කාන්තාවන්ගෙ සුන්නත් කිරීම/චර්ම ඡේදනය/Female Genital Mutilation ( කාන්තාරයේ කුසුම කියවා නැති අයට විශේෂයි )
කාන්තවන්ගේ සුන්නත් කිරීම එහෙමත් නැතිනම් චර්ම ඡේදනය සම්බන්ධ කරගෙන එකිනෙකාට අපහාස කර ගැනීම් කිහිපයක් දක්නට තිබුනි, මෙය ම්ලේච්ච ක්රියාවක් වන නමුත් එයට ලක්වුවන්ට පහර ගැසීමට හෝ අපහාස කිරීමට එය භාවිතා නොකල යුතුය. මෙම ක්රියාව ඒ තරම් ම අමානුශික ක්රියාවකි. කිසිවෙකුත් ඉපදෙන විට රටවල් ආගම් ජාතීන් තෝරා ඉපදෙන්නේ නැත, ඔවුන්ගේ ඉරනම අනුව එකිනෙකා විවිධ රටවල් විවිධ ජාතීන් විවිධ ආගම් තුල ඉපදේ,මේ නිසා ඔවුන්ට අනුගමනය කරන්නට වෙන, හෝ ඔවුන් ගොදුරු වන දේවල් භාවිතා කර අපහාස කිරීම නොහොබිනා ක්රියාවකි.උඩ කෑල්ල කපලා දැයි, කොන කපලා දැයි අහන පුද්ගලයින්ද මෙම රටවල් වල මෙම ජාතීන් වල මෙම ආගම් වල ඉපදුනා නම් ගොදුරු වන්නේ මේ ඉරනමටමය.එම ක්රියා විවේචනය කිරීම එකකි, ඒවාට ලක්වූ පුද්ගලයින් විවේචනය කිරීම තවකෙකි, මේ දෙකේ වෙනස තේරුම් ගත යුතුය . කෙසේ වෙතත් මෙම කාන්තාවන්ගේ චර්ම ඡේදනය පිලිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත, මෙය ජීවිත කාලයම විඳවීමට සිදුවන සිද්ධියකි . චර්ම ඡේදනය පිලිබඳව අදහසක් ලබදීමට වරිස් ඩයිරිගේ ඩෙසර්ට් ෆ්ලවර්(Desert Flower) නම් ස්වය්ං චරිතාපදාන්යේ සිංහල පරිවර්තනයෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ
‘අහිකුන්ඨක ගැහැනියත් අපත් අතර කිසියම් හෝ කතා බහක් නොවීය. ගැහැනිය කෙලින්ම කටයුත්තට බැස්සාය. අනතුරුව ඇය මගේ පිටුපස හිඳ මගේ හිස ඇයගේ(වාරිස් ගේ මව ) පපුවට හේත්තු කර ගත්තාය. මගේ දෙ අත්වලින් මම අම්මගේ දෙකලව තදින් හිරකොට අල්ල ගතිමි. අම්මා තරමක ලී කැබැල්ලක් මගේ දත් ඇඳි අතර තබා එය තදින් විකා ගන්න ලෙස කීවාය..
“මේක හරි වේදනාවයි නේද ?” දත් ඇඳි දෙකෙන් විකාගෙන සිටින ලී කැබැල්ල තුළින් මම මිමිනුවෙමි.මට ඔය අල්ලගෙන බෑ.. “හොඳ මැණික වගේ දඟලන්නේ නැතුව ඉන්නකෝ..ඕක විනාඩියෙන් ඉවරයි”.අහිකුන්ඨක ගැහැනිය බ්ලෙඩ් තල කැබැල්ලක් අතට ගත්තාය.බ්ලේඩ් තල කැබැල්ල මත තිබූ ලේ පැල්ලම් මම දුටුවෙමි.එකවරම ඇය බ්ලෙඩ් තල කැබැල්ලට කෙල පහරක් ගසා ය ඇඳිවතේ පිරිමදින අතර, මගේ ලෝක්යට අඳුර එක් කරමින් මගේ දෙනෙත් වැසී යන සේ රෙදි කැබැල්ලක් තැබූ අම්මා එහි කෙලවරවල් දෙක මගේ හිස පිටුපසට තබා හිර කොට බැඳ දැමුවාය.
එකෙනෙහිම මගේ යෝනියේ යම් කොටස් කැපී යනු මට දැනෙන්නට විය.ඊලඟට මගේ යෝනි චර්මය මත ඒ මේ අත දිව යන බ්ලේඩ් තල කැබැල්ලේ හඬ මට ඇසෙන්නට විය. ඒ සිද්ධිය මතකයට එන හැම අවස්ථාවකම එවැනි දෙයක් මට සිදුවූවා යැයි මට ම අදහාගන්නට නොහැකිය ඇත්තෙන්ම මගේ අත්දැකීම විස්තර කරන්නට මේ ලෝකයේ භාශාවක් නැත.මෙය ඔබගේ කලවෙන් මස් කැබැල්ලක් කපා වෙන් කරනවා හෝ අතාක් කපා දමන විට හෝ දැනෙන වේදනාව වැනි යැයි හඳුන්වන්නට හැකි නමුදු, ස්ත්රී යෝනිය යනු ගැහැනිය ගේ ඉතාමත් සංවේදී කොටසක් බැව් අමතක නොකල යුතුය.දඟලන්නට ගියහොත් වේදනාව දෙගුන තෙගුන වන හෙයින් ගලක් මෙන් මම නොසෙල්වී සිටියෙමි.එහෙත් අවාසනාවකට මෙන් කිසියම් ශාරීරික දුර්වලතාවක් හේතුකොට ගෙන පාලයන කල නොහැකි ආකාරයට මගේ දෙපා ගැහෙන්නට විය.මෙය ඉක්මනින් අහවර වන්නට කියා මා දෙවියන්ට යාඥා කළ අටර මට මුත්රා පහව යන්නට විය.
