Wednesday, July 29, 2015
නයිට් ක්ලබ් සහ සංස්කෘතිය...
ඔවුන්ට අනුව night club ගිහින් බිව්වොත් මහා අපරාධයකි, උන් හැදියාවක් නැති උන්ය. නමුත් ඔය සිල්වත් මධ්‍යපාන්තික සමාජයේ අයද යාලුවො එක්ක සෙට් වේ ගෑනිගෙන් ඔම්ලට් එක හදාගෙන ඇදගෙන වැටෙන තරමට බිව්වත් උන් හොන්ද මිනිස්සුය.
Tuesday, July 28, 2015
නෙලුම් කුලුන පාමුල සිට.....
බේරේ වැව අද්දරින්
ඉහල අහසට නැගුනු
සංවර්ධනයේ පුරුෂ ලිංගය
බදාගන අඬනවා ඉකිබිඳ
කාලෙකට ඉස්සර
කන්‍යාභාවය සිඳගත්
කොළඹ අහස.
සිංහාසනෙන් බැස යන
මහරජු ගේ දුක්බර
විලාසය දැක.
සුරතාන්තයට පෙර මැලවුනු
ආසියාවේ ආඩම්බරය!
බලා සිටියා දුකින්
ඇදෙන විට දකුණු දිග්බාගෙට
කිරුල, කඩු කස්තාන ගිලිහුණ
රජු රැගත් දඬුමොණරය.
හාත් පස පැතිරුණු
නොහොඹිනා නිසංසල කම
ජයග්‍රහණයකැයි කියන්නේ කෙලෙස
පරාජිතයින් ගේ ලෙයින්
බේරේ වැව රතු වුනේ නැති කොට
රජු පැරදුනා තමයි
කලගුණ නොදත්,
බහුතරේ සුළුතරය ට
සුළුතරේ බහුතරය
අධෝභාගය පෑ නිසා
නොමිලේ ම
වළා කන්‍යා පටල
ඉරාගන අහස විනිවිද
ඉහල නැගි ලිඟු හකුලන
නෂ්ටකාමයේ කතිරෙන්
රජුන් පලවා හැර තෙපි
අහිමි කරගත්තේ කැමැත්තෙන්
සංවර්ධනයේ සුරතාන්තයයි
සුරතාන්තයේ ප්‍රමෝදයයි
"කිමද විප්ලවයකින් ඇති සරණය
නැතොත් පොදුවේ බෙදා රමණය "
'සාද්' ඇහුවා මතකද
(ප්‍රංශ වැසියන් ගෙන් නෙවෙයි.)
සංවර්ධනයට සින්න වුනු
ජෝන් ද සිල්වා රඟහලේ දී
තොපෙන් යටගිය දවසක.
හිතට එන දේ බිණින්න ට
ලියන්නට, සිතුවමට නගනට
නිදහසක් කුමකට ද තෙපි හට
සොරා ගෙන ඇති බැවින්
දැනටම
විප්ලවේ රතු පාට සිහිනය.
නිදි වදින විට පවා ඉඳ හිට
රජු බලා සිටී නම් නේද හොඳ?
ගිගුම් දෙන්නට බලාගන
පුපුරා පුපුරා සිටිය අහසට
කෝචෝක් සිනා පාමින්
ෆෙලිකන් කුරුල්ලෙකු වැසුවා
පිපෙන්නට පමාවන
නෙලුම් කුලුනේ
පොහොට්ටුව මත.
Monday, July 27, 2015
Sunday, July 26, 2015
පුස්ස පම්බාලන්කාරය...
ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.
අපේ ගැහැනු තමුන් කොච්චර තමුන් තුල ලිංගිකමය හැඟීම් පහල උනත් ඒවා ලෝකෙට පෙන්නන්න බයයි.ලෝකයා තමුන් ගැන වැරදියට හිතයි කියලා හිතන නිසා.ඇත්තටම අපේ සමාජෙ එහෙම තමයි.පිරිමින්ට ඕනෙ තරම් රාගික වෙන්න, ලිංගිකත්වය ගැන කතා කරන්න පුළුවන් උනත් (එහෙම නොවුනොත් තමා පිරිමි කොන් වෙන්නේ ) ගැහැනුන්ට එහෙම වෙන්න අයිතියක් දීලා නෑ.ඒක ඒ අයට තහනම්.මේ හේතුව නිසා ගැහැනු තමන්ගේ ආශාවල් වගේම හැඟීමුත් හංගන්න පුරුදු වෙනවා.සමහර වෙලාවට තමුන්ගේ ස්වාමි පුරුෂයාගෙනුත්!!!
නමුත් දැන් ක්‍රමයෙන් කාන්තාවන් තමුන්ගේ ලිංගික අයිතිය සහ සිය අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න පටන් අරන්.ඉල්පී පෙනුනු සිය අංගෝපාංග ගැන ලැජ්ජා උනු ගෑනු දැන් ඒවා ගැන ආඩම්බර වෙන්ඩ පටන් අරං.මීට කලිං මේ විදිහට ඇති ප්‍රධාන අවයවය ගැන කතා කළානෙ.අද කියන්ඩ යන්නේ කාන්තා පශ්චාත්භාගය ගැන.
අතීත කවියා ගෑනු පස්ස ගැනත් නොසෑහෙන්ඩ කියලා තියෙනවා.පූර්ණ කුම්භයකට හෙවත් පිරුණු කළයකට, පළලින් කරත්ත රෝදයකටත් වගේම විශාල පුලින තලාවකට හෙවත් වැලි තලාවකටත් මේ පස්ස උපමා කරලා තියෙනවා.මේ පස්ස කැපී පෙනෙන්න නම් කුඩා උදරයක් තිබිය යුතු නිසා (දෘෂ්ඨි මායා ) මන්දෝදරීලාත් ඒකාලයේ අගය කිරීම්වලට ලක්වෙලා තියෙනවා.
