Saturday, December 30, 2017

හඳ එළිය

හඳ එළිය



  හඳ පායලා. ලස්සනට ද කියන්න නම් තේරෙන්නෙ නෑ. හඳ එළියට උනත්, වෙන මොන මගුලට උනත් අර්ථ කථනයක් දෙන්න කලින් හොඳට හිතන්න ඕන. නැත්නම් ඒක සාධාරණ වෙන්නෙ නෑ. ඒ කියන්නෙ හැම අවස්ථාවකටම ගැලපෙන්නෙ නෑ. ඔය දේ ඉගෙන ගන්න මට කොච්චර නම් දේවල් වලට මූණ දෙන්න උනා ද කියලා දන්නේ මම නේ. ඉතින් ඕක අමතක කරන්න පුලුවනැයි..? 


  ම්ම් අද නම් වෙනදට වැඩිය එළිය වැඩියි. යෝන්ට් නම් කියයි හඳ එළිය ෆුල් සෙක්සි කියලා. කොකා කෝලා බෝතලයක් වගේ කෙල්ලෙක්ගෙ හැඩ වැඩ හැම දේකින් ම මතු කරලා අරගෙන සන්සන්දනය කරන එකත් එකෝමත් එක පට්ට ටැලන්ට් එකක් කියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි. අපේ ස්කීම් එකේ මගේ බැල්කනි එකට වැටෙන මේ හඳ එළිය ම තව කොහේ කොහේට නම් වැටෙනව ඇත්ද? ඈ?
  
  හඳ එළිය ගැන කොච්චර කවි, සින්දු ලියවිලා තියෙනව ද මo අහන්නෙ? එතකොට පෙම්වත්තු කීයක් නම් හඳ එළියෙ පැනලා ගිහින් ඇත්ද? අම්මෝ අනේ ඇත්තට එහෙම හිතන්න ගියොත් මේ හඳ එළිය යට කොච්චර නම් දේවල් වෙනව ද? මට දැන් නම් මතක් වෙන්නෙ දවසක් වැල්ලවත්තෙ ස්ටේෂන් එකේ බoකුවක වාඩි වෙලා ඇගේ අතකුත් අල්ලගෙන "ඇහි පිල්ලමක් යට කොච්චර නම් දේවල් වෙනව ද" කියන එක ගැන ඇගේ වචන වලින් ම කියනවා නම් "දාර්ශනික සොමියක්" ගත්ත හැටි. අනේ ඇත්තට සමහර දේවල් ගැන දිගට දිගට හිතන්න ගියොත් පිස්සු හැදෙන්න උනත් පුලුවන්. මොකෝ මේ ලොකෙ ගොඩක් දේවල් හරියට කොනක් හොයාගන්න අමාරු "ඉටැලියන් ස්පැගටි" එකක් වගේ නෙ. 

  මේ හඳ එළිය ම අපේ පාර්ලිමේන්තුව ඇතුළට වැටෙනවා. එතකොට ඒකෙ ඇතුළෙ ඉන්න කලු බල්ලො පිස්සු වැටිල බුරනවා. කාගන්නවා. ඒ විතරක් ය. මේ හඳ පානෙම මැර ඇමතිලාගෙ පුත්තු නයිට් ක්ලබ් යනවා. ගිහින් රණවිරුවන්ට උත්තමාචාරෙ පුද කරලා පහු වෙනිදා උදෙන් ම ධාතු වඳින්න තියෙන නිසා ඉක්මණට මාරු වෙනවා. ඇයි දෙය්යනේ උපාසකම්මලා පන්සල් යන්නෙ, හාමුදුරුවරු බණ කියන්නෙ, සෙලෙස්තිනා නගාගෙ හිනාව වැලි මලුවට හඳ පෑව්ව වාගේයි කියල හිතෙන්නෙ, දෙගොඩ තලා යන වතුරෙ තරඟ නැගී පෙණ විසිරෙද්දි කලු ගඟේ ඔරු පදින්න හිතෙන්නෙත් මේන් මේ හඳ පානෙ මයි නෙ. 

