Thursday, March 15, 2018
ලේඛකයා මැරිලා!
මල් වල සුවඳ පිච්චිලා උගුර හරහා පපුවට යද්දි දුව දුව තිබ්බ හිත එක තැනක නැවතෙන්න පටන් ගත්තා. කරුමෙට ඒකත් ගිහින් නැවතුනේ එයා ගාවමයි. මට ඕනේ උනේ අලුත් වෙන්න. වෙන දෙයක් හිතන්න. මාස ගානකින් කුලිය ගෙවන්නෙ නැතුව හිතේ නැවතිලා හිටපු ඇයව මගෙ හිත් ගෙයින් එලවලා දාන්න. කිහිප වතාවක්ම එයාව එලවලා දැම්මත් මට එක දෙයක් අමතක උනා. ආයෙමත් දොර වහලා අගුල දාගන්න. ඇරිලා තිබ්බ දොරින් එයා ආයෙමත් ඇතුලු උනා.
අන්තිමේ හැමදාමත් මන් පැරදුනා. දවසින් දවස හිත අලුත් උනා. ඒත් ඒ එයාත් එක්කමයි. අලුත් උන හිතත් අරගෙන ආපස්සට හැරිලා බලද්දි මම විතරයි. එයාගෙන් පිරුන මගේ හිතත් අරගෙන මම විතරයි. ඉතින් මන් පැරදියි.
පපුවෙ තිබ්බ තවත් දුම් ගුලියක් නාස් සිදුර හරහා මම වාතලයට එකතු කලා. ජංගම දුරකතනයේ සිහින් හඬින් වාදනය වෙන කපුගේගෙ සින්දුවක් හෙමිහිට කන් දෙක පුරා පිරුනා. ඒත් එක්කම තව තවත් එක්තැන් වෙච්ච මගේ හිත එයාව හොයාගෙන ගැඹුරටම ගමන් කලා.
.............ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ......................
මන් රැවටුනාද? මාස ගානක ඉඳන් මගේ හිතේ කැකෑරෙන ලොකුම ප්‍රශ්ණය. ඇය මට ආදරය කලේ නෑ කියලා විශ්වාස කරන්න මට පුලුවන් කමක් නෑ. මන් ඇයට ආදරය කල තරමටම ඇයත් මට ආදරේ කල බව මන් දැනන් හිටියා.
"මට ආසයි ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන නිදාගන්න"
ඇය හැමදාම මන්තරයක් වගේ මිමිණුවා. ඇයගේ ඒ ආසාව සංතෘප්ත වුන දිනයන් වලදි බාගෙට මගේ උරහිසට හිරවුන ඇගේ මුහුණ දිහා බලාගෙන මන් සැනසුනා. ඉඳහිට පොඩ්ඩක් පහත් වෙලා ඇගේ නළල සිපගත්තෙ ඇයව ඇහරවන්න හිතාගෙන නෙවෙයි. සමහර වෙලාවට ඇය ඇස් දෙක ලාවට ඇරලා යාන්තමට හිනා වෙලා ආයෙත් ඇස් පියාගන්නවා.
මම මගේ අතැඟිලි ඇගේ කෙස් අතරින් යවමින් රටා අඳිනවා. ඇගේ උණුසුම මගේ පපුව හරහා ඇවිත් මුලු සිරුරම සුවපත් කලේ හරිම පුදුම විදියට. ඒ උණුසුම මට දැනුත් දැනෙනවා වගේ. ඒත් දැන් ඒ උණුසුමෙන් වෙන්නෙ ඇස් ඇතුලේ දිය පාරවල් උතුරල පිටාර ගලන එක විතරයි.
ඒ දිය පාරවල් වලින් හිත මෙලෙක් කරන්න දෙන්න දෙන්න බැහැ. හිත මේ තරමට ගල් කරගත්තේ සෑහෙන්න වෙහෙස වෙලා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න උනා. ජීවිතේ මෙච්චර කාලයක් රැකගෙන ආපු ප්‍රතිපත්ති. මගේම ස්වයං වාරණ. දැන් ඒ හැම දෙයක්ම අතීතයට අයිති පොර ටෝක් ටිකක් විතරයි. ඒ හැම දේකටම පස්සෙත් හිත ආයෙ මෙලෙක් වෙන්න ගත්තොත් මේ කැප කිරීම් කිසිම දේකින් වැඩක් නැති වෙනවා.
මම සුරතේ ඇතැඟිලි දෙතොල් වෙත ගෙන ගියා.
.........නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..........
කපුගේගෙ කට හඬෙන් දෙන්නෙ අමුතුම හැඟීමක්. ඒ හැඟිමට තාලයයි, වචනයි, ඒ වචන වලටම ගැලපෙන මගේ අත්දැකීමුයි ඔක්කොම එකට එකතු උනාම ගීතය සම්පූර්ණයෙන්ම මගේ එකක් වෙනවා. අමාරුම වෙන්නෙ එතකොටයි. සන්සුන් වෙලා තිබ්බ හිත ආයෙමත් කැලඹෙන්න පටන් ගන්නවා.
ඇය අවසන් වරට හමුවී මාස ගණනක් ගත වෙලා. අද අපි හරියට ආගන්තුකයින් දෙදෙනෙක් වගේ. ඇය නන්නාඳුනන්නියක් වෙන්න මන් මැරිලා ඉපඳුනේ නෑ. ඒත් ඇය හැසිරෙන්නෙ එවන් ආකාරයකට. අප යලි කවදා හමු වෙයිද? ඒ හමුවෙන මොහොත මොන වගේ එකක් වෙයිද? මන් කෙසේ හැසිරෙයිද? ඇය කෙසේ හැසිරෙයිද? එක අතකට ඇයව ආයෙත් වතාවක් හමු නොවෙන එක හොඳයි. ඒත් හිත ඇතුලෙන් ඇයව දැකගන්න ආසවන් කැකෑරෙනවා. ලොකෙන්ම ලස්සනම හිනාව තිබ්බෙ ඇයට. ඒ හිනාව මගේ උන දවසෙ මන් කොයි තරම් සතුටු උනාද. ඒත් අද ඒ හිනාවත් අරන් ඇය අතුරුදහන් වෙලා.
කපුගේගේ ගීතයේ අවසානයත් එක්කම දකුණතේ දබරඟිල්ලත් මැදඟිල්ලත් අතර ආසන්නයටම ගින්දර කොටසක උණුසුම ලන් උනා. අලුත් මල් පොකුරක් සූදානම් වන තුරු මම ජංගම දුරකතනයේ තවත් ගීයක් සොයමින් ඇඟිලි අරන් ගියා.
මේ ඉර හඳ යට හමුවී - එඩ්වඩ් ජයකොඩි
එක්තරා ගීතයක් ලඟ මගේ ඇඟිලි නතර උනා.
මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ලඟ පාතකවත් නෑ
ගීතය වාදනය කරන්නත් කලින් ගීතයේ පද මාලාව මගේ හිස ඇතුලේ ගැයෙන්න පටන් ගත්තා. ඒ වචන වලට මගේ අතීතය තනුව බවට පත් උනා. හදිසියේම හිත ඇතුලෙන් සිතිවිලි ඉපදෙන්න ගත්තා.
තොරතෝන්චියක් නැතුව ඉපදෙන සිතුවිලි රෑනක් හිත ඇතුලෙන් එලියට වෑස්සෙනවා. ඇති තරම් තීන්ත තිබ්බනම් මුලු ලෝකම වැහෙන්න ලියන්න පුලුවන් තරමේ සිතිවිලි වරුසාවක්.
බොහොම කාලෙකට ඉස්සර මගේ මනස ඇතුලේ එක්තරා ලේඛකයෙක් ජීවත් උනා. ඒත් ඒ ලෙඛකයා මැරුනා. ලේඛකයා මැරිලා හිටපු හිතෙන් කිසිම සිතුවිල්ලක් එලියට අවේ නෑ. ඒත් අද හදිසියේම ඒ ලේඛකයට ආයෙත් පණ ලැබිලා වගෙයි. නමුත් මට තව දුරටත් ඒ ලේඛකයා අවශ්‍ය නෑ. මොකද ඒ ලේඛකයා මගේ ජීවිතේට අරන් එන්නෙ කඳුලු තැවරුන අතීතයක් විතරයි. ඒයා මැරිලම හිටපු දෙන්. මන් ගීතය වාදනය කරන අදහස අත ඇරලා දැම්මා.
ඊට හොඳයි තව මල් සුවඳ උගුරකින් පපුව පුරවගන්න එක. මන් නිවිසැනසීලේ ඊට යොමු උනා.
"උඹ උන්නද මලාද කියලා හොයලා බලන්නෙ නැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹ විඳවන එක විතරමයි."
ටික දවසක උඩදි මුහුණු පොතේ දැකපු එක කියමනක් මට මතක් උනා. ඒ කියමන මට ආදේශ කරගන්නනම් ඇයට දෝෂාරෝපණය කරන්නට තරම් මට හිත දැඩි කරගන්න වෙනවා. ඒත් ඇයට වරදක් කියන්නට තාමත් මගේ හිත ඉඩ දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කාලය විසින් ගොඩක් ප්‍රශ්ණ විසඳනවා. ඒත් කාලය විසින් ඇගේ හිත තුල කිසිම වෙනසක් ඇති කරලා නැති බව ඇගේම වචන පසුගිය දවසක මට ඒත්තු ගැන්වුවා. සමහර විට මැරුණු ලේඛකයට හදිසියේම ආයෙ පණ ලැබෙන්න ඇත්තෙත් ඒ වචන නිසා වෙන්න පුලුවන්.
ඒක තමයි භයානකම කොටස. හොඳම දේ තමයි මැරුණු සිතුවිලි වලට ආයෙ පණ නොදෙන එක. වල දමපු දේවල් ආයෙ උඩට නොඅදින එක. මැරුණු හීන වලට ආයෙ පණ දෙන එක අවධානමක්. ඒත් ජීවිතේ කියන්නෙ අපි ඉල්ලන අපි බලාපොරොත්තු වෙන දේම නෙවෙයි.
දැන් මන් ගෙවන ජීවිතය මන් කවදාවත් ඉල්ලපු දෙයක් නෙවෙයි. මන් කවදාවත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි. නමුත් ඒක සිද්ද උනේ මෙහෙමයි. ඒකට වැරදිකාරයා හොය හොය නාස්ති කරන්න වෙලාවක් දැන් මට නැහැ. මොකද දැනටමත් අලුත් මල් පොකුරක් සූදානම් වෙලා. දැන් තියෙන්නෙ එක් කෙලවරකට ගින්දර ලන් කරලා දෙතොල් අතරේ රඳවගන්න විතරයි. මල් සුවඳෙන් පපුව පිරිලා යද්දි හිත ඇතුලෙ මොනවා පිරිලා යයිද කියන්න මන් දන්නෙ නෑ.
මන් දන්නෙ එක දෙයයි. පපුව ඇතුලට ගන්න දුම් ගුලිය ආයෙ එලියට ඒවි. ඒත් හිත ඇතුලෙ පිරෙන සිතුවිලි පොදිය කවදාවත් එලියට එන එකක් නෑ.
මොකද ලේඛකයා මැරිලා!!!
Monday, March 5, 2018
විඳින්න...ඔව් පුලුවන්...
උදේම ඇවිත් බැල්කනියට ගියේ ටිකක් රිලැක්ස් වෙන්න..පාර දිහා බලන් ඉන්නෙක ටිකක් ඒකාකාරී වුණාට දිගටම ඇතුලෙ ඉන්නවට වඩා ඒක සහනයක්...ටිකක් වෙලා ඉදිද්දි සමනලයෙක් ඇවිත් ටී ශර්ට් එකේ වැහුවා...ඇඳන් හිටපු ස්කූල් ගෙට් එකේ ගත්තු ටී ශර්ට් එක තිබුණ බැච් එකට තමයි සමනලය ඇදිලා ආවේ...නිල් පසුබිමේ තියෙන කහ පැහැයට තමයි සමනලය ඇඳිල අවේ...මම හෙලවෙන්නැතුව බලන් හිටිය...ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගන්න ඕනේ වුණත් මට ඊට වඩා ඒ දිහා බලන් ඉන්න එක වටිනව කියල හිතුනා...තත්ත්පර ගාණකින් ඌ ඉගිලිල ගියා...ඒ තත්පර ගානම වෙන මුකුත් මට තිබුන්නෑ...මට ලෝකෙම අමතක වුණා කිව්වොත් හරියටම හරි....මම විනාඩි ගාණක් බලන් හිටියත් ඌ ආයේ ආවේ නෑ... මොහොතකට මම සතුටක් වින්දා...ලොකු ගාණක් වියදම් උනේ හෝ ලොකු ප්ලෑන් එකක් ගහන්න ඕන වුණේ නෑ...විමසිල්ලෙන් බලන් ඉන්න විතරයි තිබුනේ...
.
අපේ ජීවිත ඒ වගේ..විඳින්න දේවල් අපේ අවට අනන්තවත් තියෙනව..එහෙම තියෙද්දිත් අපි ජීවිතේ ඈත තියෙන ඒව දිහා බලාගෙන හූල්ලනව..
ඇයි..?
මිනිස්සුන්ගෙ පුදුමාකාර ගතියක් තියෙනව ඒකයි ඒ..
මොකක්ද ඒ ගතිය...? ඒ තමයි නොලැබෙන හෝ නොලැබුණ ඒව අපිම හයිලයිට් කරගන්නව...ඒ දේවල් තමයි ජීවිතේ තීරණය කරන්නෙ කියල හිතාගෙන ඉන්නව..ජීවිතේ අපිට මිස් වුණ අවස්ථා හෝ දේවල් ලැබුණානම් කියල අපි වොරි වෙනව..හරියට කඩල අහුර අතට ගත්තු වඳුර වගේ..බිම වැටිච්ච එක ඇටයක් වෙනුවෙන් අපි අතේ තියෙන අහුරම පැත්තකට දාලා වද වෙවී ඒකම හොයනව..ඒ මත්තෙම මැරෙනව..ඒ වෙනුවෙන් ජීවිත කාලෙම වැය කරන්න වුණත් ලෑස්තියි හැබැයි ඇහේ වදින ටොකු ඇනල වට පිටාවෙන් අපිට දෙන සරල දේවල් ගැන අපිටම තැකීමක් නෑ...වදවීමක් නෑ...
