පොඩි කාලේ විස්තර වලින්ම පටන් ගන්න බැරිද
ඒවා වැඩක් නැහැ මෙතනින් තමයි මගේ කතාව පටන් ගන්නේ
හ්ම්ම් කියන්නකෝ ඔයා කැමති තැනක ඉදන් මම අහගෙන ඉන්නම් . කොහෙද රට
සවුදි
ඉතින්
එහෙට ගිහින් වැඩි කාලයක් මට ඉන්න ලැබුනේ නැහැ. මම කරපු වැරද්දක් මාට්ටු වෙලා මට එහෙදී හිරේ යන්න සිද්ද උනා. දඩුවම අවුරුදු දෙකක්
ඒ මොනවා කරන්න ගිහින්ද? ඔය දැන් කරන ජොබ් එකමද?
නැහැ ඒක අහන්න එපා
හරි හරි ඔයා කතාව කියන්න කෝ
එයාලා මාව මුලින්ම ගෙනිහින් දැම්මේ පොලව යට තිබුණු අදුරු කාමරේකට. දරාගන්න බැරි තරමට රස්නෙයි. හුලන් පොදක් වදින්නේ නැහැ ආසාවකට. ඒක භාරව හිටියේ සුද්දෙකුයි මුස්ලිම් එකෙකුයි.
ඉතින්
මාව එතනට ගෙනල්ලා පැයක් දෙකක් ඇතුලත අර මුස්ලිම් මිනිහා මාව හොයාගෙන ආවා. ඌ මාව එක්කගෙන ගියා අර සුද්දා ගාවට. ඌ ඉංග්‍රීසියෙන් මොන මොනවද වගයක් ඇහුවා. මට ඉතින් ඉංග්‍රීසි බැහැ නේ. ඒ නිසා ඌ කියපු මෙලෝ දෙයක් මට තේරුනේ නැහැ. අන්තිමට අර මුස්ලිම් කාරයා මට ඌ කියපු ටික පැහැදිලි කරලා දුන්නා
මොනවද කියලා තියෙන්නේ
ඌ මුලින්ම අහලා තියෙන්නේ මම තවම වර්ජින්ද කියලා. අනික මගේ දඩුවම අඩු කරගන්න එයාල කියන ඕන දෙයක් කරන්න මම කැමතිද කියලා. ඒ වෙනකොට මට අවුරුදු 18 යි. මොන දේ කලත් ඒ වෙනකොටත් මම වර්ජින්. ඒ හිටපු ටිකට මට ඒ හිටපු අපායේ ඉන්න එක එපා වෙලා හිටියේ. ඒ අපායේ ඉන්න කාලය අඩු කරගන්න කරන්න බැරි දෙයක් මට තිබ්බේ නැහැ. මම කිව්වා දඩුවම අඩු කරනවා නම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැමතියි කියලා.
උන් දෙන්නම මාව විනාස කළා. ඒ විතරක් නෙවෙයි මුළු බන්දනාගාරේම ඉන්න හැම එකාවම සනසන්නත් මට සිද්ද උනා
ඉතින් දඩුවම අඩු උනාද?
මොන පිස්සුද? ඒක උන්ගේ බොරුවක්. උන් මට දීපු දඩුවම් ගැන මට ඔයාට කියන්න බැහැ.
මෙච්චර කතාවක් කිව්ව එකේ ඒ ටිකත් කියන්න මම අහගෙන ඉන්නම්
පිළිගන්නවාද මුළු බන්ධනාගාරේම ටොයිලට් ටික දිවෙන් සුද්ද කරන්න උනා කිව්වොත්
මොකක් ඔයා දිවෙන් ටොයිලට් සුද්ද කළා??
හ්ම්ම්, ඒ ගිනි ගහන අව්වේ කස පාර කනවට වඩා දිවෙන් ටොයිලට් සුද්ද කරන එක ලේසියි. මම ඒක කළා. මම එහෙම කරන හැටි උන් වීඩියෝ කළා..