සිවුපා සංචරණය කළ අපේ පූර්වජයින් දෙපාවත් වීම සඳහා සිරුර සෘජු කරගනිද්දී පස්සා ප්‍රදේශය සාදන 'ග්ලූටියස් මැක්සිමස්' නම් පේෂිය පසු පසට නෙරා යාම නිසා අපිට සාපේක්ෂකව විශාල පස්සක් ලැබී තියෙනවා.කාන්තාවන්ගේ මේදය තැන්පත් වීම නිසාත් පළල් ශ්‍රෝණි අස්ථි පැවතීමත් නිසා පස්ස තවත් විශාලවයි පේන්නෙ.
කාන්තා පස්ස කියන්නේ දෘෂ්ඨිමය ලිංගික උත්තේජනයක් සපයන අවයවයක්.මේ ගැන ඉතිං පන්ති යන කාලේ ඉස්කෝලේ යන කාලේ බස් හෝල්ට්වල සහ කඩවල රස්තියාදු ගහපු කොල්ලන්ටනං කියලා දෙන්ඩ ඕනේ නෑ.ඒවා අගය කිරීම, ඒවා විචාරයට ලක් කිරීම, හොඳ සාධක වගේම නරක සාධකත් එකී නරක සාධක අඩුකර ගැනීමට කළයුතු ප්‍රථිකර්ම පවා කෙල්ලෙක් දැකපු ගමන් කොල්ලො උන් උන් අතර කතා වෙනවා.
කෙල්ලොත් මේ බව හොඳට දන්නවා.ඒක පැහැදිලි වෙන්නේ මේ බොහොම සීරුවට ඇවිදගෙන එන කෙල්ලො මොක්කු හරි කොල්ලො ටිකක් 'ආ නංගී හා...හා.... හැඩයි ආ......' කියලා කියපු ගමං පස්ස පද්දන්ඩ පටන් ගන්න එකෙන්.මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.සැකනං ඔයාලව පහුකරගෙන යන කෙල්ලෙක්ට ඔය විදිහට මොනවා හරි කියලා බලන්ඩ.පස්සට ඒ ඈයෝ මොකද කරන්නේ කියලා. (මෙහිදී සිදුවිය හැකි හදිසි අනතුරු ආපදා කිසිවකට කතුවරයා වගකියනු නොලැබේ.) අනික ඔය 'කැට් වෝක්' එහෙම නැත්තං 'බිළාල ගමන' පුරුදු වෙන්නෙත් ඕක හොඳට ලතාවට පද්දලා යන්ඩනෙ.
ගෑනු පස්ස මේ විදිහට ලිංගික උත්තේජනයක් සපයන එක තරමක් ගැටළු සහගතයි නේද?ඒකට හේතුව මේකයි.විශාල පස්සක් කියන්නේ ශ්‍රෝණි අස්ථිත් පළල් කියන එකයි.ශ්‍රෝණි අස්ථි පළල් උනාම දරුවෙක් ප්‍රසූත කරන්න පහසුයි.ඒකනේ පිරිමින්ට වඩා ගැහැනු පස්ස විශාල වෙන්නෙ.දරුවෙක් බිහිවෙන මාර්ගය කුඩා උනොත් ප්‍රසූතියේදී දරුවා හිර වීම නිසා දරුවාගේ වගේම අම්මාගෙත් ජීවිත අනතුරට ලක් වෙන්න පුළුවන්.
ඒ නිසා පරිණාමිකව පිරිමින්ට උරුම වෙලා තියෙනවා ලොකු පස්සවල් සහිත ගැහැනුන් වෙත විශේෂ ඇල්මක්.මෙහෙම විශාල පස්සවල්වලට කැමති නැති සහ තුනී ලෑලි සංස්ථාවේ නිශ්පාදනවලට ප්‍රිය කරන ඈයොත් ටිකක් ඉන්නවා.ඒවා ඉතිං අපගමන විදිහට තමයි සළකන්න වෙන්නෙ.ඒ වගේම විශාල දෑවැද්දක නිශේධ බලය විශාල පස්සකට ඇති ඇල්ම අභිබවා ගියා වෙන්නත් පුළුවන්.
ඉස්සර අපේ රටේ ගෑනු උදවිය 'හෙරලි' හෙවත් කොස්වල ඇති පස්ස වර්ධනය කිරීමේ ගුණය දැනගෙන හිටියා.ඒ විතරක් යෑ ඒ අය ඔය හොඳට මිරිස් ගලේ ඇඹරීම, මෝල්ගහෙන් පිටි කෙටීම වගේ එදිනෙදා කටයුතු කරපු නිසා අමතර ව්‍යායාමයක් නැතුවම පස්ස ලොකු උනා වගේම බඩත් අඩු උනා.එතකොට පිරිමි ආකර්ශනය කරගන්ඩ පුළුවං පස්සවල් ඒ ඇත්තන්ට ලැබුණා.ඔය කොච්චරවත් කතා තියෙන්නේ කෝරළේ මහත්තුරු, ආරච්චිරාළලා තමුංගේ ගෙදර සැපට හැදිච්චි අඹු සිඟිත්තෝ ගණන් නොගෙන ඔය වැඩට ඉන්න ගෑනු උදවිය පස්සෙම ගියා කියලා.ඕකයි රහස.
කාලේ වෙනස් වෙනකොට මේ දේවලුත් වෙනස් උනා.බ්ලෙන්ඩර් එකේ පැය ගාණක් පිටි කෙටුවත් පස්ස හැදෙන්නෑනෙ.ඒ වගේම බඩ අඩුවෙන්නෙත් නෑ.අනික අපේ ගෑනු ඕවට ව්‍යායාම එහෙම කරන්ඩත් කැමති නෑනෙ.මොකද ඒවා වෙහෙසකරයි නේ.ඔන්න කොණ්ඩේ කෙළිං කරනවා වගේ රූපලාවන්‍ය වැඩවලටනං හා.මොක්ද ඉතිං ඒවයෙ තියෙන්නේ ඉඳං ඉන්ඩ නොවැ.කිසි මහන්සියක් නෑ.සල්ලි යන්නෙත් කොල්ලගෙං හරි ස්වාමි පුරුසයාගෙන් හරි නෙ.අඩි උස සපත්තු දැමීමේ අරමුණත් ඔය පස්ස උළුප්පා පෙන්වීම තමයි.ඒත් ඉතිං ඔය බස් එකේ කෝච්චියේ යන අපේ රටේ බහුතරයක් ගෑනු පරාණ ඕවා දාන්ඩ බයයි.ඒවා දාගෙන කෙල්ලෙක් ආවොත් පිරිමි ඒ අයගේ ළඟ ඉන්නෙවත් නෑනෙ.
