Sunday, December 11, 2016

ලිසින්කා-සාධුවර ස්ත්‍රිය සහ තුන්වැන්නා

අබලන්ව
ගරාවැටුනු
ශිෂ්ටාචාරමය ජීවිතය
උහුලා
බලා උන්නා
යකඩ ආවර්නිත
පියස්සක් යට
ලිසින්කා-සාධුවර ස්ත්‍රිය

කාලවර්න
දිදුලන සම යටින්
උනුසුම්ව පිරුනු
තන්තුමය
රුධිර වාහිනීන්ගේ
උකුව තෙත්ව
වැගිරෙන
කාමරසෝජාවෙන්
පිම්බුනු ඉලිප්පුනු
තනින්
බලා උන්නා

ඒකතානමය
පුරුෂ චලනයන්ගේ
ඕලාරික
දිගු කෙටි
උස් පහත් වීම්
හික්මුනු
හීතල හුස්මවල්
හීන් මිමිනුම්
බිලාලමය කෙදිරීම් ඇතිල්ලීම්

ඕවලාකාර
කන්‍යා පටල සිදුරෙන්
පිහිනා නොගිය
පාසිමය
ශුකානු පිරුනු කොපු
ගින්නෙන්
දැවෙමින්
උදුන් තාපයෙන්
පිම්‍‍බෙමින් පාවෙමින්
තිබුනා

අෑ
ලිසින්කා සාදුවර ස්ත්‍රිය
නිරුවත් කලා
බොහො 
අධ්‍යාත්මික පුරුෂයින්
ගලවා දැමුවා
අපමන
පුජක ලෝගු සුරුවම් සහ චීවරයන්
නග්නව වැතිරුනා
සාදුවර ස්ත්‍රිය
උත්පීඩකව
අධ්‍යාත්මික 
පුරුෂ ලිංගයන් හා

අඩ
පියවුනු නෙතින්
අග්නිමය කලිමලයෙන්
අසම්පූර්නව
නොපිරිනු ගැබින්
විඩාබරව
අපේක්ෂාවෙන්
වියලුනු ශුෂ්ක ජඝනයෙන්
උන්නා
ශුන්‍යයේ
දිව්‍යමය උෟර්ජයේ
වැගිරෙන ද්‍රවමය
අපේක්ෂාවෙන්

පාෂානමය
මහාමායා
උන්නති ආලේඛ්‍යයේ
උලච්චි කල
සුදු හදුන් පැනින්
ආලේප නොකල
පුරාන 
ශිෂ්ටාචරමය 
මව් ඇදහිල්ලේ
කැපකාර නොවු ස්ත්‍රියයි
ශිෂ්ටමය නොවු ස්ත්‍රියයි

ම්ලේච්ජ
අතුල් පහරවල්
අශිෂ්ට හුස්මවල්
අඩකවාකාර නිය එබ්බුම්
දිගු වේදනාවන්
රංචු ගැහුනු කාමීන්ගේ
මායමය
සංවේශනයේ
අග්නිමය කලිමලයෙන්
වැතිරි උන්නා
නග්නව
කාකිලමය අාශ්‍රයෙන්
කලලයන් නොදැරු
ශුද්ධමය
නොපිරුනු ගැබින්

ඈ 
ලිසින්කා සාධුවර ස්ත්‍රියයි
පරම ස්ත්‍රියයි
අධ්‍යාත්මික ස්ත්‍රියයි
දිව්‍යමය ස්ත්‍රියයි
අභිනිෂ්ක්‍රමය කල ස්ත්‍රියයි

Friday, November 4, 2016

උස්සන්න කලින් මේ ගැනත් සිතන්න

ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත...  එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු..  අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..