හිනාවෙන්න හේතු දාහක් ඇස් ඉස්සරහ තියෙද්දි අපි කඳුලුම මාකට් කරනව...ඇයි, ඒකේ සංවේදී ගතියක් පෙන්නන නිසා වෙන්න ඕනේ..නැත්තන් දුක් වීම හිනා වෙනවට වඩා ඇඟට දැනෙන නිසා වෙන්න ඕනේ...
.
.
ජීවිතේ හරිම සරලයි...උපදින්න වගේ මැරෙන්න වගේ අමාරුවෙන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි...ඒත් අපි විසින්ම ඒක සංකීරිණ අපහසු දෙයක් බවට පත් කරගන්නව...
වට පිටාව දිහා ඇස් ඇරැල බලන්න., මම කියන මේ කූඩුවෙන් එලියට පනින්න තරම් හයියක් හෝ වුවමණාවක් අපිට නෑ..
.
ඒකෙන් එළියට පනින්න පුලුවන් මිනිස්සු ලෝකේ ලස්සනට දකිනව...එහෙම නොදකින මිනිස්සුන්ට අනුකම්පා කරනව...ඔව් ගමේ බාසාවෙන් කියනවනම් "අපි පව්"...
.
අපි අපිවම පහල ඇදල දාන ගමන් වටපිටාවට දොස් කියනව...
ඇයි මටම..? හැම තිස්සෙම අහන ප්‍රශ්නෙ වෙනස් කරමු...
මට මේ ඇති, කියන තැනට එමු.....
.
.
ජීවිතේ සරලයි, මැරෙනවට උපදිනවට වඩා ඒ දෙක මැද්දෙ ජීවත් වීම හුඟාක් ලේසියි...බලෙන් ජීවිත සංකීර්ණ කර නොගන්නවා
නම්...
.
.
.
.
නිලුශ්ක
Monday, February 26, 2018
කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!
කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!

දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත්ත විතරයි. කකුල් දෙක එකට තද කරගෙන, කකුලක් උඩ කකුලක් දාගෙන ඉදල එපා වෙලා. ඒ මදිවට ඇන්දෙ කොට සාය කෑල්ලක්. දනිස්ස වහගෙන ඉදගන්නත් ඕන. කකුලක් උඩ දාගෙත්තෙ නැත්තං රිදෙන එක අඩු වෙන්නෙත් නැහැ. හැමදාම වගෙ පොත් බෑග් එක උස්සගෙන ඇවිත් තියා ගන්නෙ ඔඩොක්කුවෙ. ක්ලාස් එන ටිකට බස් එකේ සීට් එකක් සෙට් වුනෙත් නැහැ. පොඩි ලීක් එකකුත් තියෙන නිසා බෑග් එක එක උරහිසකට දාගෙන කවර් කරගෙන හිටියෙ බැග් එකෙන්ම. ඒත් කරුමෙට එතන ඉදගෙන හිටපු කොල්ල බලෙන්ම වගෙ බෑග් එකත් ගත්ත. ඊට පස්සෙ මොනව කරන්නද ඉතිං. සීට් එකේ හේත්තු වෙන තැනට සැන්ටර් වෙලා හිටගෙනම ආව ක්ලාස් එකට.
ක්ලාස් එකේ ඉදගෙන හිටියට හිත හැම තැනම. වේදනාව, කරදරය, හැම දේම මැද සර් කියන දේවල් අහගෙන හිටිය. පුරුද්දට වගේ ඇස්ප්‍රින් කට ගාන කෙල්ලෙක් නෙවෙ මම. වේදනාවට පුරුදු කර ගත්තම කරදරයක් නැහැ. නැත්තං හැමදාම බොන්න වෙයි පෙත්තක්. මේක ස්භාවධර්මය නිසා පුරුදු වෙන්න ඕන. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කිව්වට හැමෝම හොයන්නෙ විකල්ප. දවසක් හරි පරක්කු කර ගන්න පෙති ගහන යාලුවො ඉන්නව මගෙත්. ඒත් මම යන දවසට යන්න කියල ඉඩ අරිනවා විශේෂ දවසක් නැති වුනොත්.
එක දිගට ක්ලාස් එකේ පැය ගානක් ලැලි බංකුවට පස්ස තද කරන් ඉදල, ඔඩොක්කුවට බැග් එක තද කරන් ඉදලා දෙපැත්තම තැම්බිලා වගෙ. ඒ මදිවට පෑඩ් කෑල්ල නිසා දාඩියත් දාල. හරිම අප්‍රසන්නයි. ඒත් කොල්ලො මැරෙන්නෙ මේටිකට නේද කියල ආඩම්බරයි. උන් ගානක් නැතුව උරා බොන්නෙ ආදරේද නැත්තං පෙරේත කමද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තට ආදරේ නිසාම නම් ලෝකෙ කොච්චර සුන්දරද. පෙරේත කමට වුනත් ජරාවක් කන්න හිතෙන උන් ඉන්නවද, අනෙ මන්ද. වේදනාව නිසා ඒවට පිලිතුරු හොයන්න බැහැ. කෙල්ලො ටික වට වෙලා ඉන්න වෙලාවක මේක සමථ මණ්ඩලේට දාල අහගන්නෝනි උත්තර. කොල්ලො වට වෙලා මේව ගැන මොනව කියනවද කියල මට කුතුහලේ.
ඉවර වෙනකල් පැය කට්ට දිහා බලන් හිටපු ක්ලාස් එකත් ඉවරයි. අද අරු එනව කිව්ව මාව බලන්න. ඌ එක්ක ගියොත් තවත් එපා වෙනව. ඌට මොනව හිතෙයිද මන්ද. මම කිව්ව සනිප නැහැ කියල ඒත් එන්න ඕන කිව්ව බොරුවටද මන්ද. අහ් මේ තියෙන්නෙ මැසේජ් එක. අද හදිස්සි වැඩක් ලු. එන්න බැහැලු. මම ඕක කලින්ම දන්නව. උබ මේ වගේ සුනාමි දවස් මිස් කරනව කියල. මම හිතන් හිටියෙ බඩ උඩින් උගෙ ඔලුව තදකරගෙන තියාගෙන ඉන්න. මට සනීප වෙනකල්ම. කමක් නැහැ පලයන්. මම එන්න කියන්නෙ නැහැ.
ඔක්කොම පටලවගෙන නැග්ග ගෙදර යන්න බස් එකට. හිර වෙච්ච ෆුට් බෝඩ් එකෙන් රිංගල ඇතුලට ගිහින් එල්ලෙන්න වුනේ උස බට කැලි දෙකක. අත් දෙක ඇත් කරල දෙපැත්තට එල්ලිලා ඉන්නව පැද්දි පැද්දි. අනේ දෙයියනේ කියල සපෝට් එකට ආව තඩි කොල්ලෙක් බැක් අප් කරන්න පිටි පස්සෙන්. දුක හිතෙන්න ඇති මං ගැන. ඔළුවත් කැරකෙනවා, ඇගටත් අමාරුයි. කමක් නැහැ මුන් ඒ සුවදට ආස ඇති. එක්කො පෙරේත ඇති, ආදරේ ඇති. කරන්න දෙයක් නැහැ සහෝ. මම බෑග් එක දාගන්නව හරහට. උබට ගෑවෙන්න වත් බැරි තරමට. ඈත් වෙන්න. උබලට තේරෙන්නෙ නැති මේ අමාරුව උබලගෙ අම්මල විදින්න ඇති. මම ඊලග හෝල්ට් එකෙන් බහිනව..

දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත්ත විතරයි. කකුල් දෙක එකට තද කරගෙන, කකුලක් උඩ කකුලක් දාගෙන ඉදල එපා වෙලා. ඒ මදිවට ඇන්දෙ කොට සාය කෑල්ලක්. දනිස්ස වහගෙන ඉදගන්නත් ඕන. කකුලක් උඩ දාගෙත්තෙ නැත්තං රිදෙන එක අඩු වෙන්නෙත් නැහැ. හැමදාම වගෙ පොත් බෑග් එක උස්සගෙන ඇවිත් තියා ගන්නෙ ඔඩොක්කුවෙ. ක්ලාස් එන ටිකට බස් එකේ සීට් එකක් සෙට් වුනෙත් නැහැ. පොඩි ලීක් එකකුත් තියෙන නිසා බෑග් එක එක උරහිසකට දාගෙන කවර් කරගෙන හිටියෙ බැග් එකෙන්ම. ඒත් කරුමෙට එතන ඉදගෙන හිටපු කොල්ල බලෙන්ම වගෙ බෑග් එකත් ගත්ත. ඊට පස්සෙ මොනව කරන්නද ඉතිං. සීට් එකේ හේත්තු වෙන තැනට සැන්ටර් වෙලා හිටගෙනම ආව ක්ලාස් එකට.
ක්ලාස් එකේ ඉදගෙන හිටියට හිත හැම තැනම. වේදනාව, කරදරය, හැම දේම මැද සර් කියන දේවල් අහගෙන හිටිය. පුරුද්දට වගේ ඇස්ප්‍රින් කට ගාන කෙල්ලෙක් නෙවෙ මම. වේදනාවට පුරුදු කර ගත්තම කරදරයක් නැහැ. නැත්තං හැමදාම බොන්න වෙයි පෙත්තක්. මේක ස්භාවධර්මය නිසා පුරුදු වෙන්න ඕන. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කිව්වට හැමෝම හොයන්නෙ විකල්ප. දවසක් හරි පරක්කු කර ගන්න පෙති ගහන යාලුවො ඉන්නව මගෙත්. ඒත් මම යන දවසට යන්න කියල ඉඩ අරිනවා විශේෂ දවසක් නැති වුනොත්.
එක දිගට ක්ලාස් එකේ පැය ගානක් ලැලි බංකුවට පස්ස තද කරන් ඉදල, ඔඩොක්කුවට බැග් එක තද කරන් ඉදලා දෙපැත්තම තැම්බිලා වගෙ. ඒ මදිවට පෑඩ් කෑල්ල නිසා දාඩියත් දාල. හරිම අප්‍රසන්නයි. ඒත් කොල්ලො මැරෙන්නෙ මේටිකට නේද කියල ආඩම්බරයි. උන් ගානක් නැතුව උරා බොන්නෙ ආදරේද නැත්තං පෙරේත කමද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තට ආදරේ නිසාම නම් ලෝකෙ කොච්චර සුන්දරද. පෙරේත කමට වුනත් ජරාවක් කන්න හිතෙන උන් ඉන්නවද, අනෙ මන්ද. වේදනාව නිසා ඒවට පිලිතුරු හොයන්න බැහැ. කෙල්ලො ටික වට වෙලා ඉන්න වෙලාවක මේක සමථ මණ්ඩලේට දාල අහගන්නෝනි උත්තර. කොල්ලො වට වෙලා මේව ගැන මොනව කියනවද කියල මට කුතුහලේ.
ඉවර වෙනකල් පැය කට්ට දිහා බලන් හිටපු ක්ලාස් එකත් ඉවරයි. අද අරු එනව කිව්ව මාව බලන්න. ඌ එක්ක ගියොත් තවත් එපා වෙනව. ඌට මොනව හිතෙයිද මන්ද. මම කිව්ව සනිප නැහැ කියල ඒත් එන්න ඕන කිව්ව බොරුවටද මන්ද. අහ් මේ තියෙන්නෙ මැසේජ් එක. අද හදිස්සි වැඩක් ලු. එන්න බැහැලු. මම ඕක කලින්ම දන්නව. උබ මේ වගේ සුනාමි දවස් මිස් කරනව කියල. මම හිතන් හිටියෙ බඩ උඩින් උගෙ ඔලුව තදකරගෙන තියාගෙන ඉන්න. මට සනීප වෙනකල්ම. කමක් නැහැ පලයන්. මම එන්න කියන්නෙ නැහැ.
ඔක්කොම පටලවගෙන නැග්ග ගෙදර යන්න බස් එකට. හිර වෙච්ච ෆුට් බෝඩ් එකෙන් රිංගල ඇතුලට ගිහින් එල්ලෙන්න වුනේ උස බට කැලි දෙකක. අත් දෙක ඇත් කරල දෙපැත්තට එල්ලිලා ඉන්නව පැද්දි පැද්දි. අනේ දෙයියනේ කියල සපෝට් එකට ආව තඩි කොල්ලෙක් බැක් අප් කරන්න පිටි පස්සෙන්. දුක හිතෙන්න ඇති මං ගැන. ඔළුවත් කැරකෙනවා, ඇගටත් අමාරුයි. කමක් නැහැ මුන් ඒ සුවදට ආස ඇති. එක්කො පෙරේත ඇති, ආදරේ ඇති. කරන්න දෙයක් නැහැ සහෝ. මම බෑග් එක දාගන්නව හරහට. උබට ගෑවෙන්න වත් බැරි තරමට. ඈත් වෙන්න. උබලට තේරෙන්නෙ නැති මේ අමාරුව උබලගෙ අම්මල විදින්න ඇති. මම ඊලග හෝල්ට් එකෙන් බහිනව..
Wednesday, February 21, 2018
හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලි...
රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි
මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා.......//
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා
රන් තාරකාවන් දිළෙන රැයේ.......
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා.......//
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුළු රැයම ගෙවිලා ගියා
රන් තාරකාවන් දිළෙන රැයේ.......
වයස් භේදයක් නැතිව අපි හැමෝගෙම හිතට අමුතු විදිහෙ විරහවක් වගේම නෙතට කදුළක් දැනෙන ඉතාම හැගුම්බර ගීතයක් මේක. ජගත් වික්‍රමසිංහයන්ගේ ළගන්නා සුළු මිහිරි ගායනයත් ඒ් වගේම පංචසිකගෙ වීනා නාදය වගේ ගායනයටම ගැලෙපෙන සප්තස්වරයත් නිසා මේ ගීතය සහෘදයන්ව අමුතු ලෝකයකට ගෙනියනව. අත්දැකීමෙන්මයි කියන්නෙ රෑ නවයට විතර වගේ නිදහසේ ඉන්න වෙලාවක අැස්දෙක පියාගෙන අතීත වැලි තලාවෙන් වැහුණු ඒ අාදරණීය මතකයන් හිතේ රදවගෙන මේ ගීතය අහන්න. අැස් දෙකට කදුළු ඒනවා ඒනවාමයි.
