නිය රටා මවනවා
අප අතරේ වූ කතා
රැය පුරා උණුහුමේ
මල් පෙති තලාසයනයත් නිදනවා
මේ රැය අපගේ වූ නිසා
ආදරයෙන් නග්න වූ
හිමිකම් සොයා ….
මල් පෙති තලා සයනය නිදන්නේ ඇයි කියලා තමා මමත් දෙලොවක අතර අතරම්න් වෙලා හිතන්න ගත්තේ.
සින්දුව ලස්සන ආදර බර දුක රැදුනු සංගීතයකින් මුසු වෙලා තිබුන නිසා මම ගොඩාක් ආසවෙන් අහන්න සැරසුනා. උනුසුම් උදයක සුවදින් ගත පිපිදී ගිය කියල “සනුක සරාගයේ” කියද්දිම මගේ ගත මෙන් මනසද පිපිද ගියේ මේකේ මේ තියන තේරුම හිතට දැනුන නිසා කියලා මට වැටහෙන්න ගියේ තත්පර කිහිපයක් කියලා හිතුවට ඒ වෙද්දිත් සනුක අවසන් පද පේලිය තමා ගායනය කරමින් හිටියේ. කතා ඇති අපි ආයෙත් අහමු එහෙනම්.
මම දන්නේ නෑ කවුරුන්ද මේ ගීතය ලියුවේ ඒ වගේම මේක ඇත්තටම සිදුවුන දෙයක්ද කියලා.
මට දැනුනේ
රාත්‍රී සදයක්දී හෝ කොහෙදී හරි මේ සින්දුවේ කතාව අයිති පිරිමි ළමයාට ගැහැණු ලමයෙක් (ගැහනියෙක් කියලා කියමු අපි), කොහොම වෙතත් මේ කතාවේ අයිති කරුගේ හැකියාව මත මේ අදාල ගැහැනිය සයනය කරා ගෙන යාමට දක්ශ වෙනවා. ඉතින් මේ කොල්ලා ඒ රැය ඔවුන්ගේ කරගනිමින් උණුසුම විදින්නේ ආදරයට එහා ගිය ඒ සරාගී හැගුම් තුරුල් කරගනිමින්. කෙසේ වෙතත් ඒ රාත්‍රියේ සිදුවිය යුතු සියල්ල සිදුවන්නේ කතාවේ අයිති කරුගේ ඒ සයනය තුල ඔහුට කල හැකි ක්‍රීඩාවේ දක්ශ කම් මගින් ඒ ගැහැනියගේ නිය පාරවල් පිට පුරා මතක සටහන් තබන අයුරිනි. (ඇයි පිට සීරුනේ කියලා කියලා දෙන්න ඕනේ නෑ කියලා මම හිතන්වා)
ඉතින් රැය පහන් කරන්නේ සයනයේ අතිරිලි විසුරවා ලමින් ඇයද ඔහුද වෙහෙස කරමිනි, අනේ ඉතින් කියලා මේ සයනය තුල සිදුවූ සියල්ල නිසා කතාවේ අයිති කරුට නින්ද යන්නේ ඔහුටත් නොදැනිම තමා.
කෙසේ වෙතත් මේ සෙල්ලක්කරයා නිදන්නේ මේ කාන්තවට කිව නොහැකි තරමේ ආදරයක් හිතේ තදකරගෙන. සතුටින් උදෑසන ඔහු ප්‍රබෝදමත්ව අවදි වන්නේ ඇද ඇතිරිලි ඔහුවටා ඔතා ගනිමිනි මොකද ඔහුත් නොදැනම ඔහුව තනිකර ඇය නිදි පැදුරටත් නොකියා ගොස් ඇති බැවිනි. වට පිට බලන ඔහු දකින්නේ කාමරය පුරා තැනින් තැන ඇති ඔහුගේ ඇදුම් පමනී. බෙරිහන් දී නොකීවත් ඒ මොහොතේ ඔහුගේ සිත තුල මැවෙන පෙරදින රාත්‍රියේ සිදුවූ සියල්ල බොද්වී රිදුම් දෙන විදිහ ඔහු දුම් වැටියක් දල්වා තනිවී සිතන්නේ ඇගේ තොරතුරුය.
හිත කම්පා කරමින් මතකයන් අදුරු කරමින් සිදු වූ සියල්ල සිතන විට ඔහු ලග මතකයට ඇත්තේ ඇය ඔහුගේ පිටෙහි තබා ගොස් තිබූ ඒ නිය පහරවල් ටික පමනී. සෙල්ලක් කාරයෙක් වුවත් සැබැවින්ම ආදරය කල ඔහු අගක් මුලක් නොදන්නා ඇගේ නම සොයන්න වෙහෙසෙන්නේ කෙසේද කියා ඔහුට නොවැහැටෙන විට ඔහු නිය පහරවල් වලින් වූ තුවාල පිරිමදිමින් පෙරදින සිදුවූ සියල්ල සිහිකරන්නේ ඇගේ නම කොහෙදී හෝ කිනම් මොහොතක ඔහු හට මුමුනා සිටියේද කියාය.
සනුක ආදර බර විදිහට ගීතය ගායනා කරන විට රූප රචනය නොතිබූවද ඉරාජ්ගේ ගිණියම් රැය රූප රචනාවට වඩා අගන්නේය