ඉතිං මේ ඔක්කොටම විසඳුමක් විදිහට පුරාණ සිංහල කෙමක් මම හොයාගත්තා. 'පුස්ස පම්බාලංකාරය' කියන පැරණි පුස්කොළ පොතේ තමයි මේ බව සඳහන් වෙන්නේ.
මුළින්ම ඔබේ වර්ථමාන පස්සේ පරිමාව මැනගන්න ඕනේ.මේ සඳහා තරල විස්ථාපන ක්‍රමය තමයි පාවිච්චි කරන්ඩ ඕනෙ.ඔය පහළ රූපයේ තියෙන විදිහට එක විශාල හිස් භාජනයක් ගන්න (හරස්කඩ වර්ගඵලය වැඩි විය යුතුය.).ඊට පස්සේ ඒක ඇතුලෙන් තවත් භාජනයක් තියලා ඇතුලෙන් තියපු භාජනයේ කට ළඟටම වතුර පුරවන්න.ඕනෑම දියර වර්ගයක් යොදා ගත හැකි නමුත් ජලය වඩා යෝග්‍ය වේ.මෙහිදී යටින් ඇති අනෙක් භාජයට වතුර පිරීම වැළැක්විය යුතුය.
ඉන්පසු ඇතුලේ ඇති භාජනය නොසෙල්වෙන සේ අල්ලාගන්න ඔබේ සහකරුට පවසා ප්‍රවේසමෙන් වතුර කැලැත්තෙන්නේ නැතිවන සේ ක්‍රමයෙන් ඔබේ පස්ස වතුර භාජනයේ ගිල්වන්න.මෙහිදී ඔබගේ සහකරුට ඔබගේ පස්ස නිසිපරිදි වතුරේ ගිල්වෙන බව බලන්නැයි පැවසිය යුතුය.පස්ස පමණක් වතුරේ ගිල්විය යුතු අතර පිට හෝ කකුල් වතුරේ ගිලුනොත් ගණනය කිරීමේ දෝශ ඇතිවේ.තවද පස්ස වැඩිපුර ගිළුනහොත් පරීක්ෂණය නැවත සිදුකළ යුතු අතර පස්ස නැවත ඉස්සීමෙන් පළක් නොවේ.
ඉන්පසු ඔබ ප්‍රවේසමෙන් භාජනයෙන් ඉවතට පස්ස ගත යුතුය,මෙහිදීද වතුර කැළැත්තීමක් සිදු නොවන සේ ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.දැන් පිටත භාජනයට එකතු වී ඇති ජල පරිමාව ලීටර්වලින් මැන ගන්න.ඉන්පසු සුළු ගණනය කිරීමක් අවශ්‍ය වේ.
ජලය පරිමාව X ඔබේ බර /( ඔබේ උස X ඔබේ උස ) + ඔබ වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන පරිමාව (ලීටර්වලින් )
මෙම සූත්‍රය මගින් ඔබට යම් අගයක් ලැබේවි.එම අගයට සමාන බරක් මයික්‍රෝ ග්‍රෑම්වලින් 'යීස්ට්' කිරාගෙන නින්දට පෙර පස්ස මැද බෙදුමට දමන්න.පසුවදා උදේට ඔබ පැතූ ප්‍රමාණයටම පස්ස පිපී ඇති බව ඔබට දැකගන්න ලැබේවි.
Saturday, July 25, 2015
ජුන්ඩා ලොකු කිරීම.......
ජුන්ඩා කියලා කිව්වේ අර අහවල් අංගෙටය.ඒ කිව්වේ පුරුෂ ලිංගය ගැනය.පුරුෂ ලිංගය හෙවත් ජුන්ඩාගේ සයිස් එක මදි වීම ගැන බොහෝ පුරුෂයෝ කංකෙදිරි ගාති.මැසිවිලි නගති.ඒ උං වැල බලා වැල ස්ටාර්ලාගේ ජුංඩා එක්ක තමුංගේ ජුන්ඩා සංසංදනය කොරන්නට යාම නිසාය.උං උංගේ බාරියාව හෝ පෙම්වතිය හෝ අනියම් පෙම්වතිය උගේ ජුංඩා පුංචි වීම නිසා අවුලක් ගනීවි යැයි බය වෙති.ඒ උනාට ඒ ගෑනු මනුස්සයා වැල බලන්නේ නැත්තං සහ වෙනිං ලිංගික සහකරුවෙක් ඇයට නැත්තං අරූගේ ජුංඩා පොඩිද ලොකුද කියන්ඩ දන්නේ නැත.ඒ නිසා තමුංගේ සහකාරිය "මොකක්ද අනේ ඔයාගේ ජුංඩා පොඩියි නේ" කියා චෝදනා කරනවානං පොඩ්ඩක් හොයා බලන එක වැදගත්ය.වැදගත්ම කරුණක් වන්නේ ඔබේ බිරිඳ මැදපෙරදිග රැකියාවට යැවීමෙන් වළකින්න.