   පිටකොටුවෙ පහන් කණු යටට වෙලා ගනුදෙනුකාරයෙක් එනකන් බලන් ඉන්න ළැම පමණක් ලොවට පේන චාලට් අක්කලගෙ ජීවිත වලට නැතුවට ඇඟවල් වලට නම් හඳ එළිය වැටිලා ඇති. උන්ගේ අති උතුම් ස්වාමිවරු ඒ අහල පහළම බ0ගසාල වීදියේ අහු මුලු වල ගුලි වෙලා හඳ පානෙම සූස්ති උරනවා ඇති. එතකොට කැඩිච්ච වෑර්ලස් එෆ්.එම්. චැනල් වලින් තොර තෝන්චියක් නැතුව විචිත්‍ර ධර්ම කතික හාමුදුරුවරු "පොර බණ ටෝක්" උත් දෙනවා ඇති. 


   මගෙ දෙය්යනේ මට වැඩි වෙලාවත් ද? යකඩෝ දැන් නම් එකසිය හැටේ ස්ට්‍රෝන්ග් කෑන් එකක් ගහන එකත් එසේ මෙසේ වැඩක් ය. උද්ධමනෙ ද මොකක් ද එකක් නිසා මොන ලබ්බක් වත් අපිට ඕන විදියකට කරගන්න විදියක් නෑ නෙ. මේවා මතක් වෙන කොට තමයි අර පේන වැලේ වේලෙන්න වනලා තියෙන, අදත් ඇඳපු, හෙටත් අඳින, හිල් දෙකකින් පෝසත් යට ඇඳුම ඇඳන්, කන පැලෙන්න හෙවි මෙටල් රොක් මියුසික් එකක් දාගේන දෙකටැ නැවි නැවී, උඩ පැන පැන නටන්න හිතෙන්නෙ.  

  ඇත්තටම මිනිහෙක් ට පුලුවන් තමන්ගෙ සිතුවිලි වලින් ම මත් වෙන්න, හැඟීමුත් පොඩ්ඩක් තවරගෙන. ඒකට ඇල්කොහොල් ම ඕන නෑ. ඒ වගේම මිනිහෙක්ට තමන්ගෙ සිතුවිලිත් එක්ක ස්වයo වින්දනේ යෙදෙන්නත් පුලුවන්. හරියට මo මේ දැන් කරනවා වගේ. ඒකෙන් ගෑනියෙක් එක්ක නිදාගෙන ලැබෙන සුරතාන්තෙට වඩා වැඩි සතුටක් ලබාගන්නත් පුලුවන්.

   අපොයි අපොයි මo හඳ එළියෙන් පීලි පැනලා ෆුල් දාර්ශනික පැත්තකට ගියා නෙ. හහ් හහ්. ම0 මේ ළඟදි කියෙව්වා පොතක්. "Shanghai Baby" ලියල තියෙන්නෙ  "Wei Hui" කියලා තරුණ චීන කෙල්ලෙක්. ඒක චීන රජය තහනම් කරලා පිටපත් හතලිස්දාහක් පුච්චලත් තියෙනවලු. තම්න් විසින් ම තමන් ව දූෂණය කරගත්තු, අපේ පරම්පරාවෙ ආත්ම වල නිරුවත තමයි ඒකෙන් පෙන්නන්නෙ. ඒකෙ තියෙනව "ෂැන්ග් හයි" නගරෙ ඇළ ඉවුරක හඳ එළියෙ තමන්ගෙ බෙලහීන පෙම්වතා ඉදිරියෙ පෙම්වතී නිරුවතින් නටන අවස්ථාවක්. ඒක ඇත්තටම පට්ට තාත්වික විදියට වචන වලට හරවලා තියෙනවව කතුවරී. 