ඒ වනවිට මෙම කටයුත්ත අහවර වී ඇතැයි සිතූ මා මගේ දෙනෙත් බැඳ තිබූ රෙදි කැබැල්ල ඉවත්කර දෙනෙත් හැර බැලූ කල දුටුවේ මහත් වේදනාකාරී කොටස පටන්ගෙන ඇති බවය.අහිකුන්ඨක ගැහැනිය ආකාසියා ගසකින් කපාගත් උල්වූ කටු රැසක් පරික්ශා කරන බව මම දුටුවෙමි,කටුවකින් මගේ යෝනී චර්මය සිදුරු කල ඇය,ඝන සුදු නූලකින් යෝනියේ වූ අවයව කපා දැමූ ස්ථාන මසන්නට පටන් ගත්තාය,මගේ දෙපා පණ නැතිව ගොස් තිබූ අතර, දරා ගන්නට නොහැකි වේදනාවක් මට දැනෙන්නට වූ අතර හිස පාත් කොට බැලූ කල දුටුවේ අහිකුන්ඨක ගැහැනිය මගේ යෝනි චර්මය මසන අයුරුය. ඒ මොහොතේ යම් සාමකාමී බවක් දැනෙන්නට වූ අතර, තවදුරටත් බියක් හෝ කනගාටුවක් නොවීය.එතැන් සිට කුමක් සිදුවූවා දැයි මට මතක නැත.දෙනෙත් හැර බැලු කල අහිකුන්ඨක ගැහැනිය පෙනෙන්නට නො සිටියාය.ඔවුන් මගේ දෙපා එකිනෙකට තබා උඩ සිට පහලට රෙදි වලින් වෙලා ගොස් සිටි බැවින් මට හෙළවෙන්නටවත් නොහැකි විය.
සියලුම වේදනාවන් අහවර යයි සිතා සිටියත් වැඩියෙන් වතුර හෝ කිරි හෝ බොන්නට එපා කියමින් අම්මා විසින් කරන ලද අනතුරු හැඟවීමේ අරුත කුමක් දැයි මුත්‍රා කරන්නට ගිය විට මම හොඳින් තේරුම් ගතිමි.මුත්‍රා කිරිමට අවශ්ය වී තිබුනෙන් මම අමාන්ට (වාරිස්ගේ වැඩිමහල් සොහොයුරිය ) කතා කලෙමි.මුත්‍රා කිරීමට අවශ්ය ව ඇති බව අමාන්ට පැවසූ විට අමාන්ගේ මුහුණෙහි ඉරියව්වලින් එහි බැරෑරුම්කම මම තෙරුම් ගතිමි.වැල්ලේ කුඩා වලක් හෑරු ඇය මා එතැනට රෝල් කලේය අනතුරුව ඇය මෙසේ කීවාය "ආ දැන් ඉතින් කරන දෙයක් කරන්න". පළමුවැනි මුත්‍රා බිංදුව පිට වීමත් සමඟ ඇසිඩ් වැනි දෙයකින් මෑඅ චර්මය පිච්චී යන්නා වැනි මහත් වේදනාඅක් දැනෙන්නට විය. අහිකුන්ඨක ගැහැනිය මගේ යෝනියේ වූ අවයව කපා මසා දැමීමෙන් පසුව මුත්‍රා කිරීමට සහ ඔසොප් වීමේදී රුධිරය ගලා යන්නට ගිනි කූරක තරම විෂ්කම්භය ඇති කුඩා සිදුරු දෙකක් පමනක් ඉතිරි කර තිබුණි’.
මෙසෙ කිරිමෙන් අනතුරුව සති ගණනක් දෙපා බැඳගෙන කැලෑවට වී සිටිය යුතු බවත් ඒ කාලය තුල බොහෝ ලමුන් ආසාධන වලින් මිය යන බවත් සඳහන් වේ.
එසේම මෙම කුඩා සිදුරු දෙකක් පමනක් ඉතිරි කිරිම නිසා ඇයට ජීවිත කාලය පුරා (නැවත ශල්යකර්මය සිදු කරන තෙක්) මුත්‍රා කිරීමේදි( එක වරකට මුත්‍රා පිට කිරීමට විනාඩි 10 -15ත් අතර කාලයක් ගතවේ ) සහ මාස් ශුද්ධියේදී මුහුන පෑමට සිදුවූ වේදනාවන් මෙම ග්රන්ථයේ විවිධ ස්ථාන වල සඳහන් වේ.