පළමුව ඔබ මස් මාලු කෑමෙන් වැලකී සතියක් පේ විය යුතුය.ඉන්පසු ඔබේ නිවසට ප්‍රභල වේදනා නාශකයක් වන මෝෆීන්, හෙරොයින් වැනි දෙයක් හෝ ලිග්නොකේන් වැනි ස්ථානීය වේදනා නාශකයක් හෝ අඩුම තරමේ ගල් අරක්කු බාගයක්වත් ගෙනැවිත් සඟවා තැබිය යුතුය.ඊට අමතරව ඔබට ක්ලෝරෆෝම් ස්වල්පයක් සහ තරමක් ලේන්සුවක්ද අවශ්‍ය වේ.ඉන්පසු ඔබ ඔබේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක වෙසෙන ඒසේත් නැතිනම් මේ දිනවල පහසුවෙන් සයාගත හැකි විදේශිකයෙක් ගැන හෝ විපරම් කර බැලිය යුතු වේ.එසේ විපරම් කිරීමෙන් ඔබට ජුංඩා සෑහෙන පමණ ලොකු සහ ඔබේ සමේ වර්ණයට ගැලපෙන ජුංඩෙක් සහිත එකෙක් සොයා ගත හැකි වේ.ඉන්පසු ඔහුත් සමඟ මිතුරු වීමට හැකිනම් වැඩේ වඩාත් පහසුය.එසේ නොහැකිනම් ඔහු යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වී කාත් කවුරුත් නැති පාළු තැනකදී ඔහුගේ නාසයට ක්ලෝරෆෝම් අල්ලා සිහි නැති කරගෙන ඔහුගේ ජුංඩා කපාගත යුතුය.
මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්‍රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.
ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.
කෙසේ නමුත් ඔබේ කළිං ජුංඩා ඔබේ සිරුරට සවි වී තිබූ අයුරුන්ම අළුත් ජුංඩා ඔබේ සිරුරට සවි වී ඇත්තේ නැත.එය රැඳී ඇත්තේ දොස්තර මහතාගේ මැහුමේ හැටියටය.ඒ නිසා සෑම සංසර්ගයකටම පසුව ජුංඩා තවමත් ඔබ සමඟද නැත්නම් බිරිඳ ළඟදැයි පරීක්ෂා කර බැලිය යුතුය.ඔබ ගණිකා ඇසුරට යොමු වූ අයෙක් නම් ගෙදර ඒමට පෙර ජුංඩා ඔබ ළඟ දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.නැත්නම් ගෙදර පැමිණි පසු ඔබට මුත්‍ර කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට සිදුවනු ඇත.එය එසේ උවත් ඔබ ගණිකා ස්ථානයක ජුංඩා දමාගොස් තිබියදී පොලීසියට අසු වූවද (මේ දිනවල ගණිකා මඩම් වැටලීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ.) එයින් ඔබ නීතිය ඉදිරියට ගෙන එන්නට හේතුවක් වන්නේ නැත.මන්ද ජුංඩාගේ DNA පරීක්ෂා කළ විට අහු වන්නේ මේ වන විට ජුංඩා ද අහිමිව සිටිනා අසරණ ජුංඩාගේ පළමු හිමිකරුවා වීමය.
මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය.
පිං පිණිසයි!!
කොහොම උනත් කොච්චර කිව්වත් අපේ උංගේ ලොකු ජුංඩෙක් ලබා ගැනීම සඳහා ඇති ආශාව අඩු වෙන්නේ නැත.ඒ නිසා එහෙම ලොකු ජුංඩෙක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ශෝකභරිතව ඉන්න අසරණ "කුඩා ජුංඩාලාභීන්" වෙනුවෙන් අපිත් යමක් කළ යුතු නිසා සහ තැං තැංවල ජුංඩා ලොකු කෙරෙනවා යැයි කියා තෙල් බේත් දී අසරණයිංගේ ගාණ කඩා ගන්නා එක වැළැක්වීමේ අරමුණින් මේ ලිපිය ලියන්නට යෙදුණේය.අපගේ ආයතනයේ වෙනත් ශාඛා නොමැත.අපගේ නම කියා ජුංඩා ලොකු කිරීමටය කියා තෙල් බේත් විකුණන්නන්ට අහු නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ලිපිනයැති මුද්දර ගැසූ ලියුම් කවර එවන්නට ඕනෑ නැත.බුලත් කොලේ තබා දහසින් බැඳි පියලි හෝ රන් පවුම් දෙන්නට ඕනෑ නැත.මහජන පහන් සංවේගය උදෙසා මේ ලබා නොමිලේ ලබා දෙන නූතන කෙම් ක්‍රමයේ දැනුම ලබා ගැනීමට නම් පහත ජුංඩද කියවන්න.මෙය මුදල් බලාගෙන කරන්නාවූ ක්‍රියාවක් නොවේ.කොමෙන්ට් සහ හිට්ස් බලාගෙන කරන්නා වූ පුණ්‍යකර්මයකි.
මෙසේ නර බිල්ලක් දීම කෙම් ක්‍රමයේ අත්‍යාවශ්‍යම අංගයක් නොවේ.කෙසේ වෙතත් ජුංඩා කපා ගැනීමෙන් ජීවිත හානි සිදු වීමේ අවධානම අඩුබව වෛද්‍ය මතය වන නිසා ඒ අසරණයා මිය යාවි යැයි ඔබ කළබල විය යුතු නැත.කෙසේ හෝ කපාගත් ලොකු ජුංඩා වහාම වතුර නොයන සේ පොලිතින් කවරයක දමා අයිස් දැමූ සෘජිෆෝම් පෙට්ටියක දමාගත යුතුය.දැං ඔබ පූජාවට ලෑස්තිය.දැං කළ යුත්තේ වහාම ගෙදරට ගොස් ගෙදර සඟවා තැබූ වේදනා නාශකය පාවිච්චි කොට වේදනාව දැනීම අඩුවූ පසු දහිරිය ඇතිනම් තනිවම හෝ එසේ නොමැතිනම් බිරිඳගේ උදව්වෙන් ඔබේ ජුංඩා කපා දැමීමය.ඔබේ ජුංඩා වත්තේ වලක් කපා වල දැමීම, බල්ලන්ට හෝ කපුටන්ට කන්නට දැමීම, වැසිකිළියට දමා වතුර ගැසීම වැනි කුමන හෝ ආකාරයකින් සොයා ගැනීමට නොහැකි වන සේ විනාශ කර දැමිය යුතුය.