දෙෙනික කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපි හැමෝම ඒ වැඩ කටයුතු ඔක්කොම ඉවර කලාට පස්සෙ නිදා ගන්න වෙලාව ඒනකන් ටිකක් නිවි හැනහිල්ලෙ ඉන්න වෙලාවක් තියෙනව. පුද්ගලයගෙන් පුද්ගලයට ඒ වෙලාව වෙනස්. ඒත් පොදුවේ අට, නවය, නවයයි තිහ වගේ වෙලාවක්! මේ වෙලාවට මුළු අහසම දහස් ගානක් තරු වලින් පිරිල. ඉමක් කොනක් නැති අහසට ඒළිය දෙන්න ඒ් තරු හොදටෝම අැති. ඒ විතරක් නෙමේ දවස පුරාම නිහඩව හිටපු සේපාලිකා ගස් වල මල් හිමින් හිමින් පිපෙන්න පටන් අරගෙන. නිදහසේ ජීවිතය ගැන මෙනෙහි කරන්න, අතීතය අාවර්ජනය කරන්න, අනාගතය ගැන සිහින මවන්න දවසේ හොදම වෙලාව. මෙන්න මේ වගෙ වෙලාවක් තමයි ගීතයෙ පළමු පේලි කීපයෙන් කියැවෙන්නෙ.ඉතින් අපේ ගීතයට ප්‍රස්තූත වෙච්ච මේ තරුණයාලෝකයා ඉස්සරහ නිල වශයෙන්ම වෙන් වෙලා ගිත සිය අාදරවන්තියට අාරාධනා කරනව ළගට ඒන්න කියල. සැබෑ ලෝකෙදි අැය ඒන්නෙ නැති නිසා ඹහු ඉල්ලන්නෙ සිහිනෙක දැවටිලාහරි හැමෝටම හොරෙන් තමන් ළගට ඒන්න කියල. කොයි තරම් අහිංසක අාරාධනයක්ද ඒක.
''හදවතට ලං වෙන්න කාටත් හොරා''
සිහිනයක දැවටී වෙලි
තමන්ගෙ ජීවිතය මහා අන්ධකාරයක තනි කරල අැය යන්න ගිහින් තියෙන්නෙ හරිම නපුරු විදිහට. තමන් ඒක්ක අාදෙරන් බැදිල හිටිය අැය වෙන්ව ගියඒක ගැන ඔහු පුදුම වෙනව. අැයට මේ තරම් නපුරු හිතක් තිබුනෙ කොහොමද කියල ඔහු කල්පනා කරනව. ඉර වගේම හදත් නැගෙනහිරින් පායල බටහිරෙන් බැහැල යනවනෙ. හද අහසෙ ගමන් කරන්නෙ හරිම හිමින්. කොයි තරන් හිමින්ද කියනවනන් හද අහසෙන් බැහැල යනව කියල අහස දන්නෙත් හද බැහැල ගියාට පස්සෙලු. ඉතින් ඒ වගේම මේ සදවතියත් තමන්ගෙ අාදරවන්තයගෙ ජීවිතෙන් අෑත් වෙලා තියෙන්නෙ ඔහුටත් නොදැනීමයි.
''මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා''
සඳවතිය පාවී ගියා
කොහොම උනත් මේ අාදරවන්තය තාමත් සිය අාදරවන්තිය නැවත ඒවි කියන ප්‍රේමණීය ඒ්වගේම නිෂ්ඵල බලාපොරොත්තුවත් හිතේ කොනක හංගගෙන බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන බලාගෙන ඉන්නව. ඒක් අතකට ඒක අරුමයක් නෙමේ. තමන්ගෙ සුන්දර ප්‍රේමය බිද වැටිල අපේක්ෂා භංගත්වයට පත්වුණ මේ ලෝකෙ ඉන්න අාදරවන්තයින් බොහොමයක් දෙනා සිහින දකින්නෙම තමන්ගෙ ප්‍රේමය නැවත තමන් සොයාගෙන ඒනවට. අැත්තටම විරහව කියන්නෙ මතක් කරන වාරයක් පාසා පෑරෙන වේදනාවකින් හිත පුරවගෙන ඒ පුපුරු ගහන වේදනාව අැතුලෙ තියෙන අල්ප මාත්‍රික වින්දනයකට. ඒහෙම හැගීමක් ස්වභාව ධර්මය ඒහෙමත් නැතිනම් මානව පරිණාමය විසින් මනුෂ්‍ය චිත්තාභ්‍යන්තරයට කාවැද්දුවෙ අැයිද කියන ඒක හොයල බලන්න වටිනව. ඉතින් මේ අාදරවන්තයගෙ සිහිනය සැබෑ වෙයිද....... කොහෙත්ම නෑ. අැය නැවත ඒන්නෙ නැ. ඒක ඔහුත් දන්නවා.
''නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා''
මුළු රැයම ගෙවිලා ගියා
Tuesday, February 20, 2018
ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස
කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා…. අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න….
එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ….
එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ….
ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.
දවසක් මේ ගෙදරට එන අමුත්තෙක් මේ දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා දැකලා මෙහෙම අහනවා.
“ඔයාලා මේ තරම් ආදරෙන් ජීවත් වීමේ රහස මොකක්ද කියලා මටත් කියන්නකෝ”
එතකොට සීයා,ආච්චි දිහා බලාගෙන මෙහෙම කියනවා.

“අම්මා,තාත්තා,බිරිද,සහෝදර සහෝදරියෝ මේ අයට නොකියන ගොඩක් දේවල් අපි යාලුවන්ට කියනවා.මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගෙ හොදම යාලුවා උනේ මෙයා.එදා ඉදන් අපි අතර කිසිම රහසක් තිබුනෙ නෑ.එයා කැමති හැම දේම මගේ කැමැත්ත උනා.මම කැමති හැම දේම එයාගෙ කැමති දේවල් උනා.ඉතින් අදටත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා.ආදරේ කරන කාලේ කියලා වෙනම කාලයක් අපිට නෑ අපි අදටත්,හැමදාමත් ආදරෙන් ඉන්නවා.කළු ගල් දෙකක් වගේ අපෙ හිත් හයියයි.කාටවත් බිදවන්න බැරිතරම් අපෙ විශ්වාසය ශක්තිමත්”
ඒ පිලිතුරෙන් ගොඩක් සතුටු උන අමුත්තා ආච්චිගෙන් මෙහෙම අහනවා.
“වරමක් දුන්නොත් ඔයා මොනවද ඉල්ලන්නෙ.”
ක්ෂනකයකින් ආච්චි මෙහෙම කියනවා සීයගෙ මූන බලාගෙන.
“ඔයාලා මේ තරම් ආදරෙන් ජීවත් වීමේ රහස මොකක්ද කියලා මටත් කියන්නකෝ”
එතකොට සීයා,ආච්චි දිහා බලාගෙන මෙහෙම කියනවා.
“අම්මා,තාත්තා,බිරිද,සහෝදර සහෝදරියෝ මේ අයට නොකියන ගොඩක් දේවල් අපි යාලුවන්ට කියනවා.මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගෙ හොදම යාලුවා උනේ මෙයා.එදා ඉදන් අපි අතර කිසිම රහසක් තිබුනෙ නෑ.එයා කැමති හැම දේම මගේ කැමැත්ත උනා.මම කැමති හැම දේම එයාගෙ කැමති දේවල් උනා.ඉතින් අදටත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා.ආදරේ කරන කාලේ කියලා වෙනම කාලයක් අපිට නෑ අපි අදටත්,හැමදාමත් ආදරෙන් ඉන්නවා.කළු ගල් දෙකක් වගේ අපෙ හිත් හයියයි.කාටවත් බිදවන්න බැරිතරම් අපෙ විශ්වාසය ශක්තිමත්”
ඒ පිලිතුරෙන් ගොඩක් සතුටු උන අමුත්තා ආච්චිගෙන් මෙහෙම අහනවා.
“වරමක් දුන්නොත් ඔයා මොනවද ඉල්ලන්නෙ.”
ක්ෂනකයකින් ආච්චි මෙහෙම කියනවා සීයගෙ මූන බලාගෙන.
“මට කලින් මගෙ ආදරණීය සැමියා මැරෙන්න ඕනෙ”
මේ වචන වලට අමුත්තා පුදුම වෙනවා.ඔහු සිතනවා “ආදරය කරන කෙනා තමන්ට කලින් මැරෙනවට කැමති වෙනවා,පුදුමයිනෙ”
ඔහු දකිනවා සීයගෙ මුහුණෙ සුපුරුදු හිනාව ආච්චිගෙ මේ වචන වලට පස්සෙත් තිබෙන බව.
අමුත්තගෙ මුහුණේ ඇතිඋන කුතුහලය දැක්ක ආච්චි මෙහෙම කියනවා.
“අපි එක වහලක් යටට ආපු දවසෙ ඉදන් මම නැතුව එක දවසක්වත් මෙයා ඉදලා නෑ.දත් මදින බුරුරුවට දාන ටූත් පේස්ට් ටිකේ ඉදලා මෙයාගෙ හැම දෙයක්ම කරේ මම.ඉතින් මම නැතිව මෙයා කොහොම ඉදීද කියලා හිතෙනකොට මගෙ හිතට ගොඩක් අමාරුයි,දුකයි.මට මොහොතකට කලින් හරි මෙයා මැරෙන්න ඕනෙ.ඊලග මොහොතෙ මම කොහොමත් මැරෙනවා.”
අමුත්තා මේ හැම වදනක්ම හිතට අරන් ආදරණීය යුවලගෙන් වෙන්වෙලා ගියේ ජීවිතේ නැවුම් ආකල්ප ගොඩකුත් එක්ක.
ජීවිතේ හැම දේකටම වඩා වටින්නෙ මානුෂීය බැදීම්.රස්සාව,කාර්ය බහුලත්වය මේ කිසිම දෙයක් නිසා ඒ බැදීම් අමතක කරන්න එපා.
ඔයාට ඔයාගෙ රැකියාවෙදි,නිවසින් පිටතදි මුනගැහෙන බොහෝ දෙනෙක්ට ඔයා බොහොම ආචාරශීලීව සැලකුම් කරනවා නේද?
අන්න ඒ ආචාරශීලීබව,ෙගෳරවය ඔයාගෙ ආදරණීය පෙම්වතියට,බිරිදටත් ලබා දෙන්න.
උදවුවක් ලැබුන විට ස්තූති කරන්න.
අන්න ඒ ආචාරශීලීබව,ෙගෳරවය ඔයාගෙ ආදරණීය පෙම්වතියට,බිරිදටත් ලබා දෙන්න.
උදවුවක් ලැබුන විට ස්තූති කරන්න.
ඇයව,ඔහුව අගය කරන්න.
දුරකථන ඇමතුමකදී ආචාරශීලී වන්න,ආදරණීය වන්න.
ඇය සකස් කරන ආහාර රසවත් බව ඇයට පවසන්න.
ඔහු ඔබ වෙනුවෙන් ආහාරයක් පිලියෙල කලවිට ඇතැම් විට එය රසවත් නොවුනත් ඔහුව අගය කරන්න.
අලුත් ලස්සන ඇදුමක් ඇන්දවිට ඇයව,ඔහුව අගය කරන්න.
විවාහයට පෙර පෙම්වතුන්ව,පෙම්වතියන්ව සිටි කාලයේ මෙන් ආදරණීයව හැසිරෙන්න.
ආදරයේ නැවුම් බව හැමදාමත් පවත්වාගෙන යන්න.
ආදරණීය ජීවත වල ආදරණීය බව රැක ගන්න මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත් වේවි.
ආදරණීය බැදීම් තර වේවා,ශක්තිමත් වේවා.
ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම ආදරයෙන් පිරේවා.
පින්තුර ගූගල් ගෙනි…
Saturday, February 17, 2018
අලු පාට මිනිසුන් අතර...
ඇත්තටම ලෝකෙ හොද මිනිස්සු කියල හදුන්වන්න පුළුවන් අය ඉන්නවද. එහෙමත් නැත්නම් මෙයා හොදයි මෙයා හොද නෑ කියල වෙන් කරල හදුනගන්න පුලුවන් නිශ්චිත නිර්ණායක තියෙනවද කියන එක ගැටලුවක්. මේ ගැන ලියන්න හිතුනෙ විශේෂයෙන්ම පසුගිය දවස්වල හිතට දැනුන අනුභූතීන් කීපයකුත් එක්ක.
අපි ඕන තරම් කාටුන් බලල තියෙනව. ද්විමාන පසුබිමකදි ඕනැම ප්‍රපංචයක අවස්ථා දෙකක් විතරයි ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්නෙ. ඒ කියන්නෙ රූපයක උස සහ පළල විතරයිපෙන්වන්න පුළුවන්. ඒ වගේම ඒ රූප වල තියෙන්නෙ ස්වභාවයන් දෙකයි. එක්කො ධනාත්මකයි නැත්නම් සෘණාත්මකයි. නමුත් අපි ජීවත්වෙන පාට පිරුණු බහුමාන ලෝකෙ ඒ තරම් සරල නැහැ. එකම පුද්ගලයට ස්වරූපයන් කීපයක් තියෙනව. හරියට විෂ්ණු දෙවියන්ගෙ අවතාර වගේ. එකම කෙනාව එක එක අයට එක එක විදිහට පේන්නෙ ඒ අය හිටගෙන ඉන්න තැනට පේන දෘෂ්ටි කේණය අනුව. උදාහරණයක් ගමු ප්‍රභාකරන් මොන වගේ කෙනෙක්ද කියල ඔබෙන් ඇහුවොත් ඔබ නිසැකවම කියාවි ම්ලේච්ජ ත්‍රස්ත්‍රවාදියෙක් කියල. ඔබ එහෙම කියන්න හේතුවුන ප්‍රධානම සාධකය ඇත්තටම ප්‍රභාකරන් ත්‍රස්ත්‍රවාදියෙක් වීමම නෙමේ. ඔබ ශ්‍රී ලංකාවෙ ජීවත්වෙන සිංහල බෞද්ධ කියන නියැදියට අයිති කෙනෙත් වීම. ඇත්තටම අපි කරන ලොකුම වැරැද්ද තමයි වෙනත් දෘෂ්ටි ප්‍රවේශයන් සහිත තව නියදි තියෙනව කියන එක අමතක කිරීම.