  දැන් නම් මටත් එහෙම කරන්න හිතිලා තියෙන්නෙ. ඔන්න මේ කතාව කියවන ඔයා මේ පැත්ත බලන්න එපා. මෙතන බෙලහීන පෙම්වතා, යන එන මo නැති, කාත් කවුරුත් නැති රස්තියාදුකාර තාරුණ්‍ය නියෝජනය කරන "මම". එතකොට නිරුවතින් නටන පෙම්වතී, බලපොරොත්තු කඳු ගුලි කරගත්තු අර ඉස්සෙල්ල කියපු රස්තියාදුකාර තාරුණ්‍යෙ ආත්මය හෙවත් "මගේ ආත්මය". ඔන්න දැන් මගේ ඉස්සරහ නිරුවත් වෙච්ච මගේ ආත්මය හඳ එළියෙ හිතෙන් මවා ගත්තු "හෙවි මෙටල් රොක්" සoගීතෙට නටනවා. උඹලට පේනවද? මට නම් පේන්නෙ නෑ. දැනෙනවා විතරයි... 

Sunday, November 26, 2017

සනුකගෙ සරාගය මට දැනුනෙ මෙහෙමයි

නිය රටා මවනවා
අප අතරේ වූ කතා
රැය පුරා උණුහුමේ
මල් පෙති තලා
සයනයත් නිදනවා
මේ රැය අපගේ වූ නිසා
ආදරයෙන් නග්න වූ
හිමිකම් සොයා ….
මල් පෙති තලා සයනය නිදන්නේ ඇයි කියලා තමා මමත් දෙලොවක අතර අතරම්න් වෙලා හිතන්න ගත්තේ.
සින්දුව ලස්සන ආදර බර දුක රැදුනු සංගීතයකින් මුසු වෙලා තිබුන නිසා මම ගොඩාක් ආසවෙන් අහන්න සැරසුනා. උනුසුම් උදයක සුවදින් ගත පිපිදී ගිය කියල “සනුක සරාගයේ” කියද්දිම මගේ ගත මෙන් මනසද පිපිද ගියේ මේකේ මේ තියන තේරුම හිතට දැනුන නිසා කියලා මට වැටහෙන්න ගියේ තත්පර කිහිපයක් කියලා හිතුවට ඒ වෙද්දිත් සනුක අවසන් පද පේලිය තමා ගායනය කරමින් හිටියේ. කතා ඇති අපි ආයෙත් අහමු එහෙනම්.
මම දන්නේ නෑ කවුරුන්ද මේ ගීතය ලියුවේ ඒ වගේම මේක ඇත්තටම සිදුවුන දෙයක්ද කියලා.
මට දැනුනේ
රාත්‍රී සදයක්දී හෝ කොහෙදී හරි මේ සින්දුවේ කතාව අයිති පිරිමි ළමයාට ගැහැණු ලමයෙක් (ගැහනියෙක් කියලා කියමු අපි), කොහොම වෙතත් මේ කතාවේ අයිති කරුගේ හැකියාව මත මේ අදාල ගැහැනිය සයනය කරා ගෙන යාමට දක්ශ වෙනවා. ඉතින් මේ කොල්ලා ඒ රැය ඔවුන්ගේ කරගනිමින් උණුසුම විදින්නේ ආදරයට එහා ගිය ඒ සරාගී හැගුම් තුරුල්  කරගනිමින්. කෙසේ වෙතත් ඒ රාත්‍රියේ සිදුවිය යුතු සියල්ල සිදුවන්නේ කතාවේ අයිති කරුගේ ඒ සයනය තුල ඔහුට කල හැකි ක්‍රීඩාවේ දක්ශ කම් මගින් ඒ ගැහැනියගේ නිය පාරවල් පිට පුරා මතක සටහන් තබන අයුරිනි. (ඇයි පිට සීරුනේ කියලා කියලා දෙන්න ඕනේ නෑ කියලා මම හිතන්වා)
ඉතින් රැය පහන් කරන්නේ සයනයේ අතිරිලි විසුරවා ලමින් ඇයද ඔහුද වෙහෙස කරමිනි, අනේ ඉතින් කියලා මේ සයනය තුල සිදුවූ සියල්ල නිසා කතාවේ අයිති කරුට නින්ද යන්නේ ඔහුටත් නොදැනිම තමා.

