එතකොට රාගය... අන්න ඒකත් තියෙනවා...
හැබැයි..,
ආදරයයි රාගයයි අතරෙ කිසිම බැදීමක් නෑලු...
පිවිතුරු ආදරේ තියෙන තැන කාමයට, රාගයට කිසිම ඉඩක් නෑලු...
ඒ කියන්න තමන් ආදරේ කරණ කෙල්ල වෙනුවෙන් බොක්කෙනම පරම පිවිතුරු ප්‍රේමයක් තියෙනවනම් ඒ කෙල්ල ගැන රාගික හැගීමක්... එන්නම බෑ....
බෑ කියන්නෙ බෑමයි.....
පරම පිවිතුරු ආදරේ ගැන අම්බානෙක දන්න කට්ටියනෙ ඔය කියන්නෙ...
මමනං නෙවෙයි... ...
එහෙම වෙන්නනම් අපේ ආදරේ මාර පොහොසත් වෙන්න ඕනෙලු... දෙකයි පනහෙ හිඟන ආදරේකට එහෙම බෑලු... උන්ට තමයිලු තමන්ගෙ පෙම්වතිය ගැන අරම අදහස් පහල වෙන්නෙ....
මගේ හිත් වහලටනං මම දාල තියෙන්නෙ දුප්පත් උළු... මොකද.. ආදරේ ෂීට් දාල වහන්න තරම් මගේ ආදරේ පොහොසත් නැති නිසා...... ෂීට් වගේ නෙවෙයි... උළුවලින් හිරිකඩ වදිනවා ඇතුලට...
එයා වැස්සක් වගේ හිත් වහලට කඩාගෙන වැටෙනකොට අර දුප්පත් ආදරඋලු අස්සෙන් වහල යටි හැංගිලා තියෙන යටලීයට හිරිකඩ වදිනවා....
වැස්ස එන්නෙ ඉතිං ඕනෙ එකක් තෙමන්න බලාගෙනනෙ... ... හැමදාම වහින්නෙත් නෑ...
ඉතිං යට ලීය තෙමෙනවවා...
එහෙම වෙලා තියෙන්නෙ අර ආදරේ අස්සට රාගයට රිංගන්න නොදෙන හොද ආදර ශීට් හිත් වහලට දාන්න තරම් මම පොහොසත් නැති නිසා.....
දාල තියෙන්නෙ දුප්පත් උළු...
ඒක නිසා ඇතුලට වතුර කාන්දු වෙනවා...
ආදරේ අස්සට රාගය ලීක් වෙනවා.. එයා වැස්සක් වෙලා එනකොට...
එතකොට යටලීය.. ??
" යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ "
අහල ඇතිනෙ ඔය සිංදුව.. යටලීයෙන් නාරිලතා මල් පූදිනවා කියන්නෙ... සිංහලෙන්ම කියනවනං පිරිමියෙක් සයං වින්දනේ යෙදෙන එකක් ගැන....
ඉතිං මල් පිපෙන්න තෙතමනය තිබුනොත් තමයි....
යටලීය තෙමිලා....
ටික වෙලාවකින් මලුත් පිපේවි....
බලං ගියාම මගේ ආදරේ පට්ට පජාතයි... හිගනයි තුච්චයි.... ඔයාලගෙ එහෙම නෑනෙ... ??
බෙල්ල ගහල යන්න තේරුම කියල දානවට වඩා මෙහෙම කියන එක හොදයි කියල හිතුනා... පෝට් එකක් විදියටම දැම්මෙ කමෙන්ට් එකකට දිග වැඩියි වගේ නිසා....
මේකත් තේරෙන්නෙ නැතිනං අනේ මං දන්නෙ නෑ... අමුවෙන්ම දාන්නම් මම කැමති නෑ... එහෙම කට්ටියට ඊයකින් තේරුම එවන්නං...
ඒත් ඉතිං එච්චරම බබාල ඉන්නවද..... ?? ඔබා නං බබා නොවෙන හින්ද පටගාල තේරුනා.... :D
හැබැයි කෙල්ලොන්ට නං බෑ.... ආ.. මේක කෙල්ලොන්ට බලන්න තහනං කරානෙ මම... වෙලාවට කතන්දරගෙන් ඕක ඉගන ගත්තෙ... නැත්තං කෙල්ලො ඕව බලල කිසිම කෙල්ලෙක් මට කැමති නැති වෙනවා....
කෙලොන්ගෙ තෙම්මෙන්න යටලී තියෙන එකක්යැ.... ඒව ගැන ප්ස්සෙ ලියන්නංකො...
අන්තිමට කියමු බලන්න කැමතිනං
දැන් ඔය කියවපු කට්ටියගෙ වහලෙ තියෙන්නෙ ශීට්ද...?? දුප්පත් උළුද.... ??
කවදාවත් යටලීය තෙමිලම නැද්ද..... කිවුවෙ නැතත් කමක් නෑ....
No comments:
Post a Comment