මෙහෙම ලියන්න හිතුවේ මේවා ප්‍රසිද්ධියේ කවුරැවත් කථා නොකරන නමුත් අපේ රටේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් තියන නිසා.. මේ මෑතකදී මට මගේ "වැල" මිත්‍රයෙක් හරහා මට ආපු ඊයක් තිබුන ලින්ක් එකක් ඔස්සේ ගිය අවස්ථාවක මම දැකපු වීඩියෝ ක්ලිප්ස් ‍"තොගයක්" හේතුවෙන්. කොයි තරම් දැක්කත් කොයි තරම් බලලා තිබුනත්, නැවතත් දැක්කොත් අපි අනිවාර්යෙන්ම බලන, අපේ ඇහැ යන දේවල් තුනක් ලෝකේ තියනවා... එකක් තමයි ගුවන්යානා... කොයිකරම් දැකලා තිබුනත් ගුවන් යානයක සද්දයක් ආපුගමන් අපි නිකම්ම උඩ බලනවා... අනිත් දේ තමයි නැව් එක්කෝ මුහුද කියමු... මුහුද කිට්ටුවකින් යන හැම අවස්ථාවකම අපි නිරායාසයෙන්ම මුහුද දිහා බලනවා.... අනිත් කාරනය තමයි ගෑනියෙකුගේ නිරැවත... 

අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි..  ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා.... 

අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එ‍ක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... ‍කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "‍ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය... 

අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර  ඇත (ඒ ආදරයමදැයි දැන් මා ‍මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බා‍රදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....

මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි... බාගනියි... ජංගම දුරකථන වලට ඇතුලත් කරයි... ලංකාව තුල දැන් ‍අන්තර්ජාලයෙන් "වැල" බැලීමේ අවස්ථාව නැතිබව ආරංචිය... ඒකට හේතුවුයේ තරැණියනගේ නිරැවත් ඡායාරෑප අන්තර්ජාලයට  මුදාහැරීම බව දැනගන්නට ලැබී ඇත, එයමදැයි හරි හැටි නොදනිතත් හැම දාම වගේ  ආණ්ඩුව කරඇත්තේ ප්‍රශ්ණය උඩින් පැලැස්තරයක් දැමීමය... දැන් ලංකාවේ බලන්ට බැරිය... පිටරටවල උන් බලති..... ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ‍ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.

මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි.... 

ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?

ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතු‍රෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?

"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න"

Tuesday, November 1, 2016

කසිප්පු කවි



නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට
ජීවන බර දැනෙයි මහතුනි උපරිමට
සතියේ දින හතම වෙහෙසිය යුතු කලට
මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට

ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ නැති
බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී
ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී
කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී

පිටරට බෝතලය ගන්නට සල්ලි නැත
සැන්ඩි කරලන්ට කෝලාසෝඩ නැත
බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත
ගමේ අපිට කසිප්පු පමනකි සැපත

නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?
පිටරට බීම ඔබ හට රස ඇති නේද ?
"කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?
ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?

හිල් වූ සරම ඉණ වටකර දවටගෙන
දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන
පතරොම් තුවක්කුව අතකින් දරාගෙන
කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන

හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද
ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද
ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද
උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද

රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්
නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්
උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්
පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන්

සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා

තරු හතරේ පහේ හෝටල වල වැදිලා
පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා
මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා
ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා

ගමේ දේට ගැමියන් කවදත් ළැදිය
රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය
ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය

කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය

Sunday, October 16, 2016

තාත්තා

මඟුල් සාරියට 
මූණේ ගෑව පාටට 
උස්සල බැඳපු කොණ්ඩෙට 
දුවේ... උඹ හොඳටම වෙනස් අද 

අනිත් උන් බොන කොට සතුටට 
පොඩියක් ගත්ත මං 
අද උඹ යන දුකට ; 
උඹට මදි පුංචි වෙයි 
පැත්තකින් ඉන්නං 
නෑවිදින් සබාවට 

රජයෙ රස්සාවෙන් 
කණමැදිරි අල්ලං ආවට 
අලගු තියන්න පුළුවන්ද 
ගෙයි පිපෙන හඳ එළියට ; 
උඹයි, උඹේ අයියයි 
අපෙ පුංචි තරු කැට 