බොහොමයක් සිනමා නිර්මාණ ගොඩනැගිල තියෙන්නෙම හොද නරක කියන අවස්ථා දෙක අතර දෝලනය වෙන පුද්ගලයින් හා සිදුවීම් කේන්ද්‍ර කරගෙන.සිනමා කෘති විතරක් නෙමේ වෙනත් සාහිත්‍ය නිර්මාණ තුළත් දකින්න පුළුවන් තේමාව මේක තමයි. ඉතින් චිත්‍රපටය අවසානයේ නරක පරදිනව හොද ජයගන්නව. කතාවෙ අන්තිම මොහොතෙදි වීරයට පරාජය වුනාට පස්සෙත් දුෂ්ටය මොකක් හරි ලොකු නොහොබිනා වැඩක් කරන්න ගිහිල්ලම සදා සොත්ති වෙන්නෙ බැරිවෙලාවත් දුෂ්ටය නරඹන්නන්ගෙ අනුකම්පාවට පාත්‍ර වුනොත් චිත්‍රපටිය පුරාවට වෙන් කරල තියාගත්තු හොද නරක කියන කුලකයන් දෙක සම්මිශ්‍රණය වෙලා රසිකයින්ට පූර්ණ තෘප්තියක් නොලැබෙයි කියන බය නිෂ්පාදකයට තියෙන නිසා. ඒත් මටනන් දැනෙන්නෙ මේ අන්ත දෙක මුහු කරලා නිර්මාණය කරපු කෘතියක සංකීර්ණ බවක් වගේම අමුතු රසවින්දනයකුත් තියෙනව කියල.
කෙලින්ම අපේ මාතෘකාවට ආවොත් ඇත්තටම අපිට කාවවත් හොදයි නරකයි කියල බෙදන්න බෑ. මිනිස්සු හරිම සංකීර්ණයි හැම කෙනෙක් තුළම හොදයි නරකයි දෙකම අඩු වැඩි වශයෙන් තියෙනවා. නරකයි කියල අයින් කරල දාන එකයි හොදයි කියල ලංකර ගන්න එකයි දෙකම ටිකක් අන්තවාදී වගේ පේන්නෙ. ෆ්‍රොයිඩ් කිව්වෙ උපතින්ම මිනිස්සු නරකයි කියල. ඒකට හේතුව ළමයෙක් ඉපදෙන්නෙත් තිරිසන් සතෙක්ගෙ වගේම අවිඥ්ඥානය විතරක් තියාගෙන. අවිඥ්ඥානය කියන්නෙ civilized නොවුන ප්‍රථමික ආශාවන් පිරුණු තිරස්චීන සිතුවිලි සමූහයක්. ඒක පිරිල තියෙන්නෙ ඊෂ්‍යාව, වෛරය, කේන්තිය, ආශාව වගේ දේවල් වලින්. හරියට නොහික්මුනු අස්සයෙක් වගේ. ඊට පස්සෙ සමාජයෙන් තමයි ශිෂ්ට සම්පන්න කරන්නෙ. කවුරුහරි කෙනෙක්ගෙ හිත හොද නෑ කියන එකෙන් තේරෙන්නෙ ඒ පුද්ගලයා හිටපු සමාජය හොද
නෑ කියන එකයි. ඒකනෙ නැන්දම්ම දිහා බලල දුවව ගන්න කියන්නෙ. දුවෙක් ශිෂ්ට සම්පන්න කරන්නෙ එයාගෙම අම්ම. ඉතින් දුවත් ගොඩක් වෙලාවට අම්ම වගේම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් ඉතින් දුවගෙ පරමාදර්ශය අම්ම නොවුනොත් මේක වෙනස් වෙන්න පුළුවන්.
ඒවගේම තමයි මිනිස්සු කරන කියන දේවල් ඇත්තටම බැලුවොත් සමාජ ප්‍රකාශනයන් social issues විදිහටයි තේරුම් ගන්න වෙන්නෙ. එමිල් ඩර්කයිම් කියන සුප්‍රකට සමාජ විද්‍යාඥයා එයාගෙ සියදිවි නසාගැනීම පොතේදී දීර්ඝ වශයෙන් විස්තර කරල තියෙනව දිවි නසා ගැනීම සමාජ ප්‍රකාශනයක් මිසක් පුද්ගලික ක්‍රියාවක් නෙමේ කියල. නමුත් මිනිස්සු වහ බීපු පුද්ගලයව විවේචනය කරනව මිසක් එයාව ඒ තත්වෙට පත් කරල වහ බොන්න බලකලේ සමාජය කියන එක ගැන හිතන්නෙ නෑ.
අපි මෙතනදි ස්ත්‍රීවාදයෙනුත් කරුණු ටිකක් ගත්තොත් හොදයි කියල හිතුනා නොගෙන බැරි කමට. ඒත් ස්ත්‍රීවාදය කියන්නෙ වෙනමම කතා කළයුතු පුළුල් මාතෘකාවක්. සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් පිරිමි සංහතියම කොටස් දෙකකට බෙදනව. හොද පිරිමි සහ නරක පිරිමි කියල. මෙතනදි කෙනෙක් හොද පිරිමි විදිහට සලකන්නෙ තමන්‍ට සමීප තමන්ව ආරක්ෂා කරනව කියල හිතන අය. තාත්ත, අයිය, මල්ලි, බෝයි ෆ්‍රෙන්ඩ්, හොදම පිරිමි යාලුවා ආදී වශයෙන්. මේ අය තමන්ගෙ හොද පිරිමි ගොඩේ හිටියට වෙන කාන්තාවකට සාපේක්ෂව නරක ගොඩේ ඉන්න පිරිමි අය වෙන්නත් පුළුවන්. ඒ අය හැර සමස්ත පිරිමි ප්‍රජාවම විස්වාස නොකළයුතු ලං නොවිය යුතු අය හැටියට ඒ අයට දැනෙනවා ඇති. ඇත්තටම කාන්තාවෝ පිරිමින්ව හොද සහ නරක එහෙමත් නැත්නම් කලු සුදු විදිහට බෙදන්න යොදා ගන්න නිර්ණායකවල නිර්වද්‍යතාවය ගැන වෙලාවකට ගැටළුකාරී වගේ හිතෙන්නෙ පිරිමි නිසා කායිකව හරි මානසිකව හරි අමාරුවෙ වැටුන කාන්තාවන්ගෙ පාපොච්ජාරණ ඇහුවාම. මන්
හිතාගෙන හිටියෙ එයා හොද කෙනෙක් කියල, මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ කෙනෙක් කියල, දැක්කහමනන් හොදයි වගේ පෙනුන, නරකයි වගේ පෙනුනට එයා හරි හොදයි, ආදි වශයෙන් වූ පශ්චාත් නිගමනයන් අපි ඕන තරන් අහල තියෙනව. එංගල්ස් කිව්වෙත් කාන්තාව ඉතිහාසය පුරාවටම පිරිමියාට රැවටෙනව කියල. නමුත් එතනදි පිරිමියා කිව්වෙ පුරුෂවාදී සමාජ දෘෂ්ටියට මිසක් හෞතික පිරිමියෙකුටම නෙමේ. කෙල්ලෙක් තමන්ගේ ආදරවන්තයව රවට්ටල කොහොමද ගෑණු මොලේ කියල ආඩම්බර උනාට එයා දන්නෙ නෑ ඉපදුනු දවසෙ ඉදන්ම එයා පිරිමින් විසින් ගොඩනගපු පුරුෂමූලික දෘෂ්ටිය කේන්ද්‍ර කරගත්තු මහා සමාජය ඇතුළ රැවටිලා ඉන්නෙ කියල. ඒක නොතේරෙන එක ඇත්තටම ගෑනුකමේ හැටිද නැත්තන් ස්ත්‍රියගේ සමාජ දෘෂ්ටියේ ස්වභාවයද කියන එක ගැන තර්ක කරන්න පුළුවන්.කොහොම වුනත් පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න හිතාගෙන කාන්තාවො එන්නෙ පිරිමි ළගටම තමයි.
අවසාන වශයෙන් කියන්න තියෙන‍්නෙ හැම කෙනෙක් ළගම සාපේක්ෂ වශයෙන් හොද නරක දෙකම තියෙනව නරක අඩුවෙන් තියෙන අයව ජීවිතයට ලංකරගන්න එක තමයි කරන්න ඕන.යාලුවෙක් වැරැද්දක් කරපු පලියට එයා නරක කෙනෙක් විදිහටයි යම්කෙනෙක් තමන් කැමති හොද දෙයක් කළහම එයා හොද කෙනෙක් විදිහටයි ලේබල් කරන්න කලින් දෙපාරක් හිතන එක හොදයි. හැබැයි සාපේක්ෂව හොද වැඩියෙන් තියෙන අය තෝරාගැනීමේ ඵලදායීතාවය ඔබේ සමාජ විඥ්ඥානය මත තමයි රැදිල තියෙන්නෙ. එහෙම නැතුව මිනිස්සුන්ව කලු සුදු විදිහට බෙදන්න එපා. අපි ඔක්කොම අලුපාට මිනිස්සුනෙ....
නිලුශ්ක කොඩිතුවක්කු
Thursday, February 15, 2018
නුබේ නිර්වචාරණය
දුකට බිවට මත් වතුර
සතුටට බිවට මත් වතුර
ආතල් එකට කොල්ලෝ එක්ක බිවට මත් වතුර
බිවට මත් වතුර සිපගත්තාට පොලව
දැම්මට කබරයා පොලව පුරා
නුබ සිතනා බේබද්දා නොව මා
නුබට මා එක යහළුවෙක් උවාට
මටනං දැන් නුබ සැබෑ මිතුරියකි
නමුදු
නුබ මා ගැන සිතනා දේ
එක්කෝ
වැරදි නැතහොත් හරි
මට තේරුම් ගැනීමට නොහැකි
නුබට තේරුම් ගැනීමට නොහැකි
මා මම වෙමි
දුකට බිවට මත් වතුර
සතුටට බිවට මත් වතුර
ආතල් එකට කොල්ලෝ එක්ක බිවට මත් වතුර
බිවට මත් වතුර සිපගත්තාට පොලව
දැම්මට කබරයා පොලව පුරා
නුබ සිතනා බේබද්දා නොව මා
නුබට මා එක යහළුවෙක් උවාට
මටනං දැන් නුබ සැබෑ මිතුරියකි
නමුදු
නුබ මා ගැන සිතනා දේ
එක්කෝ
වැරදි නැතහොත් හරි
මට තේරුම් ගැනීමට නොහැකි
නුබට තේරුම් ගැනීමට නොහැකි
මා මම වෙමි
Tuesday, January 30, 2018
සැබෑ ආදරය යනු..,
නෙළුම් පතක රැඳි දිය බිඳකි..
නෙළුම පත යනු හදවතයි,
දිය බිඳුව ඒ හදවතෙහි උපන් ආදරයයි..
නෙළුම පතෙහි වූ දිය බිඳුව
පොළොවට වැටුණු පසු
එකී නෙළුම් පතෙහි වූ අර දිය බිඳුව
තිබූ බවට සලකුණකුදු ඉතිරි නොවේ..
එසේම, දිය බිඳුව පොළොවට වැටුණු පසු,
එය පොළොවට උරාගනී..
යළි කිසිදු දිනෙක
කිසිදු ජගතෙකුට..
එකී දිය බිඳම යළි රැගෙන
නෙළුම්පත මත තැබිය නොහැකිය..
එමෙන්ම,
නෙළුම්පත වන් හදවතෙහි
දිය බිඳුව නම් ආදරය
නෙළුම් පතෙන් දිය බිඳ
වැටුනා සේ, එකී ආදරය
තවත් හදකට දුන් විට..
එවිට ඒ හදවතට වෙනත් හදකට
දෙන්නට තරම් ආදරයක් කිසිදින ඉතිරි නැත..
හරියට...
නෙළුම පතෙන් දිය බිඳ වැටුණු පසු
එහි සලකුණකුදු නෙළුම පතෙහි ඉතිරි නොවන්නා සේය..
එසේ හදකට ආදරය දුන් විට
එකී ආදරය යළි කිසිදිනක
නැවත ගත නොහැකිය..
හරියට...
නෙළුම පතෙන් ගිලිහුන දිය බිඳ
පොළොවට උරාගත් පසු..
යළි රැගෙන නෙළුම් පතෙහි
තැබිය නොහැක්කා සේය..
ඒකයි කියන්නෙ..
ජීවිත කාලයටම..
සැබෑවටම ආදරය කල හැක්කේ
එකම එක හදවතකට
පමණක්ම බව..
එකී හදවතෙහි ආදරය..
යමෙකුට නොලැබෙන විට..
අහිමි කල විට..
ඔහුගේ හෝ ඇයගේ දිවිය
සදහටම අසම්පූර්ණය..
කුමන සැප සම්පත් ලැබුනද..
ඔහු සිත ඇය සිත
සතුටක් නම් නැත..
සදහටම උරුම
හිස්බව පාලුබව තනිකම සහ
සදාතනික වේදනාව පමණකි..
-නිලුශ්ක කොඩිතුවක්කු
Saturday, January 27, 2018
සම්මතය සහ අසම්මතය ........
ජිවිතයේ අපි දකින හීන අපේ හිත ඇතුලෙම ඉපදිලා හිත අතුලේම නැතිවෙලා යනවා.හරියටම හීනයක් වගේ.සංස්කෘතිය සම්මතය වගේ මිනුම් දඩු දාල අපේ සිත හිර වෙලා .. සිතේ ඇතිවෙන සිතුවිල්ලක් තව කෙනෙකුට කියන්න දෙපාරක් හිතන්න වෙලා ... පොලවේ පය ගහගෙන ඉන්න අපිට අපේ අහිංසක සිතුවිලි වලට නිදහසේ නැගී සිටින්නට සමාජයක් අවශ්‍යයි. කෙනෙකු කියන දෙයක් ඇසීමත් එය පිලිබදව ටිකක් හෝ සිතීමත් අපගේ යුතුකමක්. සම්මතය ගැනම සිතා කෙනෙකු කියන දෙයක් ඉවත හෙලීම තරමක් මෝඩ ක්‍රියාවක්.කෙනෙකුගේ සිතිවිලි වලට ඉඩක් ලැබෙනවා නම් එය සම්මතය හෝ අසම්මතය වේවා සත්‍ය තේරුම ගැනීම පහසු කරුණක්...