ඉන්පසුව ලොකු ජුංඩා සහිත අයිස් පෙට්ටියත් රැගෙන වහාම ජාතික රෝහලට පැමිණ තමුං වෙරිමතින් හෝ මානසික ආබාධයකින් පෙළෙන බැවින් ජුංඩා කපාගත් බව පැවසීමය.එවිට වෛද්‍යවරු පැය දොළහක පමණවන ශල්‍යකර්මයක් කොට ලොකු ජුංඩා ඔබට සැට් කර දෙනවා ඇත.ඉන්පසු මානසික ආබාධයකට කියා ටික දිනක් ප්‍රථිකාර ගත් පසු ඔබට ලොකු ජුංඩා සම්ඟ ගෙදර යෑමට ලැබෙනවා ඇත.ඔබගේත් බිරිඳගේත් මනදොළ සපිරෙනවා ඇත.නමුත් ඔබට ස්යිස් එකෙන් ලොකු යට ඇඳුම්නම් මිලදී ගන්නට සිද්ද වෙනවා ඇත.ලොකු ජුංඩෙක් නිකම්ම ලැබෙන්නේ නැත.ඔබත් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතු වේ.එනිසා අකමැත්තෙන් උවද ඔබගේ පරණ යට ඇඳුම් ඉවත දමා අළුතෙන්ම යට ඇඳුම් මිල දී ගන්නට වෙනවාය.කරන්ඩ දෙයක් නැත.

මේ නවතම කෙම් ක්‍රමය රටේ ජනප්‍රිය වීමත් සමඟම ලොකු ජුංඩන් සිටින්නවුන් ප්‍රවේසම් විය යුතුය.සුදු වෑන්වලින් පැමිණ ඉදිරියට ලොකු ජුංඩන් සහිත උන් පැහැරගෙන යෑමේ ඉඩක් ද ඇත.එනිසා පිරිමින්ටද අර ඇල්ලූ විට විදුලි සැර වදිනා ආකාරයේ යට ඇඳුම් නිර්මාණය කොට විකිණිය හැක.ඒය නව රැකියා අවස්ථා රැසක් ජනිත කරවන නිසා ඒ ගැන රජයේ අවධානය යොමු කරවිය යුතුය.ලොකු ජුංඩන් ඉන්න උං දැම්ම ගිහිල්ලා ජුංඩා රක්ෂණය කර ගන්නවානං හොඳය.VIP ඔන් ද ස්පොට් රක්ෂණයක් ගන්නවානං ඒ අය ජුංඩාට ජුංඩෙක් ජුංඩා කපාගත් ස්ථානයටම ගෙනැවිත් දෙනවාය.
පිං පිණිසයි!!
Friday, July 24, 2015
෴ ආදරය , ආලය සහ රාගය ෴( Love ,Romance & Sex )
ආදරය , ආලය සහ රාගය
( රාගය / Sex)
දුටුවෙමි ළඳේ ඔබේ නොවැසූනු ලය මඩල
ඉන්නට හිතයි එහි කිමිදී මොහොතකට
එනමුදු ඔබේ ගොරහැඩි චර හද මඬල
තුල නොනවතී දිගටම යමි මම ගමන
( ආලය / Romance )
සුදු මුදු හදේ නැවතී ඉමි මම ළදුනේ
දැවටී ඉන්න දෙනවද ඔය වත මඬලේ
අත් පටලවන් ඇවිදන් යමු සිතු විලසේ
නුඹ ළඟ හමන සුවඳින් මගෙ ගත දිලිසේ
( ආදරය / Love )
නුඹ මගෙ ළඟින් සිටියා වූ පෙර දවස
සුවඳයි හමන්නේ තාමත් සිත් අවට
පෙර ඒ අතීතෙට වැඩියෙන් අද නුඹව
මට වටිනවා අද වැටහෙයි ආදරය
( ආදරය / Love )
අපි දකින ආදරය කොටස් තුනකට බෙදන්න පුලුවන් කියල මම හිතනව....
පළමු වර්ගය ("IF kind of love")
මගේ ක්‍රමයට ඔයා ඉන්න ඕනි
මට තෑගි දෙන්න ඕනි
කොටින්ම මෙහෙමයි..." ඔයා මට ඔයාගේ ටෙඩි බෙයාව/ඔයාගේ සෙල්ලම් කාර් එක/ ඔයාගේ චොකොලට් එක දෙනව නම් ("IF kind of love") මම ඔයාගේ යාලුවෙක් මම ඔයාට ආදරෙයි "කියල කියනව නම් ඒක කොන්දේසි සහිත ආදරයක්. බලාපොරොත්තු වන දේ නොලබුනොත් හැර යනව පලිගන්නව වෛරකරනව. අවිනිශ්චිත ආදරයක්. සල්ලි දේපල මිල මුදල් ඉඩ කඩම් යාන වාහන මත බොහෝ විට රදා පවතිනව.
දෙවන වර්ගය ("because of")
මම ඔයාට ආදරෙයි.මක් නිසාද යත් ඔයා හරිම ලස්සනයි, ඔයා හරිම තරුණයි.ඔයා ජනප්‍රියයි.ඔයත් එක්ක ඉන්න කොට මට සතුටක් දැනෙන නිසා.
මේ වර්ගය ගොඩක් දුරට දකින්න පුලුවන් තරුණ කාලේ ගැටවර කාලේ ආදරේ කරන්න පටන් ගන්න කොට.බාහිර දේ සමඟ බැදීම වැඩි නිසා කරන ආදරයක්. හෙට මොනා වේවිද කියල මේ ආදරේ ගැනත් හරියටම කියන්න බැහැ. ඈයි ඉතින් රූපෙ දිරනව නේ.හැබැයි ඉතින් කාලයත් එක්ක හදවත් හදුනා ගත්තොත්, තේරුම් ගත්තොත් පැවැත්මක් තියේවි.