අවවාද අනුසාසන 
දුවේ තව මොකටද 
උඹේ අම්ම උන්නු හැටි 
හොඳ හැටියෙ සිහිකොට ; 
පිළිකන්නේ මං තිව්ව 
කාලේ බෝතල් ටික 
මතක නොවැ දුන්නු හැටි 
සිංහල බේත් කඩේට 

උඹ හොයා ගත් එකා 
මට වඩා හොඳ වේවි 
උඹත් දැන් ටිකෙන් ටික 
ඉවසන්න හුරු වේවි 

එත් මයෙ සුදු නෝනෙ 
වචන හරහට හිටලා 
අත පයක් ඉස්සුනොත් 
උඹ ගෙදර ගෙනියන්න 
නොවැරදීම මං ඒවි

Tuesday, October 11, 2016

රාළහාමි

බෝම්බෙකට මිනිහා මැරුන..
කන වැන්දුම් ගෑණි...
පැන්සොන් එක මගේ නමට...
හදාගන්න අාවේ..
වරුගනනක් ඉඳලා ඉඳලා පෝලිමේ..
වාරටෙ මම ආවේ...
ඇයි මට තවත් ටිකක් ඉන්න..
කියලා රාළහාමි කීවේ...
පැය තුන හතරින් පස්සේ..
රාළහාමි අවේ...
පහු වෙනිදාම ඔපිස් එකට..
එන්න කියලා කීවේ..
කිව්ව නිසයි මම තනියම..
ඔපිස් එකට ආවේ...
ඇතුලට එනකොටම ඇයිද..
මගේ පුක මිරිකෙව්වේ...
කැමැත්කින් නෙමෙයි..
දරුවෝ හින්දයි ඉවසෙව්වේ...
මිනිහා මලේ මගේ කරුමෙට..
දරැවෝ නිසයි ආවේ..
මිරිකුවේ මගේ පුකම“ නෙමෙයි..

ආත්මයම මාගේ..

Saturday, April 2, 2016

කාන්තාවන්ගෙ සුන්නත් කිරීම/චර්ම ඡේදනය/Female Genital Mutilation ( කාන්තාරයේ කුසුම කියවා නැති අයට විශේෂයි )

කාන්තවන්ගේ සුන්නත් කිරීම එහෙමත් නැතිනම් චර්ම ඡේදනය සම්බන්ධ කරගෙන එකිනෙකාට අපහාස කර ගැනීම් කිහිපයක් දක්නට තිබුනි, මෙය ම්ලේච්ච ක්රියාවක් වන නමුත් එයට ලක්වුවන්ට පහර ගැසීමට හෝ අපහාස කිරීමට එය භාවිතා නොකල යුතුය. මෙම ක්රියාව ඒ තරම් ම අමානුශික ක්රියාවකි. කිසිවෙකුත් ඉපදෙන විට රටවල් ආගම් ජාතීන් තෝරා ඉපදෙන්නේ නැත, ඔවුන්ගේ ඉරනම අනුව එකිනෙකා විවිධ රටවල් විවිධ ජාතීන් විවිධ ආගම් තුල ඉපදේ,මේ නිසා ඔවුන්ට අනුගමනය කරන්නට වෙන, හෝ ඔවුන් ගොදුරු වන දේවල් භාවිතා කර අපහාස කිරීම නොහොබිනා ක්රියාවකි.උඩ කෑල්ල කපලා දැයි, කොන කපලා දැයි අහන පුද්ගලයින්ද මෙම රටවල් වල මෙම ජාතීන් වල මෙම ආගම් වල ඉපදුනා නම් ගොදුරු වන්නේ මේ ඉරනමටමය.එම ක්රියා විවේචනය කිරීම එකකි, ඒවාට ලක්වූ පුද්ගලයින් විවේචනය කිරීම තවකෙකි, මේ දෙකේ වෙනස තේරුම් ගත යුතුය . කෙසේ වෙතත් මෙම කාන්තාවන්ගේ චර්ම ඡේදනය පිලිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත, මෙය ජීවිත කාලයම විඳවීමට සිදුවන සිද්ධියකි . චර්ම ඡේදනය පිලිබඳව අදහසක් ලබදීමට වරිස් ඩයිරිගේ ඩෙසර්ට් ෆ්ලවර්(Desert Flower) නම් ස්වය්ං චරිතාපදාන්යේ සිංහල පරිවර්තනයෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ

‘අහිකුන්ඨක ගැහැනියත් අපත් අතර කිසියම් හෝ කතා බහක් නොවීය. ගැහැනිය කෙලින්ම කටයුත්තට බැස්සාය. අනතුරුව ඇය මගේ පිටුපස හිඳ මගේ හිස ඇයගේ(වාරිස් ගේ මව ) පපුවට හේත්තු කර ගත්තාය. මගේ දෙ අත්වලින් මම අම්මගේ දෙකලව තදින් හිරකොට අල්ල ගතිමි. අම්මා තරමක ලී කැබැල්ලක් මගේ දත් ඇඳි අතර තබා එය තදින් විකා ගන්න ලෙස කීවාය..

“මේක හරි වේදනාවයි නේද ?” දත් ඇඳි දෙකෙන් විකාගෙන සිටින ලී කැබැල්ල තුළින් මම මිමිනුවෙමි.මට ඔය අල්ලගෙන බෑ.. “හොඳ මැණික වගේ දඟලන්නේ නැතුව ඉන්නකෝ..ඕක විනාඩියෙන් ඉවරයි”.අහිකුන්ඨක ගැහැනිය බ්ලෙඩ් තල කැබැල්ලක් අතට ගත්තාය.බ්ලේඩ් තල කැබැල්ල මත තිබූ ලේ පැල්ලම් මම දුටුවෙමි.එකවරම ඇය බ්ලෙඩ් තල කැබැල්ලට කෙල පහරක් ගසා ය ඇඳිවතේ පිරිමදින අතර, මගේ ලෝක්යට අඳුර එක් කරමින් මගේ දෙනෙත් වැසී යන සේ රෙදි කැබැල්ලක් තැබූ අම්මා එහි කෙලවරවල් දෙක මගේ හිස පිටුපසට තබා හිර කොට බැඳ දැමුවාය.
එකෙනෙහිම මගේ යෝනියේ යම් කොටස් කැපී යනු මට දැනෙන්නට විය.ඊලඟට මගේ යෝනි චර්මය මත ඒ මේ අත දිව යන බ්ලේඩ් තල කැබැල්ලේ හඬ මට ඇසෙන්නට විය. ඒ සිද්ධිය මතකයට එන හැම අවස්ථාවකම එවැනි දෙයක් මට සිදුවූවා යැයි මට ම අදහාගන්නට නොහැකිය ඇත්තෙන්ම මගේ අත්දැකීම විස්තර කරන්නට මේ ලෝකයේ භාශාවක් නැත.මෙය ඔබගේ කලවෙන් මස් කැබැල්ලක් කපා වෙන් කරනවා හෝ අතාක් කපා දමන විට හෝ දැනෙන වේදනාව වැනි යැයි හඳුන්වන්නට හැකි නමුදු, ස්ත්රී යෝනිය යනු ගැහැනිය ගේ ඉතාමත් සංවේදී කොටසක් බැව් අමතක නොකල යුතුය.දඟලන්නට ගියහොත් වේදනාව දෙගුන තෙගුන වන හෙයින් ගලක් මෙන් මම නොසෙල්වී සිටියෙමි.එහෙත් අවාසනාවකට මෙන් කිසියම් ශාරීරික දුර්වලතාවක් හේතුකොට ගෙන පාලයන කල නොහැකි ආකාරයට මගේ දෙපා ගැහෙන්නට විය.මෙය ඉක්මනින් අහවර වන්නට කියා මා දෙවියන්ට යාඥා කළ අටර මට මුත්රා පහව යන්නට විය.