කෙසේ වෙතත් මේ සෙල්ලක්කරයා නිදන්නේ මේ කාන්තවට කිව නොහැකි තරමේ ආදරයක් හිතේ තදකරගෙන. සතුටින් උදෑසන ඔහු ප්‍රබෝදමත්ව අවදි  වන්නේ ඇද ඇතිරිලි ඔහුවටා ඔතා ගනිමිනි මොකද ඔහුත් නොදැනම ඔහුව තනිකර ඇය නිදි පැදුරටත් නොකියා ගොස් ඇති බැවිනි. වට පිට බලන ඔහු දකින්නේ කාමරය පුරා තැනින් තැන ඇති ඔහුගේ ඇදුම් පමනී. බෙරිහන් දී නොකීවත් ඒ මොහොතේ ඔහුගේ සිත තුල මැවෙන පෙරදින රාත්‍රියේ සිදුවූ සියල්ල බොද්වී රිදුම් දෙන විදිහ ඔහු දුම් වැටියක් දල්වා තනිවී සිතන්නේ ඇගේ තොරතුරුය.

හිත කම්පා කරමින් මතකයන් අදුරු කරමින් සිදු වූ සියල්ල සිතන විට ඔහු ලග මතකයට ඇත්තේ ඇය ඔහුගේ පිටෙහි තබා ගොස් තිබූ ඒ නිය පහරවල් ටික පමනී. සෙල්ලක් කාරයෙක් වුවත් සැබැවින්ම ආදරය කල ඔහු අගක් මුලක් නොදන්නා ඇගේ නම සොයන්න වෙහෙසෙන්නේ කෙසේද කියා ඔහුට නොවැහැටෙන විට ඔහු නිය පහරවල් වලින් වූ තුවාල පිරිමදිමින් පෙරදින සිදුවූ සියල්ල සිහිකරන්නේ ඇගේ නම කොහෙදී හෝ කිනම් මොහොතක ඔහු හට මුමුනා සිටියේද කියාය.
සනුක ආදර බර විදිහට ගීතය ගායනා කරන විට රූප රචනය නොතිබූවද ඉරාජ්ගේ ගිණියම් රැය රූප රචනාවට වඩා අගන්නේය

Tuesday, July 25, 2017

අනගිම කවිය..

මගේ අනගිම කවිය
ආත්මීය සුසංයොගයකි
අඳුරෙහිම ලියැවුණු
ඇගේ සියුමැලි සිරුර
අනන්‍යවූ බසකින්
අත්‍යන්තවූ සන්තෘෂ්ටියෙන්
කෙඳිරි නඟනා හඬ ඇසිණ
සුස්මනයටද අන්තරයක් නොවීය
එ’හඬ ඇය ගේ දෙතොලින්
ගිලිහි ගිලිහී ඇද හැලෙයි
කිසි දාක හසු කර ගත නොහැකි විය
පත්තිරක ලියා තබනට නොහැකි විය
එ’කව මහද ගැඹුරු පත්ලෙහි
පමණක්ම ලියැවිණ

Friday, June 30, 2017

‘ඉටි කිරෙන්‘ නැහැවූ රැයක්...

අහසෙ සද නැග
අප ඇදට නැග
ඇග උඩට නැග
කිති කවයි ලග  

බිත්ති සතරෙක
මැද එලිය දෙන
ඉටිම පන්දම
සැලෙයි නොබියව  

රැයේ සිසිලට
රස්නෙ පන්දම
නුඹේ රස්නෙට
මගේ සිසිලස

සිරස් බව නැති
ඇදවු පන්දම
දවා ඉටි ටික
හෙලුව කිරි ටික  

නුඹේ දිව රැදි
මගේ පන්දම
දවා කම් ගිණි
හැලුවා කිරි ටික

Friday, May 12, 2017

බොන්න එපා! බොන්න එපා!