බලාපොරොත්තුව හා හීනය කියන්නේ එකිනෙකට පරස්පර සංකල්ප 2 ක් වුනත් බලාපොරොත්තුවත් සම්මතය නිසා හීන වෙන වෙලාවල් තියෙනවා.සම්මතය කියන රාමුවෙන් එලියට එන්න ඕන මේ නිසයි. මක්නිසාද සම්මතය කියන රාමුව තුල සිටියහොත් ඔබට කවදාවත් අලුත් දෙයක් හෝ අලුත් අදහසක් සිතට ආවත් ඒවා හීනයක් සේම නොපෙනී යාවි. කොහොමහරි නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයාගෙන සමදෙයක්ම පොලොව වෙත ඇද බැද තබා ගන්නවා කියන කරුණ ඉදිරිපත්වී තිබෙන කාලයක රයිට් සහෝදරයන් අපි කොහොම හරි උඩින් යනවා කියා නොසිතුවා නම් .. ඒ බලාපොරොත්තුව ඇති නොකරගත්ත නම් අද අපි කොහොමද උඩින යන්නේ.. ඔවුන් එදා ගුරුත්වාකර්ෂණය නිසා අපිට උඩින යන්න බෑ බිමට පත බෑවෙයි කියල හිතල ඒ බලාපොරොත්තුව ඇත හැරියානම් අද මිනිසා ගුවන ජයගනීද ??? බලාපොරොත්තුව මත තමයි සාර්ථකත්වය රද පවතින්නේ .. ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න හිනා දකින්නත් වෙයි.. සම්මතයෙන් පිට පනිනත් වෙයි. නමුත් ඔබ එය ජය ගත්තොත් ඔබ අසම්මතයක් සම්මතයක් බවට පත කරන්න පුළුවන් වෙනවා.. එතකොට මිතුරනේ අසම්මතයේ බලාපොරොත්තුව සත්‍යයේ අත්තිවාරම වෙනවා නේද??
මේ ලෝකේ සම්මතය කියන දේ මහා පුදුමාකාරයි. අපේ බැදීම් හැගීම් දැනීම් කියන මේ සියල්ලම තීරණය වෙන්න ඕනේ මේ සම්මතයට ඕනේ විදියට... සම්මතයේ වලේ වැටුන කෙනකුට ඇත දිය හැක්කේ ද තවත් මනුශ්ශයකුටම විතරයි.නමුත් පාලුවෙන් තනිකමෙන් සිටින සිතකට ලං වෙලා ඒ සිතට ආදරය කිරීම සම්මතයට පටහැනි. එසේ වූනොත් සමාජයේ කොන්වෙනවා නැහැජිච්ච වනචර මුද්‍රාව වැදෙනවා..

ඇස් වලට බර ඔයා කදුළු බිමදාපන් මිතුරනේ. අසම්මතයට ගොස් හංවඩු ගැසුන ඔබ සංස්කෘතියට පටහනි කියල කදුළු සලන්න එපා. අසම්මතය හෝ වේවා සත්‍ය නම් එය සත්‍යයි .. අහස අල්ලන්න ඕනේ කියල හිතුනොත් පුටුවක් තියල මේසයකටවත් නාග ගන්න බැරියැ.. සම්මතයෙන් එලියට එන්න. එතකොට සත්‍ය ජයගන්නත් , දෛවය සමග සටන් කරලා ඉරණම වෙනස් කරගන්නත් පුළුවන් කියලා එතකොට ඔබටත් හිතෙයි, හැගෙයි ,දැනෙයි. කාගෙවත් නොව මේ ඔබේ වාරයයි..
සිතිවිල්ලක්
මිහිපිට සියළුම දෙනා සොයනා එකම දෙයකි,
එනම් "සැපත" ය...
කව්රු මොන බයිලෙ ගැහුවත් සියළුම දෙනා සොයනා දේවල 'සාරාංශය' හා 'ශීර්ෂපාඨය' ද මෙය වේ.
ඔහුත්-ඇයත්-ඔබත්-මාත් සොයන්නේද එයමය...
'සැපත' නොයෙක් ආකාර වලින් පවතී,
එක් එක් පුද්ගලයාගෙ විවිධ හා විශම වූ සිතැඟි පරිද්දෙන් එය කැමති ආකාරයකින් තෝරාගත හැක.
හරියට 'කිරි පැකට්' සහ 'ඇපල් සෝඩා' මෙනි.
උදාහරණයක් ලෙස,
ගණිකාවන් ඇසුරු කරනා පුද්ගලයා කම් සැපත සොයයි.
තම පංච ඉන්ද්‍රීයයන් පිනවීමෙන් ඔහු සැපත ලඟාකර ගනී...
ඔහු සල්ලාලයෙකු, අපතයෙකු, අවලමෙකු හෝ සක්කිලියෙකු ලෙස ඔබට හැඳින්වීමට හැකිය..
ඔහුගේ මූණට කෙළ ගැසීම, ආශ්‍රය නොකිරීම, කොන් කිරීම, ගැරහීම යනාදිය කිරීමෙන් ඔබ සමාජයේ ප්‍රශංසාවට ද ලක් වේ...
කොට ඇඳුම් අඳින කෙල්ලන්ටද බනින්නේ නම් ඔබ සර්ව සම්පූර්ණය...
තම කාමරයට වැදී බ්ලූ ෆිල්ම්ස් බලමින් ස්වයං වින්දනයේ යෙදෙනා බැව් සමාජයට හෙළිදරව් වන තෙක් ඔබත් "පොරකි"...
පූජකයින්, බමුණන්, තෙරුන් වැන්නවුන් අධ්‍යාත්මික ජීවන සැපත සොයයි...
තම හැඟීම් පාලනය කරගනිමින් මනස එක්තැන් කිරීම යනාදියෙන් ඔවුන් සැපත ලඟාකර ගනී...
සියල්ලෝම ඔවුන්ට ගරු කරනා බැවින් ඔබත් ඔවුන් අනුගමනය කරයි,
ඔවුන්ට වන්දනාමාන කරයි, හිතේ භක්තියක් නොතිබ්බද දෙකට නැමී, හතරගාතෙන් වැටී වැඳ නමස්කාර කරනා අතර ටොන් ගානක් බර කෙබරයක් ඔබ ඉදිරියේ අතෑරියද හිස් මුදුනින් එය පිළිගැනීමට ඔබ උත්සුක වෙයි.
සිතා බලන්න,
පූජකයෙකු,බමුණෙකු - සල්ලාලයෙකු, අවලමෙකු වුවද
සොයන්නේ ''සැපත'' නොවේද ?
පූජකයා අධ්‍යාත්මය සොයා සිත පිනවද්දී
සල්ලාලයා තම පංච ඉන්ද්‍රීයයන් පිනවයි...
ඉන්න ටිකේ ආතල් ගැනීම සල්ලාලයාගේ අභිප්‍රායයි,.
මිහි මත ජීවිතයෙන් පසුවද සැප ගැනීම බමුණා අපේක්ෂා කරයි...
අවසානයේ බැලූ කල සොයනා ආකාරයේ වෙනසක් තිබුණද දෙදෙනාම සොයා ඇත්තේ 'සැපත' ම නොවේ ද ? ? ?
යමෙකු 'උණු' ජලය, 'ඇල්' ජලය, 'ශීත' ජලය යන තුනෙන් කුමක් පාවිච්චි කළද ඔහු පාවිච්චි කරන ලද්දේ එකම 'ජලය' ම නොවේද ? ? ?
''සැපත" ද එලෙසමය,..
සොයනා ආකාරයේ වෙනසක් තිබිය හැක, නමුත් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ''සැපත'', ''සැපත'' ම මිස අන් කිසිවක් නොව......
අවසාන වශයෙන්,
සමාජයේ අසම්මත ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට මම මින් බලාපොරොත්තු නොවූ බැව් කියවන ඔබට අවධාරණය කළ යුතුය...
එහෙත් මෙය කියවන ඔබට එසේ සිතෙන්නට ද බැරි නැත...
''මොනව කොරන්ඩද ? පෘතග්ජන මිනිස්සුනේ !!!''...
එනම් "සැපත" ය...
කව්රු මොන බයිලෙ ගැහුවත් සියළුම දෙනා සොයනා දේවල 'සාරාංශය' හා 'ශීර්ෂපාඨය' ද මෙය වේ.
ඔහුත්-ඇයත්-ඔබත්-මාත් සොයන්නේද එයමය...
'සැපත' නොයෙක් ආකාර වලින් පවතී,
එක් එක් පුද්ගලයාගෙ විවිධ හා විශම වූ සිතැඟි පරිද්දෙන් එය කැමති ආකාරයකින් තෝරාගත හැක.
හරියට 'කිරි පැකට්' සහ 'ඇපල් සෝඩා' මෙනි.
උදාහරණයක් ලෙස,
ගණිකාවන් ඇසුරු කරනා පුද්ගලයා කම් සැපත සොයයි.
තම පංච ඉන්ද්‍රීයයන් පිනවීමෙන් ඔහු සැපත ලඟාකර ගනී...
ඔහු සල්ලාලයෙකු, අපතයෙකු, අවලමෙකු හෝ සක්කිලියෙකු ලෙස ඔබට හැඳින්වීමට හැකිය..
ඔහුගේ මූණට කෙළ ගැසීම, ආශ්‍රය නොකිරීම, කොන් කිරීම, ගැරහීම යනාදිය කිරීමෙන් ඔබ සමාජයේ ප්‍රශංසාවට ද ලක් වේ...
කොට ඇඳුම් අඳින කෙල්ලන්ටද බනින්නේ නම් ඔබ සර්ව සම්පූර්ණය...
තම කාමරයට වැදී බ්ලූ ෆිල්ම්ස් බලමින් ස්වයං වින්දනයේ යෙදෙනා බැව් සමාජයට හෙළිදරව් වන තෙක් ඔබත් "පොරකි"...
පූජකයින්, බමුණන්, තෙරුන් වැන්නවුන් අධ්‍යාත්මික ජීවන සැපත සොයයි...
තම හැඟීම් පාලනය කරගනිමින් මනස එක්තැන් කිරීම යනාදියෙන් ඔවුන් සැපත ලඟාකර ගනී...
සියල්ලෝම ඔවුන්ට ගරු කරනා බැවින් ඔබත් ඔවුන් අනුගමනය කරයි,
ඔවුන්ට වන්දනාමාන කරයි, හිතේ භක්තියක් නොතිබ්බද දෙකට නැමී, හතරගාතෙන් වැටී වැඳ නමස්කාර කරනා අතර ටොන් ගානක් බර කෙබරයක් ඔබ ඉදිරියේ අතෑරියද හිස් මුදුනින් එය පිළිගැනීමට ඔබ උත්සුක වෙයි.
සිතා බලන්න,
පූජකයෙකු,බමුණෙකු - සල්ලාලයෙකු, අවලමෙකු වුවද
සොයන්නේ ''සැපත'' නොවේද ?
පූජකයා අධ්‍යාත්මය සොයා සිත පිනවද්දී
සල්ලාලයා තම පංච ඉන්ද්‍රීයයන් පිනවයි...
ඉන්න ටිකේ ආතල් ගැනීම සල්ලාලයාගේ අභිප්‍රායයි,.
මිහි මත ජීවිතයෙන් පසුවද සැප ගැනීම බමුණා අපේක්ෂා කරයි...
අවසානයේ බැලූ කල සොයනා ආකාරයේ වෙනසක් තිබුණද දෙදෙනාම සොයා ඇත්තේ 'සැපත' ම නොවේ ද ? ? ?
යමෙකු 'උණු' ජලය, 'ඇල්' ජලය, 'ශීත' ජලය යන තුනෙන් කුමක් පාවිච්චි කළද ඔහු පාවිච්චි කරන ලද්දේ එකම 'ජලය' ම නොවේද ? ? ?
''සැපත" ද එලෙසමය,..
සොයනා ආකාරයේ වෙනසක් තිබිය හැක, නමුත් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ''සැපත'', ''සැපත'' ම මිස අන් කිසිවක් නොව......
අවසාන වශයෙන්,
සමාජයේ අසම්මත ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට මම මින් බලාපොරොත්තු නොවූ බැව් කියවන ඔබට අවධාරණය කළ යුතුය...
එහෙත් මෙය කියවන ඔබට එසේ සිතෙන්නට ද බැරි නැත...
''මොනව කොරන්ඩද ? පෘතග්ජන මිනිස්සුනේ !!!''...
Friday, January 19, 2018
කන්‍යාභාවය, පතිවත, ලිංගික ඊර්ෂ්‍යාව
කන්‍යාභාවය
“පිරිමින්ගෙන් බේරාගෙන
පිරිමින්ටම පුදන
ලෝකයේ උතුම් තෑග්ග
කන්‍යාභාවයයි.”
පිරිමින්ටම පුදන
ලෝකයේ උතුම් තෑග්ග
කන්‍යාභාවයයි.”
කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක.
තමා යනු තවත් කෙනෙක්ට පූජා කල හැකි තෑග්ගක් හෝ බඩුවක් කියලා හිතන කාන්තාවන් තමාව වෙනත් කෙනෙක්ට පූජා කරගන්න.
තමා ආදරය කරන කෙනා තමාව සතුටු කිරීමට සිටින තමාට අයත් බඩුවක්ය, තමා සතුවිය යුතු දේපලක්ය කියලා සිතන පිරිමින් තමාගේ ජීවන සහකාරියගෙන් තමාට ‘පූජා වීම’ බලාපොරොත්තු වන්න.
මිනිසුන්ව බඩු, තෑගි, දේපල සේ නොදකින මිනිසුන්.. මිනිසුන් සේ ජීවත් වන්න.
පතිවත
පවුල් ජීවිතයක් තුල ඔය ‘පතිවත’ කියල අදහස් කරන එක ආරක්ෂා කිරීම (හෝ නොකිරීම) දෙදෙනා අතර ඇති සම්මුතීන් වලින් තවත් එක් සම්මුතියක් පමණකි. ලිංගිකත්වය යනු මානුෂිය සබඳතා වල තවත් එක් අංගයක් පමණක් වන අතර ඒ සම්බන්ධවද එක් එක් යුවලවල් වලට සාපේක්ෂව ඔවුනොවුන් අතර එකඟතා හා සම්මුතීන් ඇත.
එය රැකීම හෝ කඩ කිරීම අනෙක් සම්මුතීන් රැකීම සහ කඩකිරීම හා සැසඳිය හැක. මෙම සම්මුතිය කඩකිරීම එකඟතාවයකට පිටින් යෑම, විශ්වාසය බිඳ වැටීමක් පමණක් වන අතර එවන් දෙයකින් පසු එයට මුහුණ දෙන ආකාරය පුද්ගල පෞරෂය, වටිනාකම් වැනි දේ මත පදනම් වේ.
මෙම එකඟතා සියල්ල දෙදෙනාගේ කැමති, අකමැතිකම් අනුව තීරණය වෙන අතර ඒවා දෙදෙනාගේ පුද්ගලිකත්වයට සීමාවිය යුතුය.
ඒවායින් යම් යම් එකඟතා වලට එම දෙදෙනා වැඩි වටිනාකමක් ආදේශ කල පමණින් ඒ එකඟ වන හැසිරීම් උතුම් කියා හැඳින්විය යුතු නැත. දෙදෙනා යම් හැසිරීමක් තීරණාත්මක යැයි සිතූ පමණින් එය සියල්ලන්ටම අදාල වන ‘උතුම් මෙව්වා’ එකක් වන්නේ නැත.
