Saturday, January 27, 2018

සම්මතය සහ අසම්මතය ........


ජිවිතයේ අපි දකින හීන අපේ හිත ඇතුලෙම ඉපදිලා හිත අතුලේම නැතිවෙලා යනවා.හරියටම හීනයක්‌ වගේ.සංස්කෘතිය සම්මතය වගේ මිනුම් දඩු දාල අපේ සිත හිර වෙලා .. සිතේ ඇතිවෙන සිතුවිල්ලක් තව කෙනෙකුට කියන්න දෙපාරක් හිතන්න වෙලා ... පොලවේ පය ගහගෙන ඉන්න අපිට අපේ අහිංසක සිතුවිලි වලට නිදහසේ නැගී සිටින්නට සමාජයක් අවශ්‍යයි. කෙනෙකු කියන දෙයක් ඇසීමත් එය පිලිබදව ටිකක් හෝ සිතීමත් අපගේ යුතුකමක්. සම්මතය ගැනම සිතා කෙනෙකු කියන දෙයක්  ඉවත හෙලීම තරමක් මෝඩ ක්‍රියාවක්.කෙනෙකුගේ සිතිවිලි වලට ඉඩක් ලැබෙනවා නම් එය සම්මතය හෝ අසම්මතය වේවා සත්‍ය තේරුම ගැනීම පහසු කරුණක්...


 බලාපොරොත්තුව හා හීනය කියන්නේ එකිනෙකට පරස්පර සංකල්ප 2 ක් වුනත් බලාපොරොත්තුවත් සම්මතය නිසා හීන වෙන වෙලාවල් තියෙනවා.සම්මතය කියන රාමුවෙන් එලියට එන්න ඕන මේ නිසයි. මක්නිසාද සම්මතය කියන රාමුව තුල සිටියහොත් ඔබට කවදාවත් අලුත් දෙයක් හෝ අලුත් අදහසක් සිතට ආවත් ඒවා හීනයක් සේම නොපෙනී යාවි. කොහොමහරි  නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයාගෙන සමදෙයක්ම පොලොව වෙත ඇද බැද  තබා ගන්නවා කියන කරුණ ඉදිරිපත්වී තිබෙන  කාලයක  රයිට් සහෝදරයන් අපි කොහොම හරි උඩින් යනවා කියා නොසිතුවා නම් .. ඒ බලාපොරොත්තුව ඇති නොකරගත්ත නම් අද අපි කොහොමද උඩින යන්නේ.. ඔවුන් එදා ගුරුත්වාකර්ෂණය නිසා අපිට උඩින යන්න බෑ බිමට පත බෑවෙයි කියල හිතල  ඒ බලාපොරොත්තුව ඇත හැරියානම් අද මිනිසා ගුවන ජයගනීද ??? බලාපොරොත්තුව මත තමයි සාර්ථකත්වය රද පවතින්නේ .. ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න  හිනා දකින්නත් වෙයි.. සම්මතයෙන් පිට පනිනත් වෙයි. නමුත් ඔබ එය ජය ගත්තොත් ඔබ අසම්මතයක් සම්මතයක් බවට පත කරන්න පුළුවන් වෙනවා.. එතකොට මිතුරනේ අසම්මතයේ බලාපොරොත්තුව සත්‍යයේ  අත්තිවාරම වෙනවා නේද??


මේ ලෝකේ සම්මතය කියන දේ මහා පුදුමාකාරයි. අපේ බැදීම් හැගීම් දැනීම් කියන මේ සියල්ලම තීරණය වෙන්න ඕනේ මේ සම්මතයට ඕනේ විදියට... සම්මතයේ වලේ වැටුන කෙනකුට ඇත දිය හැක්කේ ද තවත් මනුශ්ශයකුටම විතරයි.නමුත් පාලුවෙන් තනිකමෙන් සිටින සිතකට ලං වෙලා ඒ සිතට ආදරය කිරීම සම්මතයට පටහැනි. එසේ වූනොත් සමාජයේ කොන්වෙනවා නැහැජිච්ච වනචර මුද්‍රාව වැදෙනවා..


ඇස් වලට බර ඔයා කදුළු බිමදාපන් මිතුරනේ. අසම්මතයට ගොස් හංවඩු ගැසුන ඔබ  සංස්කෘතියට පටහනි කියල කදුළු සලන්න එපා. අසම්මතය හෝ වේවා සත්‍ය නම් එය සත්‍යයි .. අහස අල්ලන්න ඕනේ කියල හිතුනොත් පුටුවක් තියල මේසයකටවත් නාග ගන්න බැරියැ.. සම්මතයෙන් එලියට එන්න. එතකොට  සත්‍ය ජයගන්නත් , දෛවය සමග සටන් කරලා ඉරණම වෙනස් කරගන්නත් පුළුවන් කියලා එතකොට  ඔබටත් හිතෙයි, හැගෙයි ,දැනෙයි. කාගෙවත් නොව මේ ඔබේ වාරයයි.. 

No comments:

Post a Comment