වෙන රටවල වැඩිහිටියන්ට Don't drink and drive කියද්දි අපේ රටේ උදේ හවා කියන්නෙ "බොන්නම එපා!" කියල.

බොන්නම එපා කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියන සංකල්පයෙන් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටියන් විසින් වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත සමාජ ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න මොනයම් හෝ ආගමකින් හොඳ නරක ගැන ගහන කළු සුදු ඉරි තමාගෙ ජීවිතයට ඔහේ ආදේශ කරගන්න එක නෙමේ.

"බොන්න එපා..බොන්න එපා.. බොන සල්ලි වලින් අසරණ කාට හරි බිබික්කං අරන් දීපං.. කන්න නැති මනුස්සයෙක්ට හැලප අරන් දීපං"

හැම උත්සවයකදිම, හැම සැමරුමකදිම, හැම විශේෂ දිනයකදිම ගාථාව කියනව වගේ ඕක කියවනව.

අපේ රටේ බොන එකම නරක වැඩක්. නොකල යුතු දෙයක්. පාපයක්..

අපේ රටේ ඊනියා 'හොඳ' මනුස්සයෙක් වෙන්න අරක්කු ටිකක් කටේවත් නොතියන එක මූලික අවශ්‍යතාවයක්.

අපේ සමාජයේ බොහෝමයක් ආකල්ප වගේම ඔය ආකල්පයෙත් මූලය ආගමිකයි. ආගම සම්බන්ධ කරගන්නෙ නැතුව වැසිකිළියටවත් යන්න බැරි මිනිස්සු ආගම සම්බන්ධ කරනොගෙන හොඳ නරක තීරණය කරන්නෙ කොහොමද? ඒකයි ප්‍රශ්නය

ඉතින් අර ආගමෙන් කියල දීල තියෙන.. හොඳ නරකය කියල තමන් හිතන් ඉන්න දේවල් මුලු ජීවිතයටම.. හැමෝගෙම ජීවිත වලට එහෙමම ඇප්ලයි කරල දානවා

ඒ අනුව පදනම් වෙලා මතවාද හදාගන්නව. මිනිස්සු විනිශ්චය කරනවා. කොන් කරනව, හංවඩු ගහනව.

ගොඩක් අයට අනුව බොන උන් නොබොන උන්ගෙ නොබීමේ අයිතියට ගරු කරන්න ඕන. නමුත් නොබොන උන්ට තමන්ගෙ පාඩුවේ බොන උන්ගෙ අයිතියට ගරු කරන්න තරම් හික්මීමක් නැහැ. හැදියාවක් නැහැ.

බොන එක විතරක් නෙමේ, ඕනම දෙයක් සීමාවක් නැතුව.. ලිමිට් එකක් දන්නෙ නැතුව කරනව නම් ඒක නරකයි තමයි. වෙන්න ඕන තමාට සතුටක් හම්බවෙන ඒ මොක හරි වැඩේ සීමාව මොකක්ද කියන එක තීරණය කරගන්න පුළුවන් ජනතාවක් බවට පත් වෙන එක මිසක බොන එකටයි වැසිකිලි යන එකටයි, හැමිනෙන එකටයි, හැම දේකටමයි ආගමික හරි වැරදි ඇප්ලයි කරලා "තිත" තියන්න හදන එක නෙමේ.

ඇත්ත. ජීවිතය විඳින්න බොන්නම ඕන නැහැ තමයි. නමුත් ඒක සමහරුන්ට ජීවිතය විඳින තවත් එක ක්‍රමයක්. වෙනත් කෙනෙක්ට දැනෙන ඒ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ නිදහසට ගරු කරන්න කෙනෙක් තුළ අපි හිතනවට වඩා විනයක් තියෙන්න ඕන

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනව වගේ ඉන්න ටික කාලෙ ජීවිතය විඳින්න එක එක මිනිහා එක එක ක්‍රම හදාගන්නව. ඉඳල හිටල අඩියක් ගහන එක එයින් එකක්.