පතිවත රැකීම ‘උතුම්’ දෙයක් යනුවෙන් අර්ථ දක්වන යමෙක් වේද ඔහු ලිංගිකත්වයටද උතුම් බවක් ආදේශ කරයි.
ආහාර ගැනීම, බහිශ්‍රාවය කිරීම මෙන්ම අතිශය ස්වභාවික වූ මිනිස් හැසිරීමකට ‘උතුම්’ බවක් ආදේශ කරන්නට යෑම වැඩ වරද්දා ගැනීමකි. කොටින්ම ඕනෑම දෙයකට, කෙනෙක්ට හෝ සංකල්පයකට උතුම්බවක් ආදේශ කරන්නට යෑම වැඩ වරද්දා ගැනීමකි.
දෙකකුල් අතර ඇති පටලයක් මත පදනම්ව සදාචාරය අර්ථ දැක්වීමට යාමත්, සවභාවික වූ මිනිස් හැසිරීමක තෝරාගත් වර්ශන් එකකට ‘උතුම්’ ලේබලය ගැසීමත්, ලිංගිකත්වය යනු ‘මහා ලොකු මෙව්වා එකක්ය’ වැනි ආකල්පත් අතීත මිනිසුන්ටම භාරදීම වැදගත් වන්නේ එවන් ආකල්ප වල හොඳ නරක නූතන මිනිසුන් අවබෝධකරගෙන ඇති නිසාය.
ලිංගික ඊර්ෂ්‍යාව
ලිංගිකත්වය කියන හැසිරීමට උතුම් බවක් ආදේශ කිරීමට පදනම වන ලිංගික ඊර්ෂ්‍යාව කියන එක මිනිසාට පමණක් අනන්‍යය වූ ලක්ෂණයක් නොව සත්ව ලෝකයේ පවා දක්නට ලැබෙන හැසිරීමකි. ලිංගික ඊර්ෂ්‍යාව බොහෝ විට ඇති වන්නේ අභ්‍යන්තරව සංසේචනයේ යෙදෙන සතුන් තුලය. (පිරිමි ලිංගික අවයවය ගැහැණු ශරීරය තුළට ඇතුල් කිරීම මඟින් ගැබ් ගන්නා සතුන් තුළ). එය ඇතිවීම තුළින් සත්වයෙක් ලබා ගන්නා වාසිය නම් යුගල් වශයෙන් සිටීම නිසා තමාගෙන් බිහිවන දරුවන්ගේ පැවැත්මට අවශ්‍යවන ගැහැණු, පිරිමි දෙකොටසේම කාර්‍යභාරය සිදුවීම තහවුරු කිරීමට සහ ජානමය බෙදීයාම වැළැකීමයි.
ලිංගික ඊර්ෂ්‍යාවට පරිනාමීය සාධක මෙන්ම පුද්ගලික වටිනාකම් සහ සංස්කෘතික වටිනාකම්ද බලපායි. එක් එක් මානුෂීය හැසිරීම් ගැන ඇති සංස්කෘතික සම්මුතීන් මත එය ඇතිවන විදි වෙනස් විය හැක.
සමහර සංස්කෘතීන් තුල තමාගේ සහකරුවා සමඟ විරුද්ධ ලිංගිකයෙක් කරට අතදාගෙන ඡායාරූපයක් ගැනීම, සිප ගැනීම, නර්ථනයේ යෙදීම, අතින් ඇල්ලීම වැනි දේ සාමාන්‍ය හැසිරීම් ලෙස සැලකුවද තවත් සංස්කෘතියක සම්මුතීන්ට අනුව එම හැසිරීම් ලිංගික ඊර්ශ්‍යාව දනවන හැසිරීම් විය හැකිය.
යම් අවශ්‍යතා වලදී බුර්කාවෙන් සිරුරම වසාගෙන සිටින තම බිරිඳගේ මුහුණ වෙනකෙක්ට පෙන්වන්න සිදුවන විට දැඩි ඉස්ලාමීය සංස්කෘතික වටිනාකම් අනුව හැඩගැසුනු මිනිසුන් එය කරන්නේ ඇයව පැත්තකට ගෙන ගොස් කාන්තාවකට පමණක් ඇයගේ මුහුණ නිරාවරණය කර පෙන්වීමෙන් බව අප අසා ඇති කාරණයකි. (උදා – රටකින් රටකට ඇතුලත් වීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවය පැනනඟින විට)
තමාගේ බිරිඳගේ මුහුණ දෙස වෙනකෙක් බලද්දි ඔහුට ඇතිවන හැඟීම අප සංස්කෘතියට අනුව ජීවත් වූ පිරිමියෙක්ට තමාගේ සහකාරියගේ පියයුරු දෙස වෙනකෙක් බලන විට ඇතිවන හැඟීමට සමපාත වන හැඟීමක් බව පැහැදිලිය. එක් එක් සංස්කෘතීන් විසින් ලිංගික ඊර්ෂ්‍යාවේ සීමා සම්බන්ධව ඇති කොට ඇති බලපෑමට එය කදිම උදාහරණයකි.
තමාගේ සහකරුවා හෝ සහකාරිය විරුද්ධ ලිංගිකයෙක් සමඟ සංස්කෘතිය විසින් නිර්ණය කරන ලද සීමා ඉක්මවා යන හැසිරීමක යෙදෙනවා දකින අපිට ඊර්ෂ්‍යාවක් සහ කෝපයක් ඇතිවන්නේ ඒනිසාය. එයට ප්‍රතිචාර ලෙස එන්නේ කේන්තිය, පසුතැවීම, මානසික කඩාවැටීම්, හිංසාකාරී හැසිරීම් වැනි හැඟීම්ය.
තමාගේ සහකරුවා හෝ සහකාරිය වෙනත් අයවලුන් සමඟ නිදියගැනීමට යනවට තියෙන දැඩි අකමැත්ත හෙවත් ලිංගික ඊර්ශ්‍යාව මහා ලොකු මලමගුලක් හෝ උතුම් මෙව්වා එකක් නොවේ. මිනිහා කියන එකා අනිත් සත්තුන් වගේ චාටර් නැති නිසාත්, මිනිහා සිරා නිසා අපි තුළ බුද්ධිය නිසා ඇති වන මලමගුලකුත් නොවේ.
මිනිහා කියන එකා උතුම්ය, හැමෝ එක්කම නිදා නොගැනීම ඒ උතුම් බවේ ලක්ෂණයක්ය, මිනිහෙක් හෝ ගෑණියෙක් එක්කෙනෙක්ට වඩා වැඩි ගානක් එක්ක නිදාගත්තොත් ඒ ‘උතුම්’ බව නැතුව ගිහින් සතෙක් බවට පත්වෙනවාය, ඕක මිනිසාව තිරිසන් සත්තුන්ගෙන් වෙන් කරන ප්‍රධානතම ලක්ෂණයක්ය.. යනුවෙන් අර්ථ දක්වා ඒ දේවල් වලට උතුම් බවක් අදේශ කිරීම තුළින් පුද්ගලික ජීවිත වලට සීමා වුන ලිංගික ක්‍රියාකාරකම් මත පදනම් වී ඔවුන්ව ‘උතුම් මිනිසුන්’ සහ ‘සත්ව මිනිසුන්’ ලෙස වෙන් කිරීමට යාම අතීතයේ වළලා දැමිය යුතු පසුගාමී මිනිසුන්ගේ විසුළු සහගත ආකල්පයකි.
Monday, January 15, 2018
ගැහැනිය – කෑල්ලක්, බඩුවක් සහ මවක් (16+)
(දැන උගත් වැඩිහිටියන් උදෙසා පමණයි. අවු 16ට අඩු දරුවන් කියවීමෙන් වළකින්න)
‘ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන’ යන කාව්‍යශේකරයේ කවි පදය නොදන්නා කෙනෙක් නැති තරම්ය. උපන්ගෙයි සිංහල කතා කරන කවුරුත් තමන්ගේ නම ගම ලියන්න දන්නේ නැති වුණත් සම්භාව්‍ය සාහිත්‍යයේ එන මෙම කවිපදය දනිති. එයට හේතුව මෙම කවිපදය හරහා ගැහැනිය යනු ‘වේසියක්, බඩුවක්’ ගානට දාලා කතා කරන්න කාටත් පොඩි රුකුලක් ලැබෙන නිසාය. නමුත් මේ පදය අයත් කවිය සම්පූර්ණයෙන් කියවූ අය හෝ තේරුම් ගත්තු අය අපට සොයා ගැනීමට අපහසුය. දැන් එයට කාලය එළඹ ඇත.
පිරිමීනු ද පතන – අවසර, කල්, රහස් තැන
මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන
රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය. මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය. පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර (ඒ කියන්නේ කැමැත්ත), කල් (ඒ කියන්නේ සුදුසු කාලය), සහ රහස් තැන (ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන) යන තුන පතනවා. නමුත් ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන්. අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා.
පිරිමීනු ද පතන – අවසර, කල්, රහස් තැන
මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන
රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය. මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය. පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර (ඒ කියන්නේ කැමැත්ත), කල් (ඒ කියන්නේ සුදුසු කාලය), සහ රහස් තැන (ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන) යන තුන පතනවා. නමුත් ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන්. අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා.
බුදුදහමට අනුව රකින සීලය සහ රැකෙන සීලය කියන්නේ දෙකක්ය. බුදුහාමුදුරුවන් සිල් රකින්න කීවා මිස රැකෙන්න ඉඩ දී බලා ඉන්න කීවේ නැත. ඔය බණ කියන බෝ පැල වගේ ඉන්න පිරිමි බෙහෝමයක් තුන් වැනි සිල් පදය රකිනවා නොව, රැකෙනවා ය. ඒ ඔවුන්ට අවස්ථාවක් නැති නිසාය. උවමනාවක් තිබිලා කාගෙන් හරි ගිහිං ඇහුවොතින් ‘නංගි මට උඹත් එක්ක බුදියන්න ඕනේ’ කියා එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද ආත්ම ධෛර්යයක් ද ගැහැනියට ඇත. ගැහැනියක් ඕකම අනෙක් අතට ඇහුවොත්, ‘අනේ නංගි මං බැඳල නේ, මං කැමැති නැහැ ඕවාට’ කියා කියන පිරිමියෙකු සොයා ගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරුය. ඒ වුණත් පිරිමි අදටත් වල්කමේ නොයන උපාසක පිරිසක් ලෙස සම්මතය, තීන්දුය.
තවත් අතකින් මේ වරදේ බැඳීම යනු ගැහැනියට ආවේණික සංකල්පයක් යැයි පොදු ජන විඥානයට කාවැද්දීම ගැහැනිය ඒ තැනට ඇද දාන පිටිබලයක් ද වෙයි. කවුරුහරි ගැහැනියක් කාත් එක්ක හෝ රමණයේ යෙදිලා ‘මං මොකටද මේ ගැන වොරි වෙන්නේ, මං විතරක් නෙවේ නේ, ලෝකේ හැම ගැහැනියක්ම හොර මිනිස්සු එක්ක අනියම් සම්බන්ධයක් තියා ගන්නවානේ’ කියා හිත හදා ගන්නට මේ සංකල්පය ඇයට රුකුලක් සපයයි.
අපි කොච්චර ශිෂ්ට සම්පන්නව ඉදිරියට එන්න හැදුවත් පරම්පරා ගානක් ගිහිල්ලත් ගැහැනියගේ ස්වභාවයට වෙනස් විදිහක දැක්මක් දෙන්න අපට තාමත් බැරි වෙලා ඇත. අද කොහෙද සීතලා ඉන්නේ, අද කොහෙද පත්තිනි අම්මලා ඉන්නේ කියා අහන තැනට සැම දෙනගේ මානසිකත්වය ඇද වැටී ඇත. අදටත් කොල්ලන්ට ආදරය කරන්න මනුස්සකම් වලින් පිරුණු ආදරය උතුරා ගලන ගැහැනියක් අවශ්‍ය නැත. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් අහන්නේ ‘උඹට කෑල්ලක් නැද්ද?’, ‘තාම උඹට බඩුවක් සෙට් වුණේ නැද්ද?’ කියාය. උන්ට ඕනේ රමණයේ යෙදෙන්න කෑල්ලක් හෝ බඩුවක් මිසක ආදරය කරන්න කෙල්ලක් නොවේය.
නමුත් මේ සේරම කතන්දර එන්නේ ගැහැනියටය. රටේ ලෝකේ දකින දකින ගැහැනිය වෙසඟනක් කියා සිතන ගමන්ම ‘අපේ අම්මා පට්ට වෙසඟනක් වෙන්න ඇති නේ ද?’, ‘අපේ අම්ම පිරිමි කී දෙනෙක් එක්ක රමණයේ යෙදෙන්න ඇත්ද දන්නේ නැහැ නේද?’ කියා ප්‍රශ්න කරන්න පෙළඹෙන අය සොයා ගත නොහැකිය. එයට හේතුව සිංහල-බෞද්ධ යැයි කියන සමාජය තුළ ගැහැනිය සහ අම්මා යනු දෙදෙනෙකු වීමය. ඔවුන්ට අනුව අම්මා කෙනෙක් වෙන්නේ ගැහැනියක් නොවේය. ගැහැනිය යනු හුදෙක් බඩුවක්ය, ඇයගේ යෝනියේ දිග පළල බලනවා මිස වෙන වැදගත්කමක් නැත. අම්මා යනු කිරි අම්මාය. දානයට වැඩම කොට ආශිර්වාද ලබා ගත්තොත් අපල කෝටියක් නිවාරණය.
බුදුහාමුදුරුවන් කොතැනකවත් අම්මාට විශේෂ වැදගත්කමක් දුන්නේ නැත. උන්වහන්සේ කතා කළේ අම්මා සහ තාත්තා යන දෙන්නාම ගැනය. මව්පිය භූමිකාවේ ඇති සමාජවිද්‍යාත්මක වැදගත්කම ගැනය. නමුත් සිංහල-බෞද්ධ අර්ථකථනය තුළ ‘අම්මා බුදුවේවා’ මිස ‘තාත්තා බුදුවේවා’ කියා යෙදුමක් නැත. අම්මාව හැකි ඉහළම තලයට ඔසවා තබා ඒ ඔස්සේ ‘අපි කාන්තාවට සුවිශේෂි තැනක් උරුම කර දෙන සමාජයක් යැ’යි කීමට සිංහල-බෞද්ධයා පෙළඹී ඇත. (කරුණාකර මුස්ලිම් ගැටලුව මෙතනට අදාළ කර ගන්න එපා. අරාබි සංස්කෘතියේ උන් තරම් අපි තිරිසන්නු නොවෙතත්, අපේ සමාජයේ අඩුපාඩු අපි විචාරයට ලක් කළ යුතුමය. හින්දු සංස්කෘතිය ගැන කිව යුත්තේත් එයමය.)