ඇති ඇති ඒ කතාව ඔය හොදටම ඇති, කොහොමද ඔයා ලංකාවට ආවේ එතකොට
ඒ අවුරුදු දෙකම ගෙවිලා ගියේ ඒ විදියට. පස්සේ උන් මාව ලංකාවට එව්වා. අතේ සතයක් නැහැ මම මෙහෙ ඇවිල්ලා රස්සාවල් හෙව්වා. හම්බ උනේ නැහැ. පස්සේ දවසක් පත්තරේක දැක්කා මසාජ් ක්ලින්ක් එකකට ගැහැණු ළමයි ගන්නවා කියලා. මම ගියා. එයාල මාව ගත්තා
ඉතින්
ටික දවසකින් එයාල කිව්වා මෙතන මසාජ් වලට අමතරව සෙක්ස් පැත්තත් තියෙනවා කියලා මට තව මොනවා නැති වෙන්නද? මම කැමති උනා
තවමත් එතනද වැඩ
නැහැ මම දැන් කාගේවත් ලග වැඩ කරන්නේ නැහැ. සැප ඉල්ලන පිරිමි අපිව හොයාගෙන එනවා. අපි සර්විස් එක දෙනවා
තනියෙන් ඔහොම ඔය වැඩේ කරන කොට පොලිසියට එහෙම මාට්ටු වෙන්නේ නැද්ද?
ඔය වැඩේ කලාම හිරේ දාල ඉතුරු වැඩ කරන්නේ සවුදියේ. මෙහෙ පොලිසියේ එකාට ඕනේ එක්කෝ සල්ලි, නැත්තම් ෆ්‍රී ෂොට් එකක්. නිතිය පිටින් දාලා මුන් එක්කෝ ආතල් එක ගන්නවා. නැත්තම් සල්ලි ගන්නවා.
ඒක ඉතින් කොහෙත් එහෙම තමයි නේ. බලය තියෙනවානම් ඕන දෙයක් කරන්න පුළුවන්.
බලය ..
ඔයා දන්නවාද මෙහෙ හිටපු එක ඇමති කෙනෙකුගේ පුතෙක් කාලෙකට කලින් මාව හොයාගෙන ආවා. මිනිහා ඒ කාලෙත් ගෑනුන්ගෙන් සැප ගන්න මාර ආසයි. තාමත් එහෙමයි. දැන් එයා චන්දෙන් දිනලා. එයාට දීලා තියෙන්නේ කාන්තා කටයුතු ඇමතිකමක් ලු
ඉතින් හොදයිනේ කාන්තා කටයුතු ගැන හොදට දන්නා කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට ඒක දීලා වැඩක් නැහැ නේ
ඔව් ඉතින් බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි
ඔයාට ඉතින් හැමදාමත් එක එක මිනිස්සු එක්ක ඔය විදියට ඉදලා එපා වෙන්නේ නැද්ද?
මමත් ඉස්කෝලේ යන කාලේදී නම් හීනෙන්වත් හිතුවේ නැහැ මගේ අනාගතේ මෙහෙම ගෙවිලා යයි කියලා. ඒත් දැන් මගේ රස්සාව මේක. මම මේකට කැමතියි. මේවා කරන එකෙන් මටත් සතුටක් ලැබෙනවා. අපි එක්ක ඉන්න කෙනත් සැපක් ගන්නවා. කවුරු මොනවා කිව්වත් රස්සාවට කැමැත්තක් නැත්තම් ඒ රස්සාව කෙනෙකුට කාලයක් කරගෙන ඉන්න බැහැ. මගේ රස්සාවට මම ආදරෙයි. මම පුළුවන් කාලයක් මේක කරනවා.
ඉතින් අර ඔයාගේ කාන්තා කටයුතු ඇමතිට කියලා ඕක නීතිගත කර ගන්නවාකෝ
ඇත්තටම එහෙම දෙයක් වෙනවා නම් මම ගොඩාක් කැමතියි. මොකද අපි මේ රස්සාව කලාට ඔය ලෝකෙට හොරෙන් අපි එක්ක ඉන්න මහත්තුරුම අපේ ළමයින්ට කතා කරන්නේ ' !@#@ ගේ පුතාල කියලා. මේ රස්සාව කරන්නේ අපි. එත් බැනුම් අහන්නේ කිසි වරදක් නොකරපු අහිංසක දරු පැටවූ.