තෙවන වර්ගය ("in spite of kind of love")
ඔබේ වැරදි ගති ගුණ, වැරදි සිතුවිලි තිබියදී පවා මම ඔබට ආදරය කරමි.ඔබ කෙතරම් තර වුනත් කැත වුනත් කෙතරම් අප්‍රියජනක වුවත් මම ඔබට ආදරය කරම්. ලොව ඔබ කෙතරම් ගැරහුවත් වැරදිකරුවෙක් කරත් ඒ නොතකා මම ඔබට ආදරය කරම්.
මම නම් මෙහෙම ආදරයක් දැකල තියෙනව ... ඒ මම කියවපු පොත් වල විතරයි.(හරියට පොඩි කාලේ කියවපු Beauty & the Beast වගේ කතා වල. හැබැයි ඒ රාක්ෂය ආදරේ කරේ කුමාරිගේ ලස්සනටයි මුලින්ම, ...පස්සෙ ඇගේ ලස්සන හදවත වටහා ගත්ත. කුමරියත් රාක්ෂගේ බාහිර රූපය නිසා ඔහුව ප්‍රතික්ෂේප කරත් අවසානයේ ඔහුගේ පිරිසිදු හදවත හදුනා ගත්ත. ඒ නිසයි ඒ රාක්ෂයව ලස්සන කුමාරයෙක් වගේ අන්තිමට දුටුවෙ. නපුරු සාපය හමාර වෙලා ආදරය වටහා ගන්න ඒ දෙදෙනාටම හැකි වුනා.....
මම මේ දවස් වල මුහුණ පාල ඉන්න ලොකුම ගැටළුව ඒක තමයි....
හැබැයි ආදරය, ආලය සහ රාගය අඩු වැඩි වශයෙන් ම්ශ්‍ර වෙලා තමයි අපි ලබන ආදරේ තැනෙන්නෙ. ඒත් ආදරය වැඩිපුරත් රාගය අඩුපුරත් තිබෙනව නම් ගොඩක් ගැටළු අඩු වෙයි නේද ?
Thursday, July 23, 2015
ඉරි තැලුනු වළා යටින් යන ගණිකාව....
මේ ගීතය මම සෑහෙන කාලයක් රස වින්ද ගීතයක්.එත් මෙහි අර්ථය මා දැන සිටියේ නෑ.මාගේ අදහස් හා තවත් සොයාගත් තොරතුරු කැටිකර මා මේ ලිපිය ලියමි.මුලින්ම ගී පද පෙල.....
ඉරි තැලුණු වලා...
උඩු වියන් යටින්...
මෘදු තාර... ඇතිරිල්ලේ...
යමු... යමු... යමු... අපි ...
ඇවිද යමු... ප්‍රේමියේ...
සිව් දෙසින්... හඹා එන...
ඉරි තැලුණු වලා...
උඩු වියන් යටින්...
මෘදු තාර... ඇතිරිල්ලේ...
යමු... යමු... යමු... අපි ...
ඇවිද යමු... ප්‍රේමියේ...
සිව් දෙසින්... හඹා එන...
මොටෝරථ රඟ... සෙනඟ රවටමින්...
වටපිටේ සීරුවට... විදුලි ඇස් සිනාසේවී...
නොරැවටී යන්න යමු...
කහ ඉරෙන් එතෙර වීලා...
කහ ඉරෙන් එතෙර වීලා...
කහ ඉරෙන් එතෙර වීලා...
කහ ඉරෙන් එතෙර වීලා...
රිය පෙළේ කිරුළු හිමි... රජවරුන් අත වනාවී...
බිම බලන් යන්න යමු...
කහ ඉරත් රැලි වැටිලා...
කහ ඉරත් රැලි වැටිලා...
බිම බලන් යන්න යමු...
කහ ඉරත් රැලි වැටිලා...
කහ ඉරත් රැලි වැටිලා...
මෙන්න මෙහෙමයි මේ ගීතයේ ඉරණම විසඳෙන්නේ .
ඉරි තැලුණු වලා...
උඩු වියන් යටින්...
මෘදු තාර... ඇතිරිල්ලේ...
යමු... යමු... යමු... අපි ...
ඇවිද යමු... ප්‍රේමියේ...
සිව් දෙසින්... හඹා එන..
මොටෝරථ රඟ... සෙනඟ රවටමින්...
උඩු වියන් යටින්...
මෘදු තාර... ඇතිරිල්ලේ...
යමු... යමු... යමු... අපි ...
ඇවිද යමු... ප්‍රේමියේ...
සිව් දෙසින්... හඹා එන..
මොටෝරථ රඟ... සෙනඟ රවටමින්...
මේ ගීතයේ අර්ථවත් කරන්නේ ගණිකාවක් සමග යහන් ගතවෙන්න යන තරුණයෙක්ගේ හිතේ නැගෙන සිතිවිලි සමුදායක් . මේ ගණිකාවත් ටිකක් පොෂ් ලස්සන හැමෝටම දෙන්නේ නැති කෑල්ලක් . ගණිකාවක් කීවට සල්ලි වලට දෙන එකක් නෙවේ . ලිංගික ආශාව වෙනුවෙන් දෙන කෙල්ලෙක් .
මේ පද කීපයේ ඉරි තැලුණු වලා සහ මෘදු තාර ඇතිරිල්ලෙන් අර්ථවත් කරන්නේ මේ තරුණයාට තියෙන ආර්ථික දුෂ්කරතා . රතු පලස් මතින් මංගල පෝරු මස්තකප්‍රාප්ත වෙලා යුවතියකගේ අත ගන්න මේ තරුණයාට ආර්ථිකය අතින් හයියක් නෑ . ඒ නිසා තමාගේ ලිංගික ආශාවන් සංතෘප්ත කරගන්න ඔහු කෙල්ලෙක් සමග සම්භන්ධ කමක් පවත්වනවා . ඔහු නගරයේදී දවසක් මේ කෙල්ල හමුවෙලා ලිංගික සන්තර්පණය ලබාගන්න වෙන අයෙකුගේ ඇස නොගැටෙන ස්ථානයක් වෙත ගමන් කරනවා . ඒ ගමන් කරන අතරවාරයේ මොවුන් දෙදෙනා අත්වැල් අල්ලාගෙන යන්නේ හරියට පෙම්වතුන් යුවලක් වගේ . එකට හේතුව ගණිකාවක් එක්ක යනවා වගේ ගියොත් වටපිටේ අය දැනගන්නවා මේ කොල්ලා යන්නේ මේකටයි කියලා . පෙම්වතුන් යුවලක් වගේ ගියොත් අවුලක් වෙන්නේ නෑ . මොටෝරථ රඟ සෙනග රවටමින් කියන පද පේලියෙන් අදහස් වෙන්නේ අන්න ඒ බලන් ඉන්න අයගේ සිතුවිල්ල වෙනස් කරන්න පෙම්වතුන් යුවලක් වගේ යනවා කියන අදහස .