බුදුදහම ගැහැනියව පහත් තලයකට ඇද දමනවා ද යන්න වෙනම කතා කළ යුතු කාරණයකි. නමුත් එකක් ගැන නම් කිය යුතුමය. ගැහැනියක් වෙලා උපදින්නේ පෙර කළ පවකටය. පිරිමියෙක් වීම පිනක්ය කියන ගොන් පාට් එක ගැනය. බුදුහාමුදුරුවන්ට අනුව ගැහැනිය ස්වභාවයෙන් දරන්නේ වේදනාවන් දෙකක් පමණි. එකක් ඔසප් වේදනාවය, අනෙක ප්‍රසව වේදනාවය. මේ දෙකට අමතරව ඇය යම් වේදනාවක් විදී නම් එය සමාජය විසින් ඇයට උරුම කර දුන් වේදනාවකි. ඉදින් කාට හරි අහන්න පුළුවන් මේ වේදනා දෙක විදින්න වෙලා තියෙන්නේ පවක් කළ නිසා නෙවේ ද කියා. නමුත් එය බීජ නියාමය මිස කර්ම නියාමය නොවේය. එනම් ගැහැනියක් වීම තනිකරම ජෛවීය වශයෙන් සිදු වන අහඹුවක් මිස කර්මය නෙවේය. මෙලොව ඇති සියල්ල පෙර කළ කර්මයක් යැයි කීම නියත මිථ්‍යා දෘෂ්ටියකි. ඒ වගේම ජෛන මතයකි. කර්මය යනු නියාම ධර්ම පහෙන් එකක් මිසක වැදගත්ම හෝ ප්‍රබලම එක නෙවේය. ඇත්තටම ගැහැනියක් වීම පෙර කළ පවක ප්‍රතිපලයක් කීම ජෛන ඉගැන්වීමක් මිස බෞද්ධ ඉගැන්වීමක් නොවේය. ජාතකපාළියට එය ගෙන ඇත්තේ ද ජෛන දහමිනි. මුල්බුදුසමය එවැන්නක් නොදක්වයි. අනෙක් අතට ඔසප් වීම සහ ප්‍රසව වේදනාව යනු සමස්ත මානව වර්ගයා පවත්වාගෙන යාමට ඇයට ලැබුණ සුවිශේෂි වර දානයය. එය පවක ප්‍රතිඵලයක් කියා අර්ථකථනය කිරීම මා අනුමත කරන්නේ නැත. මහබෝසතාණන් බිහි වූයේ ගැහැනියකගේ කුසිනි. බෝසත් මව වී ඉපදීමට ඇය පින් කළා මිස පවක් කළ බව සඳහන් වන්නේ නැත. තවද මහාප්‍රජාපතීගෝතමී දේවිය පිරිනිවන් පාන්නට යන තැන බුදුරජාණන්වහන්සේ පසු පසින් වැඩම කළහ. උන්වහන්සේ මෙලොව උපන් කිසිම පුද්ගලයෙකුට පිටිපසින් ගමන් කළේ නැත. එබැවින් මෙය උන්වහන්සේ වෙනත් මිනිසෙකුට දැක්වූ ඉහළහ ගෞරවයය. එය දැක්වූයේ ගැහැනියකටය. එහෙම කළේ ඇය මවක් වූ නිසාය. ගැහැනියක් මවක් වීමට නම් ඇය ඔසප් වේදනාව හා ප්‍රසව වේදනාව දැරිය යුතු වේ. එය ඇයගේ පවක් නොව මුළුමහත් මිනිස් සංහතියේ පවකි.
ඇඳුම් ගැනත් යමක් කිව යුතුය. ගැහැනිය යනු හැම විටම සංස්කෘතික ගොදුරක් (cultural victim) බවට පත් කිරීම අප සමාජයේ පුරුද්දක්ය. කොල්ලෙක්ට ශාරුක් වගේ, අමීර්වගේ ඇඳගෙන යන්න අවසර ඇත. නමුත් කෙල්ලකට කරීනා වගේ, කත්රිනා වගේ ඇඳගෙන යන්නට අවසර නැත. බුදුහාමුදුරුවන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ‘ගේ තෙමෙනවා නම් වහළය හෙවිල්ල ගන්න’ කියාය. ආර්යදේව හාමුදුරුවන් කියා සිටියේ වැලි පෑගෙනවා නම් පොළවට හම එලන්නේ නැතිව, පයට සෙරප්පු දා ගන්න කියාය. කෙල්ලකගේ අඩ නිරුවත හරි නිරුවත හරි දැක්කාම රාගය ඇවිස්සෙනවා නම් අප කළ යුත්තේ හිත හදා ගැනීම මිස කෙල්ලන්ට ඇඳුම් ඇන්ද වීමට වෙර දැරීම නොවේය. නමුත් අද කෙල්ලන්ට ඇඳුම් අන්දවන්නේ එය බෞද්ධ-සදාචාරය බව හුවා දක්වමිනි. මේ අය බුදුහාමුදුරුවන්ට වඩා සදාචාර සම්පන්න වීම එයට හේතුවය. තායිලන්තයේ කෙල්ලකට කකුල් දෙකම පේන විදිහට කොට කලිසමක් ඇඳන් පන්සල් යන්න අවසර ඇත. එවැනි ඇඳුමක් ඇඳන් පන්සල් යන්න ඕනේ නැහැ, නිකම් ගමනක් බිමනක් යන්නවත් අපේ කෙල්ලකුට අවසර නැත. ඇදන් ගියොත් අහලපහල හැම පිරිමියාම ඇගේ දෙස බලන්නේ වෙසඟනක දෙස බලන අයුරිනි. ඇයව ඇහෙන් බලා දූෂණය කරමිනි.
කන්‍යාභාවය ගැනත් කතා කළ යුතුමය. අපි නූතනයි, පශ්චාත්-නූතනයි කියා හිතා හිටියට තවමත් අපේ කොල්ලො බහුතරයක් හිතන්නේ කෙල්ලකගේ තියෙන වටිනා දේ ඇයගේ යෝනිය කියාය. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය සහ අභියෝගය තමන් තෝරා ගන්නා කෙල්ලගේ යෝනිය රැක ගැනීමය. අවස්ථාවක් ලැබුණොත් සීයක් සමග හෝ රමණයේ යෙදෙන්න කැමති වූ කොල්ලා බඳින කෙල්ල කන්‍යාවක් විය යුතුයි සිතන්නේ මේ නිසාය. කන්‍යාභාවය තියෙන කෙනෙක් පතිවත රැක ගෙන ඉඳියි කියන මෝඩ විශ්වාසය මේකට ඇති හේතුවය. ඇත්තටම පිට යන ගෑනු බොහොමයක් පිට යන්නේ බැන්දාට පසුවය. මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැති බව ඇය දන්න නිසාය. කෙල්ලකගේ යෝනිය ගැන වොරි වෙන්නේ නැතිව, ඇයගේ ආදරයට ආදරය කරන්න පුළුවන්නම්, ඇයගේ හදවත නිවැරදිව තේරුම් ගන්න පුළුවන්නම් ඇය පතිවත රකිනවා කියන එක වළක්වන්න මේ සක්වලේ කාටවත් බැරිය.
මේකටම සම්බන්ධ නිසා ස්වයං වින්දනය ගැනත් යමක් කිව යුතුය. මේ ලෝකයේ කොතැනක හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති පිරිමියෙක් ඉන්න බව මට සනාථ කර පෙන්නුවොත් මං මේ සයිබර් අවකාශයේ ලියන එක එදාම නවත්තනවාමය. නමුත් ඒ ප්‍රශ්නයම ගැහැනු වෙත යොමු කළොත් ඕනෑ තරම් ගැහැනු සිටිනවාය. එයට එකම හේතුව කන්‍යාභාවය සහ ස්ත්‍රී ලිංගිකත්වය ගැන ඇයට දී ඇති වැරදි අධ්‍යාපනයය. ස්වයං වින්දනය මොනම හේතුවක් නිසාවත් අයහපත් ප්‍රතිපල ගෙන දෙන්නේ නැත. නිතර නිතර එහි යෙදීම නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝනොවන රෝග ගණනාවකින් වැළකී සිටීමට එය උපකාරයක් වනු ඇත. පොදුවේ මිනිසාට ලැබෙන මෙම වරදානය ගැහැනියට අහිමි වී ගොස් ඇත. යම් කෙල්ලක් වැඩිවියට පත් වූ පසු ස්වයං වින්දනයේ යෙදෙනවා නම්, (තේරෙන විදිහට කියනවා නම් ඇඟිලි ගහන්න පුරුදු වෙලා නම් ඉන්නේ) ඇයට එයින් ලැබෙන වාසි විශාල සංඛ්‍යාවකි. ඇයගේ පෞරුෂය සහ ආත්ම අභිමානය ඉහළ යාම එයින් වැදගත්ම කාරණයකි. සම පැහැපත් වීම, අනවශ්‍ය තරබාරු ගතිය ඉවත් වීම, කෙට්ටු සිරුරක් නම් තියෙන්නේ මහත් වීම වැනි කරුණුත් ඒ අතර තියෙනවා. කන්‍යාභාවයට හානි වෙයි කියා බයෙන් බොහෝ කෙල්ලෝ එයින් වළකිනවා. නමුත් ක්ලිටෝරිසය ඉදිරියට පැමිණ ඇති නිසා කන්‍යාභාවය විනාශ කර නොගෙන වුණත් ස්වයං වින්දනයේ යෙදෙන්න පුළුවන්. ඒ බව කියා දෙන්න ගැහැනුන්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ සංස්කෘතිය තියෙන තැන ඒකයි.
ගැහැනිය යනු සෙක්ස් අයිටම් එකක් ද කියන ප්‍රශ්නයටත් පිළිතුරක් දිය යුතුය. පිරිමියෙකුගේ සහ ගැහැනියකගේ ලිංගික හැකියාව වෙනස්ය. පිරිමියෙක් දෙතුන් වතාවක් එක පිට ශුක්‍ර පිට කළ හොත් නැවත සතුටු වීමට තරමක් අපහසුය. නමුත් ගැහැනියට අවශ්‍ය නම් දහ දොළොස් වතාවක් වුවත් එක දිගට සතුටු විය හැක. පිරිමියෙකුගේ උත්තේජනය බොහෝවිට ලිංගය කේන්ද්‍ර කර ගෙන ඇති වෙයි. ගැහැනියට එය යෝනිය සහ පියයුරු කේන්ද්‍ර කර ගෙන ඇති වුණත් සමස්තයක් වශයෙන් ඇයගේ මුළු සිරුරම එයට ප්‍රතිචාර දක්වයි. කොටින්ම ගැහැනියකගේ කන්‍යාභාවයට කිසිදු හානියක් නොකොට ඇයව උපරිම සතුටට පත් කරන්නට හැකියි. මෙන්න මේ වගේ කරුණු කීපයක් පාදක කර ගෙන ගැහැනිය සෙක්ස් අයිටම් එකක් මිස ඊට වඩා වැඩි දෙයක් නැහැ කියා හිතනවා නම් එය විහිළුවකි. සමස්තයක් වශයෙන් මිනිසුන්ගේ ලිංගිකත්වය මානසිකය. ශාරීරික ම නොවේ. යම් කෙල්ලෙක් කොල්ලෙකුගේ ලිංගය හිමීට අතගානවා නම් එයින් අත මිදෙන්න තරම් ආත්ම ශක්තියක් පිරිමියෙකුට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. නමුත් ගැහැනියගේ පියයුරු හෝ යෝනිය අනවසරයෙන් අත ගාන්න ගියොත් එය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව අනෙක් අතට කන හරහා දෙකක් දෙන්නට ද ගැහැනියට හැකිය. ඇත්ත එයය.
ගැහැනියට ලිංගික ඇබ්බැහි වීම් තියනවා යැයි කීම මෙයට ම අදාළ තවත් විහිළුවකි. ලිංගික ඇබ්බැහි වීම යන මානසික රෝගය ගැහැනු පිරිමි ඕනෑම අයෙකුට වැළඳිය හැකි තත්වයකි. නැතිව ගැහැනියට පමණක් ආවේණික තත්වයක් නොවේ. එවැනි ඇබ්බැහි වීම් තිබුණත් පිරිමියෙකුට වඩා ලේසියෙන් ගැහැනියකට එයින් අත මිදිය හැක. අතීතයේ ගණිකාවන් ලෙස ක්‍රියා කොට පසුව සාමාන්‍ය ජීවිත ගත කරන ගැහැනුන් මට හමු වී ඇත. එපමණක් නොව අතීතයේ සමලිංගික සේවනයේ යෙදී සිට පසුව එයින් ඉවත් වී යහපත් පවුල් ජීවිත ගත කරන ගැහැනුන් ද මා දැක තිබේ. ඒ කිසිකෙනෙකුට අතීතය තුළ තමා මෙහෙම නේද කියා හිත හිත නැවත ඒ තත්වයට එන්නට අවශ්‍ය වී නැත. ඒ නිසා ලිංගික ඇබ්බැහි වීමක් යම් තැනැක ඇද්ද එය කිසියම් මානසික ප්‍රශ්නයක් මිස ගැහැනියක් වීම නිසා උරුම වන තත්වයක් නොවන බව කිව යුතුමය.
