Sunday, July 5, 2015

ප්‍රේමය නම්......

ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක ප්‍රමාණයක්ද , රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක් එක්කොට,

මිනිසා විසින් තම පෞද්ගලික/ ආත්මාර්ථයන් උදෙසා, සමාජමය අවශ්‍යතාවය මත, මානසික අවශ්‍යතාවය මත හා කායික අවශ්‍යතාවය මත ක්‍රියාකාරීව පවත්වාගෙන යනු ලබන, ඇතැම් විට අන් සියළු චිත්ත සන්තානයන් පරයා යන, නමුත් සත්‍ය වශයෙන්ම නොසැළකිය හැකි තරම් වූ, අවසානය සෑම විටම දූක්ඛදායක වූද, සෑම විටම අන් අය සමඟ සාපේක්ෂව සසඳා බලන, අතිශය තාවකාලික, ඇතැම් විට අධිමානයක් ඇති කරන, තවත් විටෙක හීනමානයක් ඇති කරනා,

බදාම මිශ්‍රණයකට එක් කරන ලද මැලේ අච්චාරුවකි.....

No comments:

Post a Comment