වෙන රටවල වැඩිහිටියන්ට Don't drink and drive කියද්දි අපේ රටේ උදේ හවා කියන්නෙ "බොන්නම එපා!" කියල.
බොන්නම එපා කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියන සංකල්පයෙන් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටියන් විසින් වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත සමාජ ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න මොනයම් හෝ ආගමකින් හොඳ නරක ගැන ගහන කළු සුදු ඉරි තමාගෙ ජීවිතයට ඔහේ ආදේශ කරගන්න එක නෙමේ.
"බොන්න එපා..බොන්න එපා.. බොන සල්ලි වලින් අසරණ කාට හරි බිබික්කං අරන් දීපං.. කන්න නැති මනුස්සයෙක්ට හැලප අරන් දීපං"
හැම උත්සවයකදිම, හැම සැමරුමකදිම, හැම විශේෂ දිනයකදිම ගාථාව කියනව වගේ ඕක කියවනව.
අපේ රටේ බොන එකම නරක වැඩක්. නොකල යුතු දෙයක්. පාපයක්..
අපේ රටේ ඊනියා 'හොඳ' මනුස්සයෙක් වෙන්න අරක්කු ටිකක් කටේවත් නොතියන එක මූලික අවශ්‍යතාවයක්.
අපේ සමාජයේ බොහෝමයක් ආකල්ප වගේම ඔය ආකල්පයෙත් මූලය ආගමිකයි. ආගම සම්බන්ධ කරගන්නෙ නැතුව වැසිකිළියටවත් යන්න බැරි මිනිස්සු ආගම සම්බන්ධ කරනොගෙන හොඳ නරක තීරණය කරන්නෙ කොහොමද? ඒකයි ප්‍රශ්නය
ඉතින් අර ආගමෙන් කියල දීල තියෙන.. හොඳ නරකය කියල තමන් හිතන් ඉන්න දේවල් මුලු ජීවිතයටම.. හැමෝගෙම ජීවිත වලට එහෙමම ඇප්ලයි කරල දානවා
ඒ අනුව පදනම් වෙලා මතවාද හදාගන්නව. මිනිස්සු විනිශ්චය කරනවා. කොන් කරනව, හංවඩු ගහනව.
ගොඩක් අයට අනුව බොන උන් නොබොන උන්ගෙ නොබීමේ අයිතියට ගරු කරන්න ඕන. නමුත් නොබොන උන්ට තමන්ගෙ පාඩුවේ බොන උන්ගෙ අයිතියට ගරු කරන්න තරම් හික්මීමක් නැහැ. හැදියාවක් නැහැ.
බොන එක විතරක් නෙමේ, ඕනම දෙයක් සීමාවක් නැතුව.. ලිමිට් එකක් දන්නෙ නැතුව කරනව නම් ඒක නරකයි තමයි. වෙන්න ඕන තමාට සතුටක් හම්බවෙන ඒ මොක හරි වැඩේ සීමාව මොකක්ද කියන එක තීරණය කරගන්න පුළුවන් ජනතාවක් බවට පත් වෙන එක මිසක බොන එකටයි වැසිකිලි යන එකටයි, හැමිනෙන එකටයි, හැම දේකටමයි ආගමික හරි වැරදි ඇප්ලයි කරලා "තිත" තියන්න හදන එක නෙමේ.
ඇත්ත. ජීවිතය විඳින්න බොන්නම ඕන නැහැ තමයි. නමුත් ඒක සමහරුන්ට ජීවිතය විඳින තවත් එක ක්‍රමයක්. වෙනත් කෙනෙක්ට දැනෙන ඒ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ නිදහසට ගරු කරන්න කෙනෙක් තුළ අපි හිතනවට වඩා විනයක් තියෙන්න ඕන
ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනව වගේ ඉන්න ටික කාලෙ ජීවිතය විඳින්න එක එක මිනිහා එක එක ක්‍රම හදාගන්නව. ඉඳල හිටල අඩියක් ගහන එක එයින් එකක්.
වෙන කෙනෙක්ගෙ ආතල් එකෙන් තමාට හානියක් නැත්නම්, බලපෑමක් නැත්නම්.. කවුරු හරි තමාට කරදරයක්, හානියක් නොවෙන විදියට උගෙ ආතල් එක ගන්නව නම් අහක ඉන්න කවුරුත් ඒක ගැන වදවෙන්න බණ දෙසන්න ඕන නැහැ.
තමා නොබී ඉද්දි එක එකා ඇවිත් "බීපං බීපං" කියල දෙසන එක වගේම තමයි මනුස්සයෙක් මොකක් හරි සමරන්න හරි මොන හේතුවකට හරි අඩියක්හ ගහන්න හදදදි "බොන්න එපා යකෝ බොන්න එපා යකෝ " කිය කිය කියවන එක
ආයෙම කියන්නම්, නොබොන එකාට නොබොන්න අයිතියක් තියෙනව වගේ තමා. බොන එකාට බොන්නත් අයිතියක් තියෙන්න ඕන කන් කරච්චලයක් නැතුව.
කතාව ඒ තරම්ම සරලයි. බොන්න ඕන උන් නොබොන උන්ට කරදරයක් නොබී බීපං. නොබොන උන් බොන උන්ට බණ දෙසන්නෙ නැතුව තම තමාගෙ ආගමක් දහමක් අදහගෙන ඉඳපල්ල
එච්චරයි. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්
