට් එකටත් කැමතියි...(ටිකක් ලැජ්ජාවෙන් හිමින්)
වාර්තාකරු : එතකොට සහිඩ් අෆ්රිඩි ගැන මොකද හිතෙන්නේ?
තනි අක්කා: එයා අනේ වෙලාවකට ආවේශ වෙලා වගේ ගහගෙන ගහගෙන ගහගෙන යනවනේ එයාගේ ගැහිල්ලට සමහරු හරි ඉරිසියයි එයාලට එහෙම ගහන්න බැහැ කියලා.
වාර්තාකරු:මට අහන්න තියෙන අන්තිම ප්‍රශ්නේ.
කමන්නැද්ද ඇහුවට?
තනි අක්කා: ඔලුව වනයි
වාර්තාකරු : මැක් ග්රාත්ගේ බෝලේ ගැන මොකද හිතෙන්නේ?
තනි අක්කා: එයා නම් ඉතින් හොදයි ඒ වුනාට එයා හයක් දැම්මොත් තුනක් දාන්නේ කකුලටනේ අනිත් තුන නම් මෙලෝ රහක් නැහැ වෙලාවකට ඒවා පන නැහැ.ඒ වුනාට එයාගේ බෝලේ හොදයි.
තනි අක්කට ස්තුති කරමින් එතනින් පිටත් වුන වාර්තාකරු ඒ ටික ලියාගත්තේ
තනි ගැහැණුන් ක්‍රිකට් ගැන හිතන්නෙත් පිරිමින් ගැන හිතන විදියට නමුත් ක්‍රිකට් වලට කැමතියි කියලා.
No comments:
Post a Comment