වෙන කෙනෙක්ගෙ ආතල් එකෙන් තමාට හානියක් නැත්නම්, බලපෑමක් නැත්නම්.. කවුරු හරි තමාට කරදරයක්, හානියක් නොවෙන විදියට උගෙ ආතල් එක ගන්නව නම් අහක ඉන්න කවුරුත් ඒක ගැන වදවෙන්න බණ දෙසන්න ඕන නැහැ.

තමා නොබී ඉද්දි එක එකා ඇවිත් "බීපං බීපං" කියල දෙසන එක වගේම තමයි මනුස්සයෙක් මොකක් හරි සමරන්න හරි මොන හේතුවකට හරි අඩියක්හ ගහන්න හදදදි "බොන්න එපා යකෝ බොන්න එපා යකෝ " කිය කිය කියවන එක

ආයෙම කියන්නම්, නොබොන එකාට නොබොන්න අයිතියක් තියෙනව වගේ තමා. බොන එකාට බොන්නත් අයිතියක් තියෙන්න ඕන කන් කරච්චලයක් නැතුව.

කතාව ඒ තරම්ම සරලයි. බොන්න ඕන උන් නොබොන උන්ට කරදරයක් නොබී බීපං. නොබොන උන් බොන උන්ට බණ දෙසන්නෙ නැතුව තම තමාගෙ ආගමක් දහමක් අදහගෙන ඉඳපල්ල

එච්චරයි. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්

Monday, February 13, 2017

වික්ටෝරියානු ජංගිය,

කඳුලැල්ලක් තෙත්වී ඉන්නම් ඔබ ලැබෙන තුරා...
මනමාලකම් නවතලා... 

සුද්ද සිංහල ඇති බැවින් හිරිඔතප් බිදී නැති කොළඹ හතේ අම්මන්ඩිලා සහ සීලවන්තයන් කියවීමෙන් වලකින්න..  

රොකට් එකක් නැතුව වේලි වේලි ඉන්න වෙලවක රොකට් එකක් ලැබෙනව කියන්නේ අමෘතෙ හම්බුනා වගේ.. හ‍ඳෙන් නෙවෙයි ඊටත් එහා ගිහින් නවතින්නෙ.


වික්ටෝරියනු අම්මගෙ රෙද්දට හැටියටනම් මිනිහ ගෑනියක් බඳිනකම් බලන් ඉන්නෙ අන්න එහෙම...
කඳුලැල්ලක් තෙත්වී ඉන්නම් ඔබ ලැබෙන තුරා...
මනමාලකම් නවතලා....

                                මිනිස්සු බැන්දහම වැඩිපුර වල් කමේ යන්නේ ඇයි කියලා සෑහෙන කාලයක් මට තේරුම් ගන්න බැරිව තිබුන ප්‍රශ්නයක්.. තේරුම්ගන්න බැරිව කියනවට වඩා හැමනිලා හිටියෙ කිව්වොත් හරි. ඒත් ටිකකට කලින් ආපු එක කෝල් ඒකකින් හෙනයක් ගැහුවා වගේ ඒක තේරුනා...

වැටෙන් පැන්න කෙල්ලන්ගේ
ඇසක් ඉඟි උනොත්
ඉගිල්ලෙන සිතිලා ත‍ටු මැවේ...



උබ බැදපු එකක් | එකියක්නම් මේක දැනටමත් තේරිලා ඇති..
 වෙනදට හිතට එන සිතිවිලි වලට ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා පාඩුවේ ඉන්නේ ඒක පට්ට රහ නිසා.. ඒත් මේ ඕවලාරික ජීවිතවල ජීවත් වෙන උබලට කොහෙද එච්චර සැපක්.. ආතල් කුඩු කරන් ලියන්නේ උබලත් ඒක ඔබන්න..