හ්ම්ම්, ඒක ඇත්ත. දැන් ඔයාට හැමදාමත් මේක කරන්න බැහැ නේ. ඊට පස්සේ ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ
ඊට පස්සෙද? ඊට පස්සේ කරන්නේ ඉතින් පුළුවන් කාලේදී හම්බ කරගත්ත ඒවා වියදම් කරන එකනේ
ඔයා සල්ලි මොකද ඊළගට කරන්නේ මොනවද කියල ඇහුවාම මතක් උනේ. මම අද ළමයෙක් වඩාගෙන ආව හිගන ගෑනු මනුස්සයෙකුට රු 1000 ක් දුන්නා. ඒ ළමයාගේ මුණ දැක්කාම මට පවු කියලා හිතුනා හලෝ.
ඔව් ඉතින් හැමදාමත් හම්බ කරලම මොකටද? හම්බ කරපු ඒවා වියදම් කරන්නත් ඕන නේ
ඔයා දන්නවද වැඩක්
ඔයා කිව්වේ නැහැ නේ ඉතින් දැනගන්න
ගිය සතියේ මට අපේ ඉස්කෝලේ අපිට උගන්නපු සර් කෙනෙක් හම්බ උනා
ඉතින්
එයා මාත් එක්ක කතා කළා. දැන් මොනවද කරන්නේ ඇහුවා. මම ඇත්තම කිව්වා සර්ට. සර් මම ඉන්න තැනත් අහගත්තා.
ඉතින්
මට ෂුවර් අනිවාර්යයෙන් සර් මාව හොයාගෙන එනවා.
....................................................................................................................................................................
හායි
ඔන්න මම ඔයාගේ කතාව ලියන්න පටන් ගත්තා.
කෝ කොහෙද?
මගේ බ්ලොග් එකේ
කෝ මටත් පෙන්නන්න
මෙන්න ලින්ක් එක
හ්ම්ම් ඔයා නියමෙට ඒ කතාව ලියලා තියෙනවා. ඉතුරු ටිකත් ඉක්මනටම ලියලා මටත් පෙන්නන්න
මම ලියලා ලින්ක් එක එවන්නම්
ඔයා දන්නවද වැඩක්
මම එදා කිව්වේ අර සර්
ඉතින් එයා මාව හොයාගෙන ආවා අද. මම එදා කිව්වා නේ සර් එනවම තමයි කියලා.
ඉතින්
එයා මට කාලෙකට ඉස්සර උගන්නපු සර්. මට තවමත් හරි පුදුමයි , ඒ වගේ ගොඩක් ඉගනගත්ත කෙනෙක්, ඒ වගේම කාලෙකට කලින් මට උගන්නපු මගේම සර් එක්ක මට අද එහෙම එකට ඉන්න ලැබුනා කියන්නේ මට තවමත් හීනයක් වගෙයි....................
...............................................................................................................................................................
මේක කලින් පොස්ට් එක කියවගෙන යද්දී ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුනු විදියේ පිරිමියාගේ අසාධාරණයට ලක්වූ කාන්තාවකගේ ශෝකාලාපයක් නොවෙන්න පුළුවන්. තව අතකින් හැම පැත්තකින්ම එහෙම අසාධාරණයට ලක්වුනු කාන්තාවක් ගැන වෙන්නත් පුළුවන්. මේ බ්ලොග් පොස්ට් එක දවස් ගානක් තිස්සේ ටික ටික කියපු ලොකු කතාවක් බොහොම සරලව ලියන්න ගත්තු උත්සාහයක් පමණයි. එකිනෙකා ප්‍රශ්නය දිහා බලන විදිය අනුව විවිධ අදහස් ලැබෙයි. මේ කතාව පිලිබදවත් තීරණය කියවන ඔබ සැමට භාරයි .....
No comments:
Post a Comment