වටපිටේ සීරුවට... විදුලි ඇස් සිනාසේවී...නොරැවටී යන්න යමු...
කහ ඉරෙන් එතෙර වීලා...
කහ ඉරෙන් එතෙර වීලා...
කොච්චර උනත් මේ කෙල්ල සමග යහන ගතවෙච්ච තවත් සමහර අය පාරේ ඉඳලා මේ දෙන්නා දැකලා ඔච්චමට වගේ හිනාවෙනවා . මොකද දැන් දෙන්නා යන්නේ හරියට පෙම්වතුන් යුවලක් වගේ නිසා . නැත්නම් සමහරවිට ඔවුන් හිනාවෙන්නේ කොල්ලා මේ කෙල්ලට රැවටිලා ලවු කරනවා කියලා හිතලා වෙන්න පුළුවන් . වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි කියන්නේ අන්න ඒ වටපිටේ අය හිනාවෙනවා කියන දේ ඉස්මතුකරලා පෙන්නන්න . ඉතින් කොල්ලා හිතනවා මේ කෙල්ල තමා එක්ක එන්නේ නැතුව ඒ අයත් එක්ක යයිද දන්නේ නෑ කියලා . නොරැවටී යන්න යමු කියලා කියන්නේ ඒ නිසයි .
කහ ඉර ගැන වැඩි යමක් කියන්න ඕන . මේ ගීතයේ මහපාර උපමා කරන්නේ ලිංගිකත්වය කියන සතුට ලබාදෙන මාර්ගයට . ඒ මාර්ගයේ හරි ක්‍රමය සහ වැරදි ක්‍රමය කියන දෙකම තියෙනවා . එක ක්‍රමයක් තියෙන්නේ පාරේ එක පැත්තක . අනිත් ක්‍රමය තියෙන්නේ පාරේ අනික් පැත්තේ . කහ ඉර කියන්නේ මේ මාවත හරහා දෙපැත්තට යන්න තියෙන හරි තැන . ඉතින් පෙම්වතා හිතනවා , අපි පෙම්වතුන් වගේ හරි පාරේ යනවා වගේ ගිහින් කහ ඉරෙන් එතෙර වෙලා වැරදි මාවතට , ඒ කියන්නේ අනියම් ලිංගික ඇසුරකට පත්වෙමු කියලා .
රිය පෙළේ කිරුළු හිමි... රජවරුන් අත වනාවී...
බිම බලන් යන්න යමු...
කහ ඉරත් රැලි වැටිලා...
කහ ඉරත් රැලි වැටිලා...
මේ දෙන්නා දැන් අත්වැල් අල්ලාගෙන යනවා . කහ ඉර ගාවින් මාරුවෙන්න හදනවා . එතකොට රියපලේ ඉන්න කිරුල හිමි රජවරු අතවනනවා කෙල්ලට . මේ කොටසේ අර්ථය මෙහෙමයි . මේ දෙන්නා දැන් හොටෙල් රූම් එකකට , නැත්නම් වෙන නිදහස් ස්ථානයකට ආවා කියමුකෝ . කෙල්ල ලස්සනයි . ඉතින් ඒ ස්ථානය අසල ඉන්න සල්ලි කියන කිරුල හිමි ධන කුවේරයින් මේ කෙල්ලට එන්න කියයි සල්ලි දෙන්නම් කියලා . ඒත් කොල්ලව දාලා යන්න එපා කියලා කියන අදහසක් තමයි එවෙලේ කොල්ලගේ හිතේ තියෙන්නේ . ඉතින් ඒ රජවරුන්ට පේන්නේ නැතිවෙන්න අපි යමු කියලා තමයි කොල්ලා කෙල්ලට කියන්නේ .
කහ ඉරත් රැළිවැටීලා කියලා අදහස් කරන්නේ දැන් මේ දෙන්නා කොච්චර උත්සහ කරලා කරලා මිනිස්සුන්ට දැනෙන්නේ නැතිවෙන්න අනියම් මාවතට පිවිසුනත් මෙයාලා ඒ මාර්ග දෙක අතරේ ගමන් කරනකොට මිනිස්සුන්ට ඒක තේරෙනවා කියන එක . මොකද දෙන්නා පාරවල් දෙක මාරු කරන විදිය ප්‍රාථමික නිසා හෝ වැරදි නිසා තමයි මෙහෙම මිනිස්සුන්ට මේ දෙන්නා මාට්ටු වෙන්නේ .
ඔන්න ඔහොම අර්ථයක් තමයි ගීතයට කියවුනේ . කහ ඉර , සහ මාවත ගැන කෙරුණු ආදේශ කිරීම් කරේ මම . බලන්න මේක වැරදිද කියලා .....
අවසාන වශයෙන් කියන්න ඕන , මේක මුල් ගීතයට , රචකයාට කරන අපහාසයක් නොවන වග .

Monday, July 20, 2015
සිද්ද පත්තිනි.. රෙද්දෙ තුත්තිරි....