කොහොමින් හෝ ඔබ දැක ගන්නම්..
ඔබෙ ඇසට හොරා,
සංසුන්කමි ඉවසලා...

බැන්දම කොහෙද බං සැනසුමක්.. උබල බදින්නෙනම් සැනසුමක් ගන්න.. කාටද බං ඔය බොරුව දාන්නෙ උබලා.. බදිනවා කියන්නේ පිනට හුකාගන්න දෙන ලයිසන් එකක්. ඉතින් කොහෙද බං නිදහසක්.. ලයිසමේ නීති කැඩුවොත් උබ හිරේ,, මැරෙනකම් පදින්න පුළුවන් එක වාහනයයි..
මොකක්ද කීවේ? උබ බදින්නේ පරම පිවිතුරු ප්‍රේමය නිසා? අනේ නිකා ඉදපං බං.. අපි නොදන්න ප්‍රේමේ.. 
බැදල දරුවෙක් මල්ලෙක් ලැබිල හවසට වැඩ ඇරිල ගෙදර එනකොට කොහොමද ආතල් එක.. ගෙදර ආපු ගමන් ගෙදර උන්දගෙ බර බරේ.. අරක කියයි මේක කියයි.. ඉතින් කොහෙද හුකාගන්න වෙලාවක්.. හොද මූඩ් එකක්? රෑට දෙන්න හැසිරෙන්නෙ නිකන් කෙහෙල් පදුරකුයි එස්ලෝන් බටේකුයි වගේ.. කෝ ඉස්සර තිබ්බ රහ? කෝ ප්‍රේමෙ?


සිනාසෙන්න ඕනෑ
හිත කීරි ගැසේ..
සැනසිල්ල නෑ පෙම්ලොවේ...

උබල එස්ලෝන් බටේ වෙන්නෙත් ඒකි කෙහෙල් පදුර වෙන්නෙත් අන්න අර ජීවන ප්‍රශ්න කියන පුක උඩ..
ඒත් උබෙ හොර ගෑනි , හොර මිනිහා එක්ක ඒ ප්‍රශ්න තියනවද? නෑ එතන තියෙන්නේ ආසාවක් විතරයි.. ප්‍රශ්න නෑ ආතල් එක විතරයි..

සුසුම් හෙලන ගෑනුන්
අවිස්වාසනම්
නෙරිය ලඟ නැවතිලා සිත තැවේ

අපි ජීවත්වෙන මේ වික්ටෝරියානු සන්දර්භය තුල සෘංගාරයට ඉඩක් නෑ.. තියෙන්නේ ප්‍රශ්න විතරයි.. ඔය වික්ටෝරියානු රාමුවෙන් මොකෙක් හරි එලියට පැන්නොත් හැමෝටම ඩෝං යනව.. ඇයි ඒ? උන්ට සදාචාරේ ‍රැකගන්න ඕනෙ නිසා? රෙද්ද තමා..
උන් පුක උඩ දාගෙන කෑ ගහන්නේ උන්ට ඒ ආතල් එක නැති නිසා.. තියෙන්නේ ප්‍රශ්න විතරක්ම නිසා...

කිඳුරන්ගේ ගී වැල්
දුක් බරම තමා
නිස්සාර සංසාරයේ..

හැමෝටම ඕනේ නිදහසේ හුකාගන්න... ආත්ම වල සිරවෙලා තියන ජීවිතය නිදහස් කරගන්න..

මේ වික්ටෝරියානු ජංගිය ගලවලා දානතාක්කල් අපි කාටවත් නිදසහේ හුකාගන්න බෑ..

පොදිබැදගෙන දිවයන්නේ...
මේ දුකම තමා...
සඳගිරට නිර්වානයේ...

- සිංදුව චින්තිගේ....