හඳ එළිය
හඳ එළිය ගැන කොච්චර කවි, සින්දු ලියවිලා තියෙනව ද මo අහන්නෙ? එතකොට පෙම්වත්තු කීයක් නම් හඳ එළියෙ පැනලා ගිහින් ඇත්ද? අම්මෝ අනේ ඇත්තට එහෙම හිතන්න ගියොත් මේ හඳ එළිය යට කොච්චර නම් දේවල් වෙනව ද? මට දැන් නම් මතක් වෙන්නෙ දවසක් වැල්ලවත්තෙ ස්ටේෂන් එකේ බoකුවක වාඩි වෙලා ඇගේ අතකුත් අල්ලගෙන "ඇහි පිල්ලමක් යට කොච්චර නම් දේවල් වෙනව ද" කියන එක ගැන ඇගේ වචන වලින් ම කියනවා නම් "දාර්ශනික සොමියක්" ගත්ත හැටි. අනේ ඇත්තට සමහර දේවල් ගැන දිගට දිගට හිතන්න ගියොත් පිස්සු හැදෙන්න උනත් පුලුවන්. මොකෝ මේ ලොකෙ ගොඩක් දේවල් හරියට කොනක් හොයාගන්න අමාරු "ඉටැලියන් ස්පැගටි" එකක් වගේ නෙ. මේ හඳ එළිය ම අපේ පාර්ලිමේන්තුව ඇතුළට වැටෙනවා. එතකොට ඒකෙ ඇතුළෙ ඉන්න කලු බල්ලො පිස්සු වැටිල බුරනවා. කාගන්නවා. ඒ විතරක් ය. මේ හඳ පානෙම මැර ඇමතිලාගෙ පුත්තු නයිට් ක්ලබ් යනවා. ගිහින් රණවිරුවන්ට උත්තමාචාරෙ පුද කරලා පහු වෙනිදා උදෙන් ම ධාතු වඳින්න තියෙන නිසා ඉක්මණට මාරු වෙනවා. ඇයි දෙය්යනේ උපාසකම්මලා පන්සල් යන්නෙ, හාමුදුරුවරු බණ කියන්නෙ, සෙලෙස්තිනා නගාගෙ හිනාව වැලි මලුවට හඳ පෑව්ව වාගේයි කියල හිතෙන්නෙ, දෙගොඩ තලා යන වතුරෙ තරඟ නැගී පෙණ විසිරෙද්දි කලු ගඟේ ඔරු පදින්න හිතෙන්නෙත් මේන් මේ හඳ පානෙ මයි නෙ.
පිටකොටුවෙ පහන් කණු යටට වෙලා ගනුදෙනුකාරයෙක් එනකන් බලන් ඉන්න ළැම පමණක් ලොවට පේන චාලට් අක්කලගෙ ජීවිත වලට නැතුවට ඇඟවල් වලට නම් හඳ එළිය වැටිලා ඇති. උන්ගේ අති උතුම් ස්වාමිවරු ඒ අහල පහළම බ0ගසාල වීදියේ අහු මුලු වල ගුලි වෙලා හඳ පානෙම සූස්ති උරනවා ඇති. එතකොට කැඩිච්ච වෑර්ලස් එෆ්.එම්. චැනල් වලින් තොර තෝන්චියක් නැතුව විචිත්‍ර ධර්ම කතික හාමුදුරුවරු "පොර බණ ටෝක්" උත් දෙනවා ඇති.
ඇත්තටම මිනිහෙක් ට පුලුවන් තමන්ගෙ සිතුවිලි වලින් ම මත් වෙන්න, හැඟීමුත් පොඩ්ඩක් තවරගෙන. ඒකට ඇල්කොහොල් ම ඕන නෑ. ඒ වගේම මිනිහෙක්ට තමන්ගෙ සිතුවිලිත් එක්ක ස්වයo වින්දනේ යෙදෙන්නත් පුලුවන්. හරියට මo මේ දැන් කරනවා වගේ. ඒකෙන් ගෑනියෙක් එක්ක නිදාගෙන ලැබෙන සුරතාන්තෙට වඩා වැඩි සතුටක් ලබාගන්නත් පුලුවන්.
අපොයි අපොයි මo හඳ එළියෙන් පීලි පැනලා ෆුල් දාර්ශනික පැත්තකට ගියා නෙ. හහ් හහ්. ම0 මේ ළඟදි කියෙව්වා පොතක්. "Shanghai Baby" ලියල තියෙන්නෙ "Wei Hui" කියලා තරුණ චීන කෙල්ලෙක්. ඒක චීන රජය තහනම් කරලා පිටපත් හතලිස්දාහක් පුච්චලත් තියෙනවලු. තම්න් විසින් ම තමන් ව දූෂණය කරගත්තු, අපේ පරම්පරාවෙ ආත්ම වල නිරුවත තමයි ඒකෙන් පෙන්නන්නෙ. ඒකෙ තියෙනව "ෂැන්ග් හයි" නගරෙ ඇළ ඉවුරක හඳ එළියෙ තමන්ගෙ බෙලහීන පෙම්වතා ඉදිරියෙ පෙම්වතී නිරුවතින් නටන අවස්ථාවක්. ඒක ඇත්තටම පට්ට තාත්වික විදියට වචන වලට හරවලා තියෙනවව කතුවරී.
.jpg)
.jpg)
.jpg)