ඒ වනවිට මෙම කටයුත්ත අහවර වී ඇතැයි සිතූ මා මගේ දෙනෙත් බැඳ තිබූ රෙදි කැබැල්ල ඉවත්කර දෙනෙත් හැර බැලූ කල දුටුවේ මහත් වේදනාකාරී කොටස පටන්ගෙන ඇති බවය.අහිකුන්ඨක ගැහැනිය ආකාසියා ගසකින් කපාගත් උල්වූ කටු රැසක් පරික්ශා කරන බව මම දුටුවෙමි,කටුවකින් මගේ යෝනී චර්මය සිදුරු කල ඇය,ඝන සුදු නූලකින් යෝනියේ වූ අවයව කපා දැමූ ස්ථාන මසන්නට පටන් ගත්තාය,මගේ දෙපා පණ නැතිව ගොස් තිබූ අතර, දරා ගන්නට නොහැකි වේදනාවක් මට දැනෙන්නට වූ අතර හිස පාත් කොට බැලූ කල දුටුවේ අහිකුන්ඨක ගැහැනිය මගේ යෝනි චර්මය මසන අයුරුය. ඒ මොහොතේ යම් සාමකාමී බවක් දැනෙන්නට වූ අතර, තවදුරටත් බියක් හෝ කනගාටුවක් නොවීය.එතැන් සිට කුමක් සිදුවූවා දැයි මට මතක නැත.දෙනෙත් හැර බැලු කල අහිකුන්ඨක ගැහැනිය පෙනෙන්නට නො සිටියාය.ඔවුන් මගේ දෙපා එකිනෙකට තබා උඩ සිට පහලට රෙදි වලින් වෙලා ගොස් සිටි බැවින් මට හෙළවෙන්නටවත් නොහැකි විය.
සියලුම වේදනාවන් අහවර යයි සිතා සිටියත් වැඩියෙන් වතුර හෝ කිරි හෝ බොන්නට එපා කියමින් අම්මා විසින් කරන ලද අනතුරු හැඟවීමේ අරුත කුමක් දැයි මුත්‍රා කරන්නට ගිය විට මම හොඳින් තේරුම් ගතිමි.මුත්‍රා කිරිමට අවශ්ය වී තිබුනෙන් මම අමාන්ට (වාරිස්ගේ වැඩිමහල් සොහොයුරිය ) කතා කලෙමි.මුත්‍රා කිරීමට අවශ්ය ව ඇති බව අමාන්ට පැවසූ විට අමාන්ගේ මුහුණෙහි ඉරියව්වලින් එහි බැරෑරුම්කම මම තෙරුම් ගතිමි.වැල්ලේ කුඩා වලක් හෑරු ඇය මා එතැනට රෝල් කලේය අනතුරුව ඇය මෙසේ කීවාය "ආ දැන් ඉතින් කරන දෙයක් කරන්න". පළමුවැනි මුත්‍රා බිංදුව පිට වීමත් සමඟ ඇසිඩ් වැනි දෙයකින් මෑඅ චර්මය පිච්චී යන්නා වැනි මහත් වේදනාඅක් දැනෙන්නට විය. අහිකුන්ඨක ගැහැනිය මගේ යෝනියේ වූ අවයව කපා මසා දැමීමෙන් පසුව මුත්‍රා කිරීමට සහ ඔසොප් වීමේදී රුධිරය ගලා යන්නට ගිනි කූරක තරම විෂ්කම්භය ඇති කුඩා සිදුරු දෙකක් පමනක් ඉතිරි කර තිබුණි’.
මෙසෙ කිරිමෙන් අනතුරුව සති ගණනක් දෙපා බැඳගෙන කැලෑවට වී සිටිය යුතු බවත් ඒ කාලය තුල බොහෝ ලමුන් ආසාධන වලින් මිය යන බවත් සඳහන් වේ.

එසේම මෙම කුඩා සිදුරු දෙකක් පමනක් ඉතිරි කිරිම නිසා ඇයට ජීවිත කාලය පුරා (නැවත ශල්යකර්මය සිදු කරන තෙක්) මුත්‍රා කිරීමේදි( එක වරකට මුත්‍රා පිට කිරීමට විනාඩි 10 -15ත් අතර කාලයක් ගතවේ ) සහ මාස් ශුද්ධියේදී මුහුන පෑමට සිදුවූ වේදනාවන් මෙම ග්රන්ථයේ විවිධ ස්ථාන වල සඳහන් වේ.