පිරිමියා සහ ගැහැනිය කියන්නේ ජෛවවිද්‍යාත්මකව වෙනම සත්වයන් දෙදෙනෙකි. ජෛවීය වශයෙන් ඔවුන් අතර ඇති වෙනස්කම් අපට ප්‍රතික්ෂේප කළ නොහැක. නමුත් ස්ත්‍රීවාදය කියන්නේ මේ දෙක එකක් කිරීමට දරන වෑයමක් කියා කවුරුහරි හිතා සිටිනවා නම් එය අපරාදයකි. ගැහැනියට පමණක් ආවේණික ප්‍රශ්න කොහෙද තියෙන්නේ කියා අහන්නේ ගැහැනියගේ තත්වය නිවැරදිව තේරුම් ගන්න බැරි අය පමණයි. ගැහැනිය යනු තවත් එක් ‘මිනිසෙක්’ කියා සමාජයට ඒත්තු ගැන්වීමට දරන සුහද වෑයමක් ලෙසයි මා ස්ත්‍රීවාදය දකින්නේ. ස්ත්‍රීවාදය තුළ තවදුරටත් මිනිසාගේ විද්‍යාත්මක අනුභූතිය අභියෝගයට ලක් කරයි. අතීතයේ සිට පොත්පත් ලිව්වේ දර්ශන මතවාද හැදුවේ පිරිමි අය. මේ නිසා ඒ සෑම විටම ඒ අය ගැහැනියව අවතක්සේරුවෙන් සැලකූ බව පැහැදිලිව පෙනේ. ඒ පමණක් නොව ගැහැනිය යනු තමාගේ විනෝදය පිණිස භාවිත කළ හැති භාණ්ඩ බවට පත් කිරීමට මෙම පිරිමි දාර්ශනිකයන් වෙර දරා ඇති බව ලෝක ඉතිහාසයෙන් පෙනේ. ස්ත්‍රීවාදය මේ සියල්ලට හොද ප්‍රතිචාරයකි. එය දර්ශනයකි. මේ නිසා යම් කෙල්ලක් ක්‍රියාකාරී ලෙස ස්ත්‍රීවාදීව කටයුතු කරයි නම් ඇය ගැන අප අයහපත් ලෙස බැලිය යුතු නැත. නමුත් දැනට වෙන්නේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් නියැෙලන ගැහැනු දෙස බලන්නේ ‘ඔය එක පිරිමියෙක් එක්ක ඉන්න බැරිවට කරන දේවල්’ එහෙම නැත්නම් ‘ඔය ගැහැනියක් එක්ක පවුල් කන්න ඕනේ වෙලයි ඔහොම දගලන්නේ කියා’ ය. මේ මෝඩ සංකල්ප අප වහාම නැති කළ යුතුවේ. (සැලකිය යුතුයි. ලංකාවේ ස්ත්‍රීවාදීන් කෙතෙක් දුරට ස්ත්‍රීවාදය හදාරා ඇත්දැයි මා නොදනිමි)
අවසාන වශයෙන් මෙය කිව යුතුය. හිටි හැටියේ මෙහෙම ලිපියක් ලිව්වේ ගැහැනිය ගැන තියෙන දුර්මත කීපයක් හෝ ඉවත් කිරීමටය. ගැහැනිය යනු රමණය කරන්නම උපන් කෙනෙක් ය ඊට වඩා යමක් එතන නැතැයි කියන්න උත්සාහ කරන්නේ පුරුෂාධිපත්‍යයට ආවඩන සාහිත්‍යකාරයන් සහ ඔලමොට්ටල තක තීරුවන්ය. ඒවා බොරුවට ඔළුවට අරන් තමන්ගේ පවුල් ජීවිත අවුල් කර ගන්න එපාය. ගැහැනියක් සහෝදරියක් ලෙස යෙහෙළියක් ලෙස බිරිඳක් ලෙස මවක් ලෙස ඉටු කරන කාර්යයත් කාර්යාලයක හෝ වෙනත් ආයතනයක් වෘත්තීයවේදියක් ලෙස ඉටු කරන කාර්යයත් අපට කිසිසේත් අවතක්සේරුවෙන් සැලකිය නොහැක. ඇයට ආදරය කරන්න, ඇයව රැක ගන්න. ගැහැනියක් බුදු කෙනෙක් බවට පත් කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඇයව බඩුවක් කෑල්ලක් ගාණට දාන්නත් එපා. ඒ වචන පවා භාවිතයෙන් අහක් කර ගන්න. ගැහැනිය යනු ඇට ලේ මස් වලින් හැදුණු ගැහෙන හදවතක් තියෙන දැනෙන මොළයක් තියෙන මිනිසෙකි. ඇයව මනුෂ්‍යයෙක් වශයෙන් තේරුම් ගන්න. ඇයට මිනිසෙකුට සලකන විදිහට සලකන්න. ඇය දරුවො හදන මැෂිමක්වත් ඇඳ උඩ නිදි කරවා ගන්න සෙල්ලම් භාණ්ඩයක්වත් නොවන බව තරයේ තේරුම් ගන්න.
Thursday, January 4, 2018
ආදරය....
ආදරය ගැන කට්ටිය කොච්චර නම් දෙවල් කතා වෙනවාදඑක එක අය තම තමන්ගේ වාසියට අනුව ආදරයට එක එක නිර්වචන දිලා
සමහරු ආදරය දකින විදියට නොවෙයි තවත් සමහරෙක් දකින්නේ
එක එකිනෙකාගෙන් වෙනස්ම වෙච්ච දෙයක්
යම් දෙයක පැවැත්තමකට කුමක් හො සම්බන්ඳතාවක් පැවතිය යුතුයි
අඩුම තරමින් ප්‍රාථමික මට්ටමින් හො...
හැමදෙයක්ම තුල කුමක් හො සම්බන්දයක් තියනවා
සමහරු මෙක දකින්නේ ආදරය විදියට
අපි අපි අතර තියන සම්බන්ඳතාවය දිගටම පවත්වාගෙන යන්න තියාගන්න මිනුම් දන්ඩක් විදියට හුඟක් ‘‘ආදරය‘‘ කියන වචනය පාවිච්චි කරනවා
එත්
කවුරු කොහොම මෙන නිර්වචනය දුන්නත් මම ආදරය දකින්නේ වෙනස්ම විදියකට
සමහරවිට මගේ තිරනයට ඔයාලා අකමැති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
මට අනුව නම්
ආදරය කියලා දෙයක් මේ ලොකෙ නැ
මිනිහෙක්ගේ පැවැත්මට ඔනේ කරන
ආදරය සෙනෙහස කරුනාව දයාව
සැලකිල්ල ලිංගික ආෂාව ආකර්ෂනය එකි මෙකි නොකි ප්‍රාථමික අවෂයතාවයන් සපුරගන්න සිමාසහිත රාමුවක් ඇතුලෙන් අසිමිත බන්දනයකට යටත්ව තමන්ට විරුද්ද ලිංගිකයෙක්ව මුළුජිවිත කාලය පුරාවට හො යම්තාක් දුරට යම් කාලයක් තුල අයිති කරගගැනිම තමයි ආදරය විදියට දකින්නේ
සමහර විට අපිතොර ගන්න පුද්දගලයා අපි එක්ක මුළු ජිවිත කාලය පුරාවටම හිදිවි නැතිනම් ජිවිතේ යම් තාක් කාලයක දුරකට අපි එක්ක හිදිවි
මේ හැමදේම තිරණය වෙන්නේ ආකාර්ෂනය මත....
මම කෙනෙක්ට කැමති නම්
නිකන් හිතමුකො මම එයාගේ කොන්ඩෙට ආසයි(උදාහරණයක් පමණි)
ඒ කොන්ඩේ නිසා මම එයාව මුළු ජිවිත කාලයම එයාව මටම විතරක් අයිති කරගන්න උත්තසහා කරනවා ලඟින් තියාගන්න උත්සහා කරනාවා..නමුත් යම් දිනයකදි එයා ඒ කොන්ඩය කපනවා එත් එක්කම මගේ හිතතේ ඇතිවලා තිබ්බ සෙනෙහස හැමදේම එ වෙනසක් එක්කම නැතිවෙලා යනවා
එතකොට එතන පැවතිලා තියන සම්බන්දතවාටද අපි ආදරය කියන්නේ
නැහැ
එ ආකර්ෂනය
අකාර්ෂනයත් එක්කම පවතින බැඳිමක්
නමුත් හුඟක් අය ආකර්ෂනයට ආදරය කියා කියනවා එ දෙක පටලවගෙනඅතර රාමුවට යටත්ව ජිවිතය ගෙවනවා
දෙදෙනෙක් අතර යම් සම්බන්ඳතාවයක් පවතින තාක් කල් එදෙන්නා අහස් හුවමාරු කරගනි
දුක සැප විමසයි දෙදෙනා දෙදෙනාගෙම හැඟිම් සමඟකතා කරයි
හුවමාරු කරගනි
නමුත් එය ආදරය නොවෙයි
කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....
කෙනක් ඔබ ගැන ඕනවට වඩා හිතනවනවා කියලා ඔබටම දැනෙනවානම් ඒකත් ආදරෙයි කියලා හිතන්න හදිසසි වෙන්න එපා.....
ආදරය කියන්නේ කෙනෙක් ගැන ඔබට හිතෙන එකවත් ඔබගැන තවත් කෙනෙක් හිතන එකවත්
නෙමෙයි......කෙනෙක් ගැන ඔබ හිතදදී එයා ඔබ ගැන නොහිතන්නට පුළුවන්..........
ඔබ ගැන කෙනෙක් හිතද්දී ඔබ එයා ගැන නොහිතන්නටත් පුළුවන්.....
ආදරයි කියන්නේ ඒ වගේ හුදකලා සිත්විල්ලක් නෙමෙයි......
දෙන්නෙක් එකම විට එකම හැගීමකින් එකම ගැඹුරකින් එකිනෙකා ගැන හිතන එකටයි ආදරේ කියන්නේ............
ඒක මහ පුදුමාකාර සිතුවිල්ලක්............
නමුත් බොහොවෙලාවට සිදුවන්නෙ අපි යම් කෙනෙකුට ආසා වුනොත් කැමැත්තක් ඇත් වුනොත් ඒ පුද්ගලයා ලාවා අපි පිලිබඳ බලෙන් සිතුවා ගැනිමක්
නමුත් ඇත්තටම එ පුද්ගලයාට අපි පිලිබඳ හැගිමක් ඇති නොවෙන්න පුළුවන්
එ නිසාම අපිට කලකිරිමක් ඇතිවිමටත් පුළුවන්
නමුත් ආදරය කියන්නේ බලෙන් ඇති කරවා ගත නොහැකිදෙයක්..යම් කෙනෙකෙු ලවා බලෙන් සිත්තවා ගත නොහැකි දෙයක්
ආදරය යනු හුදෙක් සන්කල්පයක් විතරයි
ආකර්ෂනයෙන් මායාවෙන් ආසාවෙන් තෙරවෙච්ච පිවිතුරු සන්කල්පයක්
කොන්දෙසි විරහිතව සිතේ උපදින පිවිතුරු සන්කල්පයක්
එක ආදරය වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්
නමුත් කිසිකෙනෙකුට ආදරය බලෙන් ඇතිකරවන්න වත් බලෙන් ආදරය දෙන්නවත් බැහැ
එය කාලයාගේ ඇවැමෙන් ඉබේ ඇතිවිය යුතු හැඟිමක්
මට යම්කෙනෙක් ගැන ඇතිවන හැඟිමක්(ආදරයක්) සමහර විට ඔහුට හො ඇයට මා පිලිබඳව ඇතිනොවන්නට පුළුවන්
සමහර විට මට දැනේනවාටත් වඩා හොඳින් දැනේන පුළුවන්
නමුත් එක හුදෙක්ම හැඟිමක් පමණයි...
ජීවිතය බලෙන් තවත් ජීවිතයකට බන්දා තියෙන වරපට ආදරය නෙමෙයි......
ඒක බැඳීමක් විතරයි.......
බැදීම් විවිධාකාරයි....
බැදීමකට ආදරය කියලා කියන්න බෑ...
එක මිනිහෙක්ගේ ජීවිතය ඇතුලේ බැඳීම්
කීපයක් තියෙන්න පුළුවන්....
ඒත් ආදරයක එහෙම ගොඩක් තියෙන්න බෑ....
ඒක බොහෝවිට එකයි
ගොඩාක් අය ගැන ඔබට ගොඩාක් ඒවා හිතෙනවා....
සමහරුන්ටනම් දකින දකින කෙනාට පෙම් සිතුවිලි
එනවා....
ඒ අයගේ ආදර හැගීම හැමවෙලේම පිටාර ගලනවා...
ඒත් ආදරය එහෙම ලාබ දෙයක් නෙමේ....
දකින දකින කෙනා ගැන ඇතිවෙන්නේ ආශාවක් අනුරාගයක්.....
ආදරය කියන්නේ ආශාවක් නෙමේ...
අවශ්‍යතාවයක්......
ඔබේ හදවතට ආදරය අවශ්‍යයි.....
අපි හුඟක් වෙලාවට ආෂාවන් පසුසපස හඹා යයි
නමුත් අපි තුල ඇතිවන සියළු ආෂාවන් පිනවිම ආදරය නොවෙයි
ආෂාවන් පිනවිම හරිම අසිරු දෙයක්
එය මොහොතින් මොහොත වෙනස් වෙයි
දැන් ඇතිවන ආසාව තව සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්
සමහර විට දැන් අතිවු ආසාව තව පැයකින් අකමැත්තක් වෙන්නත් පුළුවන්
ආදරේ කියනදේ ඉක්මනට ලැබිය යුතු නෑ....
ඒත් පිළිවෙලකට ලැබිය යුතුයි.......(එකටත් යම්කිසි වෙලාවක් තියනවා ඒ වෙලාව එනතෙක් අපි බලා සිටිය යුතුයි)
ආදරය යනු ආෂාවෙන් තොර වු නිර්මල සන්කල්පයක්
ඒකේ කෙලවරක් සිමාවක් මායිමක් නැ
එ හුදෙක් නිර්මල හැඟිමක් සිමා මායිම් නැති නිර්මල හැඟිමක්
මම පෞද්ගලිකවම ආදරය කියලා දෙයක් විස්වාස කරන්නේ නැ
ඒ හැමදෙකටම පවතින බැඳිම/ආසාව ආකර්ෂනය/වුවමනාව මායාව
ඔය සියල්ලෙම එකතුව/ පදනම ආදරයක් නොවෙන නිසාවෙනි
ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත්
ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක් තියෙනවා....
එහෙම උනොත් ඔබ සදාකාලික අතෘප්තිමත්........
ඒනිසා ආදරය අව්‍යතාවය හා ආෂාව හදුනගන්න......
කියපු කියමනක් මතක් වුනා
---------------------------------
සැබැ පෙම්වතුන් කිසිදා හමුනොවේ
හමුවු පෙම්වතුන් කිසිදා සැබැ පෙම්වතුන් නොවේ
__________________________________________________
ප්‍රේමය ලොව හැම තැනම ඇති.. හැමදෙනටම හමුවෙලා ඇති
එනමුත් ප්‍රෙමය කිමැයි කියා හදුනාගත් කිසිකෙනෙකු නැති
Subscribe to:
Posts (Atom)