රෙද්දෙ තුත්තිරිත් හැමතැන
බැද්දෙ ටත් හොරෙන් රඟ දෙන
පත්තිනි ත් අතින් ඇර ගෙන
මල් කුමාරියෝ
රඟ දෙන මල් කුමාරියෝ
කම්මලක් වගේ කට නම්
ගින්දරක් නැතත් ගිනි දෙන
කේලමින් රටක් වනසන
මල් කුමාරියෝ
සුන්දර මල් කුමාරියෝ
පන්දමක් අතින් අර ගෙන
දිය යටින් ගිනිත් ගෙනියන
බෙර නැතත් අඩව් අල්ලන
මල් කුමාරියෝ
ලස්සන මල් කුමාරියෝ
Friday, July 17, 2015
ගණිකාව...
ඉස්සර
අතට පන්සීයයි..
කාමරේට දෙසීයයි
හරියට පැයයි....
උඹ හරි ගනන්...
රතු තොල් දිලිසෙන...
බෝල ඇස් කරකවන...
පුම්බපු දෙතන..
ගස්සන උකුල....
කෝ උඹේ මායම් දැන්...
හපලා හපලා සාරේ උරපු...
බුලත් හපේ වගේ උබත්...
ඒ හක්කෙන් මේ හක්කට..
තැලිලා තැලිලා...
බිටම වැටුන....
උඹේ තිබුන ගනන්
දැන් බැහැලා පයිසෙටම
අද..
පාන් බාගෙට.....
කරෝල සීයට.....
පරිප්පු පනහට...
ගඳ ගහන මුඩුක්කුවේ..
එලපු ගොනි පඩංගුවේ..
දාඩියෙන් තෙත්වෙව්ච...
රළු දෑතට යටව..
හදිසියට බුදියන..
ඇඟට බරවෙන තරමට..
නුඹටත් දැනුනද
ජීවන බර..
අප්පා නැති දරුවන්ගේ..
බඩගින්න...
තෙල් ගනන් ගිය කාලේ...
ඇයි උඹ මේ තරම් ලාභ..
සරමෙන් පිහිදගෙන...
අතට ගුලි කරන..
රුපියල් දහයට...
උස්සන තරමට...
වැඩිද දැන් සැපයුම...
කාගෙවත් සරණක් නැති..
අවලංගු කාසිය..
නුඹ....
අපේ කාලයේ....
ජනපදකල්යාණිය..
අතට පන්සීයයි..
කාමරේට දෙසීයයි
හරියට පැයයි....
උඹ හරි ගනන්...
රතු තොල් දිලිසෙන...
බෝල ඇස් කරකවන...
පුම්බපු දෙතන..
ගස්සන උකුල....
කෝ උඹේ මායම් දැන්...
හපලා හපලා සාරේ උරපු...
බුලත් හපේ වගේ උබත්...
ඒ හක්කෙන් මේ හක්කට..
තැලිලා තැලිලා...
බිටම වැටුන....
උඹේ තිබුන ගනන්
දැන් බැහැලා පයිසෙටම
අද..
පාන් බාගෙට.....
කරෝල සීයට.....
පරිප්පු පනහට...
ගඳ ගහන මුඩුක්කුවේ..
එලපු ගොනි පඩංගුවේ..
දාඩියෙන් තෙත්වෙව්ච...
රළු දෑතට යටව..
හදිසියට බුදියන..
ඇඟට බරවෙන තරමට..
නුඹටත් දැනුනද
ජීවන බර..
අප්පා නැති දරුවන්ගේ..
බඩගින්න...
තෙල් ගනන් ගිය කාලේ...
ඇයි උඹ මේ තරම් ලාභ..
සරමෙන් පිහිදගෙන...
අතට ගුලි කරන..
රුපියල් දහයට...
උස්සන තරමට...
වැඩිද දැන් සැපයුම...
කාගෙවත් සරණක් නැති..
අවලංගු කාසිය..
නුඹ....
අපේ කාලයේ....
ජනපදකල්යාණිය..
Tuesday, July 14, 2015
සද හැන්ගිලාද...
අනන්තයේ එල්ලෙන
හද ලගින් යන්න
තියපු ගුවන් නාශක ප්‍රහාරයට බියව
හද ගිලුනාද අනන්ත සයුරේ
සිතිජ රේඛාවේ...
කෝ කොහිද.......
ඇයි තවම නැත්තේ කළු ආකාසේ
සද මට කියාපන්
උඹත් බයද සැහැල්ලු ගුවන් යානා වලට
හද ලගින් යන්න
තියපු ගුවන් නාශක ප්‍රහාරයට බියව
හද ගිලුනාද අනන්ත සයුරේ
සිතිජ රේඛාවේ...
කෝ කොහිද.......
ඇයි තවම නැත්තේ කළු ආකාසේ
සද මට කියාපන්
උඹත් බයද සැහැල්ලු ගුවන් යානා වලට
Sunday, July 12, 2015
කඩුවක් හොයාගෙන....
කොහෙන් හරි කඩුවක් හොයාගෙන
කොටමු හොද කෙසෙල් ගහකට..
කොහොමද හරි ලේසියෙන් කැපෙනකොට තියෙන
ආතල් එක..
ඉදල හිටලවත් කොටාල බලමු
කලු ගලකට..
කොටල බලමු සරුවාංගෙම දෙදුරන
දෙදරිල්ල...
හැබෙයි ඔය ඔක්කොමටම වඩා හොදයි
කඩුවෙන් කොටාගමු ඔලුවටම...
කැපෙන පැත්තෙන් නම් නෙමෙයි
අනිත් පැත්තෙන්....
කොටමු හොද කෙසෙල් ගහකට..
කොහොමද හරි ලේසියෙන් කැපෙනකොට තියෙන
ආතල් එක..
ඉදල හිටලවත් කොටාල බලමු
කලු ගලකට..
කොටල බලමු සරුවාංගෙම දෙදුරන
දෙදරිල්ල...
හැබෙයි ඔය ඔක්කොමටම වඩා හොදයි
කඩුවෙන් කොටාගමු ඔලුවටම...
කැපෙන පැත්තෙන් නම් නෙමෙයි
අනිත් පැත්තෙන්....
Subscribe to:
Posts (Atom)